Monday, December 11, 2017

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය යයි ගැසට් නිවේදනය සම්මතයි.

දෙසැම්බර් 11, 2017.

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත්කළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයෙන් සම්මත විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 52 ක් ලැබුණු අතර යෝජනාවට විරුද්ධව ඡන්ද 08 ක් ලැබුණි. ඒ අනුව වැඩි ඡන්ද 44 කින් එය අද (11දා) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
පසුගිය 09දා ජනාධිපතිවරයා විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත්කළ අතර ඒ අනුව මගී හෝ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන සියළුම පොදු ප්‍රවාහන සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් වේ.

No comments:

Post a Comment