Sunday, February 25, 2018

නීතිය හා සාමය.....රනිල් ගත්තෙ සති 2කට ....

2018 පෙබරවාරි මස 25.

නීතිය හා සාමය අමාත්‍ය ධූරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බාරගෙන ඇත්තේ සති දෙකක කාලයකට බව වාර්තා වේ.

අදාළ අමාත්‍ය ධූරය ලබාදීමට අගමැතිවරයා යෝජනා කර ඇත්තේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට බවත්, එම ධූරය ඔහුට ලබාදීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇමතිවරුන් විරෝධය දැක්වීම නිසා එම අර්බුදය විසඳාගන්නා තෙක් අගමැතිවරයා එම අමාත්‍යංශය බාරගෙන ඇති බව පැවසේ.

කෙසේවුද, ෆොන්සේකා මහතාට අදාළ අමාත්‍ය ධූරය ලබා නොදෙන්නයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද, නාහිමිවරු කිහිපනමක් හා සිවිල් ක්‍රියාකාරීන් ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

නීතියෙන් දඬුවම් වින්ද අයකුට කොහොමද නීතිය හා සාමය දෙන්නේ

මේ අතර, ප්‍රධාන නාහිමි නමක් ජනපතිවරයා අමතමින් නීතියෙන් දඬුම් වින්ද අයකුට නීතිය හා සාමය ලබාදෙන්නේ කෙසේදැවි විමසා ඇති බවද පැවසේ.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...