Saturday, January 27, 2018

මාධ්‍ය ඒකකයට ජනපතිගේ බැඳුම්කර නිවේදනය වැරදුනේ ඇයි?... (VIDEO)

2018 ජනවාරි මස 27.

පනස් වසරක තම දේශපාලන දිවියේ ප්‍රථම වතාවට කිහිප දෙනෙකුගේ සහය ඇතිව ඉදිරිපත් කළ පලමු කතාව බැඳුම්කරය පිළිබඳව කළ විශේෂ ප්‍රකාශය බව ජනාධිපතිවරයා පවසයි.

“නීතිපතිතුමා ගෙනල්ලා, අල්ලස් දුෂණ කොමිසමේ අධ්‍යක්ෂ ‍ජෙනරාල්තුමා මහ බැංකු අධිපතිතුමා ඒගොල්ලො ගෙනල්ල සාකච්ඡා කරලා නිතිඥ මහත්තුරුන්ගේ උපදෙස් මත හදාගත්ත ප්‍රකාශයක් තමයි මම කළේ. මගේ ජිවතේ පලවෙනි වතාවට මම තනියෙන් නොකර යම් පිරිසකගේ සහයෝගයෙන් ප්‍රකාෂයක් කරපු පලමු වතාව” යි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේය.

බොහෝ දෙනා සමග හවුල්වී සකස් කළ බව ජනාධිපතිවරයා විසින් කියන ලද කතාවේ ඉංග්‍රීසි මාධ්‍ය නිවේදනය ජනාධිපති මාධ්‍ය ඒකකය හතර වතාවක් නිවැරදි කරමින් මාධ්‍ය ආයතන වෙත යවා තිබුණි.

බැඳුම්කර වාර්තාව පිළිබඳව විශේෂ ප්‍රකාශය සිදු කිරිමට ඉක්මන් වුයේ තමන්ගේ අවශ්‍යතාවය නිසා නොවන බව කී ජනාධිපතිවරයා එය ඉක්මන් කරන ලද්දේ විපක්ෂයේ පිරිස් වල බල කිරිම මත බව 26 සිකුරදා මාධ්‍ය ආයතන ප්‍රධානින් සමඟ පැවති හමුවකදි ප්‍රකාශ කළේය.

වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක....


No comments:

Post a Comment