Tuesday, December 19, 2017

මිගමුවේ ප්‍රධාන සංවිධායක ධුරය ලලිත්ට දීම ගැන කලකිරී නිමල් ලන්සා ඉල්ලා අස්වේ.....

දෙසැම්බර් 20, 2017.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කලකිරී තමන් ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් ලන්සා මහතා පවසයි.

ධුරයෙන් ඉල්ලා අස්වූ ලිපිය...

මිගමු ආසනයේ වැඩ කිරීමේදීද තමනට ගැටළු තිබූ බව ඔහු සදහන් කරයි...

නිමල් ලන්සා මන්ත්‍රීවරයා මෙලෙස නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්වූයේ ඇයිදැයි යන්න පිළිබඳව තවමත් කරුණු පැහැදිලි කර නොමැත.

ඔහු මාධ්‍යට පවසා තිබුණේ ඉදිරියේදී ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට මාධ්‍ය හමුවක් කැඳවන බවය.

තම අස්වීමට හේතු ජනාධිපතිවරයා ද හමුවී පැහැදිලි කරන බව ඔහු පැවසුවේය.

කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ඔහු එකාබද්ධ විපක්ෂ කණ්ඩායමට එක්වී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත සහාය පලකරනු ඇති බවය.

No comments:

Post a Comment