Wednesday, December 13, 2017

ශ‍්‍රීලනිප-ඒකාබද්ධ සමගි සාකච්ඡ වලට අලූත් මැදිහත්කරුවන්.. රතන හිමි සමග ගෝඨාභය රාජපක්‍ෂ...

 දෙසැම්බර් 14, 2017.

ඒකාබද්ද විපක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමගි කිරීම සදහා වන තවත් උත්සාහයක් ක‍්‍රියාත්මක වෙමින් ඇතැයි සති අන්ත පුවත්පත් වාර්තා කර ඇත.

මේ සදහා ප‍්‍රධාන වශයෙන් මැදිහත් වෙමින් සිටින්නේ එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු මෙරට ප‍්‍රධාන පෙලේ භික්‍ෂූන් වහන්සේලා කිහිප නමකි.

එමෙන්ම ඒ සදහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද මැදිහත් වෙමින් ඇති බව වාර්තාවන්හි දැක්වෙයි.

දෙපාර්ශවය සමග කරවීම සදහා ගන්නා මෙම උත්සාහයේ සාර්ථක අසාර්ථක භාවයක් සම්බන්දයෙන් එම වාර්තාවන්හි කිසිදු තොරතුරක් වාර්තා නොවෙයි.

No comments:

Post a Comment