Sunday, October 29, 2017

අහෝසි කරන්නේ සයිටම් නොව සයිටමයේ වෛද්‍ය පීඨයයි



වෛද්‍ය පීඨය විසුරුවා හැර අලුතෙන් පිහිටවීමට යන ආයතනය රජයේ නොවන ආයතනයකි.එය මුදල් අයකරන එහෙත් ලාභ අපේක්ෂා නොකරන ආයතනයකි .

ලැබෙන ආදායම, වියදම් ඉක්මවා යන විට ලාභ මුදල ශිෂ්‍යත්ව සහ පර්යේෂණ කටයුතු සඳහා වෙන් කරනු ඇත .

නව ආයතනයට සයිටම් වෛද්‍ය පීඨයේ දැනට ඉගනුම ලබන සිසුන් බඳවා ගත යුතුය .

සයිට්ම් වෛද්‍ය පීඨයෙන් දැනටමත් උපාධි ලබා පිටව ඇති සිසුන් සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව අනුව කටයුතු කරනු ඇත

ඔවුන්ට සායනික පුහුණුව රජයේ රෝහල් මගින් ලබා දිය යුතුය .

එකඟවූ වෛද්‍ය අධ්‍යාපනය හා පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප්‍රමිතීන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ගැසට් කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.


No comments:

Post a Comment