හිතවත් ඉතාලිය වසර ගණනාවක් අපට රැකවරණය දුන් ඔබ,මේ කණගාටුදායක මොහොතේ ඔබලා සමඟින් ඒ දුක බෙදාගැනීමට ඔබලාගේ පාපන්දු ලෝලී ශ්‍රීලාංකික අපද එක්වන බව සැලකුව මැනවී.
අපගේ වෑයම සුදුවතට මුවා වී හොරකම, දුෂණය, වංචාව ජීවිතය කර ගත් තක්කඩි දේශපාලුවන්ගේ නිරුවත රට ඉදිරියේ පෙළගැස්විමයි.
▼
Wednesday, November 15, 2017
මුළු ඉතාලියටම ලැබුවාවු අවාසනාවන්ත සිදුවීම
ඉතාලිය විරැකියාව,ආර්ථික සංවර්ධන කටයුතු අඩාලවීම ඇතුලු නොයෙකුත් බාධා අගහිඟ කම්වලින් පීඩා විඳිමින් සිටින මොහොතක ලෝකයේ පාපන්දු ශූරයන් අතර ඉහළින් සිටි ඉතාලිය අවුරුදු 60 කට පසු ලබන වසරේ රුසියාවේදී පැවතීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට සුදුසුකම් ලැබීමේ තරඟයකදී ස්වීඩනයට පරාදවී අවාසනාවන්ත ලෙස ඉවත්වී අන්ත අසරණ තත්වයකට පත්විය. තරඟය අවසානයේ ඉතාලි පාපන්දු කණ්ඩායමේ නායක ජීජී බුෆෝන් gigi buffon සමඟින් ඉතාලි ජාතික ක්‍රීඩා ලෝලීන් හැඞු කඳුලින් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව ගිය අයුරු දක්නට ලැබුනි.මෙම අවාසනාවන්ත සිදුවීම සමඟින් නායක ජීජී බුෆෝන්ට තම 6 වන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට සහභාගී වී ලෝක වාර්තාවක්ද තබමින් පාපන්දු ක්‍රීඩාවෙන් සමුගැනීමට තිබූ මහඟු අවස්ථාව අහිමි විය.කෙසේ වෙතත් ක්‍රීඩා ලෝලී ඉතාලි ජාතිකයින්ගේ මැලවුනු මුහුණු මඟ තොටේදී දකින්නට ලැබුනි.




No comments:
Post a Comment