Tuesday, November 21, 2017

ලියවිලි දෙන්නත් කලින් හැඳුනුම්පත දීලා

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරියගේ ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමට අදාළව ඇතැම් ලිපි ලේඛන පසුව ලබාදෙන පදනම මත හැඳුනුම්පත නිකුත් කරන ලෙසට හිටපු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමෙන්තුවේ බලාත්මක නිළධාරිවරයා සාක්ෂි ලබා දෙමින් පැවසීය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඉදිරියේ අද (20) පැවති නඩු විභාගයේදි මෙලෙස සාක්ෂි ලබා දෙනු ලැබුවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමෙන්තුවේ බලාත්මක නිළධාරී පැලැද ලියනගේ ප්‍රභාත් රාජේන්ද්‍ර පෙරේරා මහතාය.

ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුවේ හරස් ප්‍රශ්න සඳහා නඩුව ලබන දෙසැම්බර් මස 04 වැනිදා තෙක් කල් තැබිණි.

No comments:

Post a Comment