Monday, October 30, 2017

සයිටම් සම්බන්ධයෙන් එක එක කට්ටියට අවශ්‍ය විසඳුම්




දොස්තරලා: ලෙඩුන් වැඩි වෙන අනුපාතයට වඩා දොස්තරලා වැඩි වෙන අනුපාතය අඩුවෙන් තියෙන විසඳුමක් ඕනැ.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ: කැම්පස් සිලෙක්ට් වුණ අපට විතරක් උගන්නන අනෙක් උන් මෝඩයන් වෙන ක්‍ර‍මයක් හදන්න ඕනැ.

වාමාංශිකයෝ: නෙවිල් ප්‍ර‍නාන්දුවයි, සයිටම් එකට සල්ලි දුන්න එවුන්වයි ලංකාවෙ අනෙක් සල්ලි තියෙන එවුන්වයි ඔක්කොම දුප්පත් කරන විසඳුමක් ඕනැ.

ආණ්ඩු විරෝධියෝ: අපට විසඳුමක් ඕනැ නැහැ. කොහොම හරි ආණ්ඩුව පෙරළන්න තමයි ඕනැ.

අධ්‍යාපනය නිදහස වෙනුවෙන් පෙනිසිටින: පෞද්ගලික අධ්‍යාපනය ද ඇතුළත්ව අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින ප්‍රජාව සංඛ්‍යාත්මකව ගත්තොත් සයිටම් විරෝධීන්ට වඩා වැඩියි. එහෙම සංදර්භයක් ඇතුළෙ ආණ්ඩුව විසඳුම් දෙන්න ඕනැ සයිටම් විරෝධීන්ගෙ ආන්තික ඉල්ලීම්වටල ය කියලා කියන්නට තියෙන පදනම මොකක් ද? සයිටම් කියන්නෙ මහා ප්‍රශ්නයක සුළු කොටසක් විතරයි. සයිටම් විරෝධීන්ගෙ දේශපාලනය සම්බන්ධ වෙන්නෙ අන්න ඒ නැට්ට එක්කයි. නැට්ට නෙමෙයි බල්ලාව නටවන්නෙ.බල්ලා තමයි නැට්ට නටවන්නෙ.

ආණ්ඩුව: කට්ටියම එකතු වෙලා එකක් කියපල්ලා, කරන්න.


No comments:

Post a Comment