Wednesday, March 21, 2018

ඉතාලි රැදී සිටීමේ.....බලපත්‍රය අලුත් කිරීම..... ප්‍රතික්ෂේප වුවහොත්.....

2018 මාර්තු මස 22.

ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රය අළුත් කිරීමේ ක්‍රමවේදය තුල එය අලුත් කිරීම සදහා අත්‍යවශ්‍ය සුදුසු කම් ⁣නොමැති බව අනාවරණය වුවහොත් Questura පොලිස් මූලස්ථානය හට එය අලුත් කිරීම නවතා දැමීමට හැකියාවක් ඇත.

නිදසුනක් වශයෙන්, පොලිස් මූලස්ථානයේ ආගමන කාර්යාලය විසින් කැඳවීමක් කොට, ලියවිලි ඉදිරිපත් කිරීමට කාලය ලබා දෙමින්, ලිපියක් මර්ගයෙන් දැනුම් දීමක් කල හැකියි. එය ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රය අලුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමේ ක්‍රියාවලිය ඇරඹු බවට කරන්නාවූ දැනුම් දීමයි.

මෙහිදී විදේශිකයාගේ නොපැමිණීම හෝ අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කිරීමට අසමත්වීම හෝ පැහැදිලිව හේතුන් ඉදිරිපත් කිරීමට නොහැකි වීම මගින් ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රය අලුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට හේතු විය හැකියි.

බොහෝ අවස්තාවන් හීදී මෙම දැනුම් දීමේ ලිපිය ලැබීමත් සමග දින 30 ක් ඇතුළත හේතු ඉදිරිපත් කිරීමට හා ලියවිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීමට Questura කටයුතු කල යුතුයි.

ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රය අලුත් කිරීම ප්‍රතික්ෂේප වුවහොත් Prefettura වෙත දින 30ක් ඇතුලත නීතිඥයකු මාර්ගයෙන් අභියාචනයක් ඉදිරිපත් කල හැකියි.

නීතිඥ සචිනි වර්ණකුලසූරිය
39 388 6279735

No comments:

Post a Comment