Monday, December 11, 2017

මුළු යුරෝපෙටම දැඩි හිමපතනයක්.

සමහර ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 10 පමණ දක්වා පහත බසිනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර සමහර ග්‍රාමීය ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 14 පමණ දක්වා පහළ යනු ඇතැයි ද අනුමාන කෙරේ.
 යුරෝපෙයේ ඇතැමෙක් දුකට කවි ලියයි...

හිරු එලිය දකින්නවත් නැති
මේ දවස්වල
දරාගන්න බැරි ශීතලෙන්
උබේ ඇඟ බේරගෙන
වැඩ කරන්න උබ දුන්නෙ
පුදුම ගේමක්..
දවසක් දෙකක් ,මාසයක් නෙමෙයි
අවුරුදු ගානක් උබ මේ
අත්දැකීම විඳිද්දී
රෙදි පොටවල තුන හතරකින්
ආවරණය වෙච්ච
උබේ හම සුදු වෙලා
රතු පැහැ වෙන්න
වැඩි කාලයක් ගියේ නෑ..
සුදු වෙච්ච උබේ හම
දැකපු යාලුවො කිව්වෙ,
"මචං උබට සැප නේ.."
ගමේ උන් කිව්වෙ,
"මෙහෙ කොහොමට හිටපු එකාද ,
දැන් බලපංකො"
උබේ කෙල්ල කිව්වෙ,
"අයියෙ මාවත්
ඔයා ලගට ගෙන්න ගන්නකො"
උබේ ගෑනි කිව්වෙ,
"තමුසෙ පාට වැටුනට කමක් නෑ
ඔහේ ඉන්න සක්කර වට්ටමක්
නම් එල්ලගෙන එනව නෙමෙයි.."
උත්තර දෙන්න බැරි ප්‍රශ්න ගොඩක
හිරවෙච්ච උබෙන්...

 #අම්මා ඇහුවේ

"මගේ පුතාට,

ඔය ශීතල දරාගන්න පුලුවන්ද?"

No comments:

Post a Comment