Friday, April 20, 2018

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....


2018 අප්‍රේල් මස 20.

2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් අදින්න බලන සුනඛ නායකයා තවත් අඩවුවක් ඇල්ලීමේ රහස් කතාවක් මේවනවිටත් එංගලන්ත වේලාවෙන් රාත්‍රි 22.12 වන විටත් පවත්වමින් ඇති බවට අපවෙතට ඉතාම විශ්වාසි දායක් තොරතුරක් ලැබීඇත.

චන්දිම විරක්කොඩි හා කුපක් ප්‍රකට වාචාල කටක් ඇති ඩිලාන් ලා ගෙන්වා ගත්තේත් මෛත්‍රි විසින්මය . මෛත්‍රි ගේ මේ මෙහෙයුම වන්නේ

 
පාර්ලිමේන්තුව ඇරබීමේ රාජාසන කතාව කිරීමෙන් පස්සුව ඡන්ද විමසීමකට ලක් කොට ඉන් ජනාධිපති ගේ කතාව වැඩි ඡන්ද යෙන් පරාජය කර ගැනීමට දැන් මේ මොලේ කලදක් නැති සුනඛ නාම්බට උවමනාවීඇත.

මෛත්‍රි වෙතට ඩිලාන්ලා පැමිණියේ මහින්දගේ පණිවිඩයද රැගෙනය. ඉන් පසුව සිදුවන්නේ සමස්ථ අගමැති ප්‍රධාන කැබිනෙට් ම|න්ඩලය විසුරවා හැර මහින්ද අගමැති කොට ශ්‍රි ලංකා නිදහස පක්ෂ ආණ්ඩුවක් යටතේ රට කරවීමය.

මේ සුනඛ නාටකයෙන් සිදු වන්නේ ස්ථිර වශ යෙන්ම රට තවත් ලෝකයා ඉදිරියේ අසථාවරත්වයට ඇද දැමීමකි.

මෛරි දැන් ඒ දේ කිරීමට මැයි 08 වෙනතුරු ගනන් බලමින් කුමන්ත්‍රණය කරමින සිටී....


දවසේ ඔත්තුකරු ….ලන්ඩන් සිට ලියයි……



Friday, April 13, 2018

ගෝලයෝ රොත්තයි.....මහදැන මුත්තයි රටම කමින්.....අවුරුදු සමරයි.....

2018 අප්‍රේල් මස 13.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති මෙතෙක් කලක් තම පරාජිත ගෝලයෝරොත්තත් සමග ජනතාවට හොරා හැංගි හැංගි වෙස් බැද අප්‍රේල් 04 වන දින නැටුව නැටු මෙන් ජනතාවට තවත් රුපියල් එක් කෝටි හතලිස් ලක්ෂයකට ආසන්න මුදලක් අහිමි විය.

ජනතාවට යහපාලනය ගැන කියා දෙන නායකයන් තම අනුගාමිකයන්ට යහපාලනය ගැන කියා දීමට තබා මෛත්‍රිවත් අඩුම තරමින් ඒ වචනයේ අර්ථයවත් දන්නවාදැයි විශාල සැකයක් ඇත.

රනිල් අගමැති කලේත් ,පැරදුන ඇමති රොත්තකට ජනතා මුදලින් සුර සැප දුන්නේත් මෛත්‍රි මිස ජනතාව නොව.

රනිල් මෛත්‍රි දෙදෙනා යහපාලන යක් අටවා උන්ගේ පැරදුන ඇමති වරුන්ට විශාල ලෙසට වර දාන වරප්‍රසාද දුන්නා මිස ජනතාව ගේ දුප්පත්කම නැති කිරීමට කිසිදු පිලිගත් ක්‍රම වේදයක් කලේ නැත.

දැන් තටමන්නේ හීනෙන් නැගිට්ට ළමයි සේ වසරක් තුලදී මහා කප්පරයක් කිරීමට තටමමින් ඇත.කොහොම නමුත් රනිල් ගේ විශ්වාස භංග යෝජනාව ආපිට කැරකී නැවටහ මෛත්‍රි කුජීත විය මෛත්‍රි බලලුන් ලවා කොසැට බාවමින් එස්බිලා සුසිල්ලා පාවා ඩ්ගෙමින් මෛත්‍රි ඉතාම හොද මිනිහා සේ පසු ගිය දා ඔනෑවටත් වඩා අමතර උනන්දුව කින් රනිල්ට ලෙන් ගතුව කටයුතු කිරීමම ඔහු ගේ ගුණ මකු කම තව තවත් ඉතාම හොදට ප්‍රදර්ශනය කරෙන්නක් විය.
ඉතාම කෙටි කාලයක් තුලදී ජනතාවට එපාම ඌ නින්දිතම රාජ්‍ය නායකයාත් ශ්‍රි ලංකාවෙන්ම බිහිවන බවනම් කැට තියා කිව හැකිය.

මහින්ද ගේ කොපමණ වැරදි තිබුනත් කිසිදවසක මහින්ද නායකත්වය බල්ලට දැමුවේවත් ඒ වගකීම ඉටු නොකර සිටි යෙවත් නැත. ඔහු ඇත්තටම රටට නායකත්වය දුන්නාය.

දැන් කොකා ඉගිල හමාරය මෛත්‍රි කවුද කුමන අරමුනක් අරබයා මෛත්‍රි දැන් ගන්මන් කරනවාද යන්න රටේ ජනතාවත් ලෝකයත් දැන් හොදට දනී.

තවත් මෛත්‍රිට ඉතුරුව ඇත්තේ.

