අපගේ වෑයම සුදුවතට මුවා වී හොරකම, දුෂණය, වංචාව ජීවිතය කර ගත් තක්කඩි දේශපාලුවන්ගේ නිරුවත රට ඉදිරියේ පෙළගැස්විමයි.
▼
Thursday, November 9, 2017
අපේ රටේ නමට යුරෝපයට යවන මාලදිවයිනේ මාලු
ආයෝජන මණ්ඩල බදු සහන ලබාගනිමින් මෙරටට පැමිණ අපේ රටේ මාලු යුරෝපයට යවන සමාගම් මාලදිවයිනෙන් මාලු ආනයනය කර ප්‍රති අපනයනය කිරිම හේතුවෙන් අපේ රටේ ධීවරයන් මහ මුහුදේ දුක්විඳ අරගෙන එන මාලු අස්වැන්නට මිලක් නොමැතිවිම තුල තම කර්මාන්තය කඩා වැටිමේ තත්වයක් ඇති තිබෙන බව සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය පවසයි, අපේ රටේ මාලු තොග සඳහා ලැබෙන ජි එස් පි සහනයට මුවා වි මාලදිවයිනේ ධිවරයන් හා මාලදිවයින් ආර්ථිකය ශක්තිමත් කරන මෙම සමගම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවදානය යොමු වියයුතු බවත් ලංකාවේ ආර්ථිකය හා ධිවරයා ආරක්ෂා කිරිමට වැඩ පිළිවෙලක් සකසාදෙන මෙන් බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය මාධ්‍ය හමුවකට එක්වෙමින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය, අගෝස්තු මාසයේ සිට ජනවාරි කාලය දක්වා ලංකාවේ ධීවර ප්‍රජාවට හොඳ මාලු අස්වැන්නක් ලැබෙන බැවින් එම කාලසීමේදි මාලදිවයිනෙන් ගෙන එන මාලු තොග සීමා කර තම කර්මාන්තය ආරක්ෂා කරදෙන ලෙසත් මෙරට ආණ්ඩුවේ වගකීම පිටරැටියන්ගේ කර්මාන්තය ආරක්ෂා කිරිම හෝ පිටරැටියන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරිම නොවන බව තම විස්වාසය බැවින් මෙම ඉල්ලිම්ම් ඉටුකරලීමට ඉක්මන් පියවර ගන්නා ලෙසත් රජයෙන් ඉල්ලා සිටියි....

No comments:
Post a Comment