Thursday, October 19, 2017

වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් ආනන්ද සමරසේකර අධිකරණයට බාර වෙයි

වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් වන නඩුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට වන ප්‍රචාර හමුවේ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා අද(19) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ඉදිරියේ උසාවියට බාර විය.

ඒ අනුව රුපියල් ලක්ෂ 5 බැගින් වන ශරීර ඇප මත ඔහු මුදා හැර තිබේ. ඔහුගේ විදෙස් ගමන් ද තහනම් කර ඇත.

මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා වසීම් තාජුදීන් ඝාතනයේ සැකකරුවෙකු ලෙස නම් කර ඔහු අත්අඩංගුවට ගැනිමට වරෙන්තුවක් නිකුත් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොක්සි මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ එම ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය අද දිනයේ නිකුත් කිරිමට නියමිතව තිබියදී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා මෙලෙස අධිකරණයට බාරවී ඇති අතර ඔහු වෙනුවෙන් ඇප ඉල්ලීමක්ද ඉදිරිපත් කර තිබිණි.

No comments:

Post a Comment