මෙපමන කලක් තමා කපාගත වලට පවුල පිටින් පැන තමාගේම කාලකන්නි ඇමති මන්ඩලය ලවා පස් දමාගැනීම පමණි ජනතාව එදාටත් ජනතාවගේ යුතුකම නොපිරිහෙලා ඉටුකරමින් පානසකුලය දීමට මේ වන විටත් සැදී පැහැදී ඇත.

අජිත් තෙන්නකෝන්...

Thursday, April 5, 2018

අලුත් ආණ්ඩුව ලබන සඳුදා......නව ඇමැති මණ්‌ඩලයක්‌ .....ශ්‍රීලනිප ඇමතිවරු 6ක් දොට්ට...

2018 අප්‍රේල් මස 05

යහපාලන ආණ්‌ඩුවේ අලුත්ම කැබිනට්‌ මණ්‌ඩලය ලබන සඳුදා (09 වැනිදා) දිවුරුම් දෙන බව සම කැබිනට්‌ ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ආණ්‌ඩු පක්‌ෂයේ මැති ඇමැතිවරුන් අතරින් විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය නොදුන් කිසිවකුට තවදුරටත් ආණ්‌ඩු පක්‌ෂයේ කටයුතු කළ නොහැකි බව ඇමැතිවරයා සඳහන් කළේය.

විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළ හෝ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි ඇමැතිවරුන්ට මෙන්ම විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ මැති ඇමැතිවරුන්ට ද තවදුරටත් සදාචාරාත්මකව ආණ්‌ඩුවේ සිටිය නොහැකි බව ඇමැතිවරයා පැවසීය.

ඒ අනුව සඳුදා සිට පිරිසිදු ආණ්‌ඩුවක්‌ සකස්‌ කරන බවත් ඒ එය කැබිනට්‌ සංශෝධනයක්‌ නොව නව අමාත්‍ය මණ්‌ඩලයක්‌ දිවුරුම් දීමක්‌ බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය ද වෙනස්‌ විය හැකි බව ද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

“ඡන්දය දුන්නේ නැති අයට තවදුරටත් ආණ්‌ඩුවේ ඉන්න බැහැ. ඉවත් කරන්න කලින් ඒ අය යා යුතුයි. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි සඳුදා නව කැබිනට්‌ මණ්‌ඩලය දිවුරුම් දෙනවා. විශ්වාසභංගය තමයි අපේ හැරවුම් ලක්ෂ්‍යය“ යැයි ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

හෙතෙම මේ බැව් පැවසුවේ ඊයේ (04) පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර අංක 01 හි දී පැවති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

මේ අතර විශ්වාස භංගයේදී ආණ්ඩුවට එරෙහිව ඡන්දය භාවිත කළ ඇමැතිවරුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද(05) ලිඛිතව ඉල්ලීමක් කළහ.


ආණ්ඩු විරෝධී කැබිනට් ඇමැතිවරුන් ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් හඳුන්වා ඇති ඇමැතිවරුන් වන්නේ එස්.බී. දිසානායක, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත්, චන්දිම වීරක්කොඩි සහ දයාසිරි ජයසේකර යන ශ්‍රීලනිප ඇමැතිවරුන්ය.

පැවැති විශ්වාසභංග යෝජනා ඡන්ද විමසීමෙන් පසුව එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 33 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම ලිපිය ඉදිරිපත් කර ඇත.

ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේනය කිරීම, කැබිනට් තීරණ විවේචනය කිරීම ආදී ආණ්ඩු විරෝධී ක්‍රියා හේතුවෙන් ඔවුන්ව මෙලෙස ආණ්ඩුවෙන් ඉවත් කරන ලෙස ඔවුන් ඉල්ලා තිබේ.


එහි පිටපතක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද යොමුකර ඇත.



Wednesday, April 4, 2018

රනිල් ගේ විශ්වාස...භංගයෙන් එලියට ආව...රටේ අපරාධ කරුවෝ…

2018 අප්‍රේල් මස 05

මේ වන විට අගමැති රනිල් වික්‍රමසිංහට විරුද්ධව පැවැත්වෙන විශ්වාස භංග යෝජනා පිලිබදව විවාදයෙන් රටේ ජනතාව පාර්ලිමේන්තුවට යවා ඇත්තේ කවුරුන්ද යන්න මේ වන විට රටටම හෙලිවී ඇත.

මෙයි ලැජ්ජහ විය යුත්තේ තම තමන්ම පාර්ලිමේන්තු යවා ඇත්තේ තමාගේම මුදල් හොරකම් කවපු, මිනිමරපු කිසිම ආධ්‍යාපන සුදුසු කමක් නැති හොරු ,මංකොල්ලකරුඅවන් තමාම ඡන්දය දී පාර්ලිමේන්තු යවා ඇති බව ඉතාම සවිස්තරව ජනතාවට අද දැන් ගැනීමට හැකි විය.

දැන් ජනතාව ලැජ්ජහ විය යුත්තේ මෙවනි හොරුන් තමා වෙනුවෙන් පාර්ලිමේන්තු යවා උන්ගෙන් කුමක් බලාපොරොත්තු විය හැකිද කියාය.

රනිල් ගේ විශ්වාස භංගයට පිං සිදුවන්නට දැන් රටටම හෙලිවි ඇත්තේ රටේ නමගිය අපරාධ කරුවන් මිනිමරුවන් දුෂිතයන් සිටින්නේ වැලිකඩ නොව පාර්ලිමේතුවේ බවය.

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...