Thursday, November 9, 2017

බූමිතෙල් වැදුනු ගැරඬියෙකු ලෙස හැසුරුනු ජනාධිපතිවරයා තම හෙලුව ලෝකයටම පෙන්නයි

දේශපාලනඥයෙකුට විවේචන, උපහාස මෙන්ම කොටින්ම අපහාසත් විඳ දරා ගැනීමට හැකිවිය යුතුය​. ඊයේ බූමිතෙල් වැදුනු ගැරඬියෙකු ලෙස හැසුරුනු ජනාධිපතිවරයා, වෙබ් අඩවි තහනමින් ඔහුට මඩ ගසන අය නතර කල හැකියයි සිතන්නේ නම් මෝඩයෙකි.

ඊනිවුස් හිටපු ජනාධිපතිවරායා ඇමරිකාවේ රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටින විට​ ඔහුගේ පයියේ එක්ස් රේ එකක් බිත්තියේ එල්ලා, ඔහු ඇඳේ සිටිමින් නාමල්ට තරුණ කාලේදී හැසිරිය යුතු ආකාරය ගැන උපදෙස්දෙන කාටූනයක් පලකල දින රාත්‍රියේ "කවුදෝ කට්ටියක්" මුලු කාර්‍යාලයම ගිනිතිබ්බේය​.(ඒ ගිණි තැබූ අය ගැන අලුත් ආණ්ඩුව කිසිම පරීක්‍ෂණයක් කර නැත​) ඊට පසුව ඊනිවුස් තහනම් කලේය​. නමුත් ඊනිවුස්වත් මහින්දව විවේචනය කරන අයවත්, මඩ ගසන අයවත් නතරවූයේ නැත​. එයින් වූයේ ඊනිවුස් තවතවත් අසීලාචාර ලෙස රාජපක්‍ෂලාට බැන වැදීමය​.

සාමාන්‍ය මිනිසුන් පසෙක තිබේවා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය ගැන යහපාලනය ගැන දොඩවන මහාචාර්‍යවරු පවා මට කීවේ එහෙම කිව්වෙ නැත්නම් මුන්ට (රාජපක්‍ෂලාට) නොතේරෙනබවය​. මඩකරියෝ හැම දාම මඩ ගසති, කට කතා පතුවරති, කැළෑ පත්තර ගසති - නව තාක්‍ෂණය එන්නට පෙර කරපු දේම අදත් කරති. ඊයේ ඊනිවුස් තහනම් කිරීමෙන් පෙනෙන්නේ ජනාධිපතිවරයාට වත්මන් ලෝකයේ මාධ්‍ය තබා පොළොන්නරුවේ කටකතා කැළෑ පත්තර දේශපාලනය ගැනවත් අවබෝධයක් නැති බවය​.

යහපාලනයක් ගැන කතා කරන ජානාධිපතිවරයෙකු බූමිතෙල් වැදුනු ගැරඬියෙකු ලෙස හැසිරීම හොඳ නැත​. හාමුදුරුනමකගේ අනුස්මරණ උත්සවයකදී කොහොමත් හොඳ නැත​. මේවා කරන්නේ එතුමා "ලබා දුන් නිදහස​" අයුතුලෙස භාවිතා කිරීමෙන් යැයි කීම ඊට වඩා ගොන් කමකි.
මාධ්‍ය සීලාචාර කිරීමට අවශ්‍ය නම්ජනාධිපතිවරයා පලමුවෙන්ම සිය පුතාගේ අධීක්‍ෂණය යටතේ, ජනාධිපති ලේකම් කාර්‍යයාලයේ වැටුප්/වාහන​/ හා අනෙකුත් වරප්‍රසාද ලබාදෙමින් ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකු ගොඩනැගිල්ලේ පවත්වාගෙන යන ජනාධිපති ගෝලයින්ගේ මඩ වෙබ් අඩවි නතර කර පෙන්විය යුතුය​.

හොඳින් මතක තබා ගන්න "තොරතුරු ලබා ගැනීමේ පණතක් ඇතිබව" මේ ලැයිස්තුව ලඟදීම එලියට ඒවි, එදාට වටේ ඉඳන් ගොන්කතා කීමට ඔබට උපදෙස් දෙන අයගේ පමනක් නොව ඔබේත් රෙදි ගැලවෙනු ඇත​.

No comments:

Post a Comment