Tuesday, October 31, 2017

ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනා පැන ගිහින්

හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත් මහතා ඇතුළු පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා මුල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඊයේ (31) දින ඔවුන් පදිංචි ස්ථානවලට ගොස් ඇති අතර ඒ වන විටත් ඔවුන් එම ස්ථානවලින් පළා ගොස් ඇතැයි ද ඔවුන් සිටින ස්ථානයක් පිළිබඳ පිළිගත හැකි තොරතුරක් නිවැසියන් විසින් ලබා දී නොමැති බවත් මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසයි.

මූල්‍ය අපරාධ කොට්ඨාසය මෙසේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත්තේ ගාමිණී සෙනරත් මහතා , අධ්‍යක්ෂවරයකු වූ නීල් හපවින්න මහතා සහ පියදාස කුඩා බාලගේ යන තිදෙනාය. පසුගිය කාලයේදී කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ රුපියල් කෝටි සිය ගණනක් වටිනා ග්‍රැන්ඩ් හයිට් හොටෙල් ව්‍යාපෘතිය නමින් විශාල ව්‍යාපෘතියක් ඉදිකිරීම හා සම්බන්ධයෙන් සිදු වී ඇති අති විශාල මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශයට ලැබුණු පැමිණිල්ලක් මත පරික්ෂණ සිදු කෙරැණි.

එම පරීක්ෂණ අවසානයේදි මෙම තිදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා‍ පෙරේදා 30 ඔවුන් මුල්‍ය අපරාධ කොට්ඨාශව වෙත කැඳවා තිබුණත් ඔවුන් එදින නොපැමිණි අතර ඊයේ දින නීතීඥයකු මාර්ගයෙන් පැමිණෙන බව දැනුම් දී තිබුණි. ඊයේ දිනද ඔවුන් මුල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනි නොසිටි අතර අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් මෙසේ ඔවුන් සිටි ස්ථාන වෙත ගොස් තිබුණි.

මේ තිදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමටත් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහාත් මූල්‍ය අපරාධ කොට්ඨාශය මේ සම්බන්ධව කොටුව මහේස්ත්‍රාත් වෙත කරණු වාර්තා කර අධිකරණ අවසරයද ලබා ගෙන තිබුණි. මේ වන විටත් මේ තිදෙනා අත් අඩංගුවට ගැනීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාශ නිලධාරීන් කටයුතු කරගෙන යන අතර ඔවුන්ට මෙරටින් පළා යාමට ඉඩ නොලැබෙන පරිදි අවශ්‍ය නිතිමය පියවරද ගෙන ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාශය පවසයි. 

නව නීතියට අනුව බාලවයස්කාර දරුවන්ට බලපත්‍රය පිලිබද නීති.


පසුගිය දිනයන්හී මා හට හොදින් අධ්‍යනය කිරීමටත් පිලිතුරැ සොයා විසදීමටත් සිදුවූ නීතිමය ගැටලුවක් සම්බන්ධයෙන් ඉතාලියේ වෙසෙන ලාංකිකයන් දැනුවත් කරීම නීතිවේදීනියක් ලෙස මගේ වගකීමක් යැයි සිතුනේ මාද ඉතාලියේ රෝම නගරයේදී කුඩා දැරියක් ලෙස දෙමාපියන් සමග රැදී සිටීම හේතුවෙන්.
ඉතාලියේ ජීවත්වන විදේශිකයන්ගේ බාලවයස්කාර (වයස 18 අඩු) දරැවන් හට දෙමාපියන්ට සමගාමීව ඔවුන් යටතේ ලබා දුන් රැදී සිටීමේ බලපත්‍රය පිලිබද නීති සංශෝධනය වීම පිලිබදව නොදැනුවත්කම හේතුවෙන් නිවාඩුව ගතකිරීමට මව සමග ලංකාවට ගිය ඉතාලියේ ඉපදී අධ්‍යාපනය ලබමින් හැදුන වැඩුන වයස අවුරැදු 13ක් වු දැරියකට එම නීති සංශෝධනය යටතේ නැවත ඉතාලියට පැමිනීම වලක්වනු ලැබුවා.
නීතිය දිනෙන් දින වෙනස් වන බව, සංශෝධනය වන බව, අප කවුරැත් දන්නා කාරණයක්.
නමුත් මෙම වෙනස් කිරීම් හෝ සංශෝධනයන් පිලිබදව දැනුවත් වී ඒවාට හැඩගැහෙමින් කටයුතු කිරීම සැමගේ වගකීමක්. එවිට මුහුන පෑමට සිදුවන අපහසුතාවයන් අවම කරගැනීමට හැකි වනවා. බොහෝ අවස්තාවන්හීදී නීතිඥවරයකු මාර්ගයෙන් නඩු පවරා මෙවැනි තත්වයන් හට විසදුමක් ලබා ගත හැකිවූවත්, එවැනි විසදුමක් ලබා ගැනීමට සැලකිය යුතු කාලයක් ගතවනවා වගේම මෙවැනි නඩු සදහා නඩුගාස්තු ඉතාම ඉහල විය හැකියි.
බාල වයස්කාර දුවා දරැවන්ගේ ඉතාලියේ රැදී සිටීමේ බලපත්ර නීතිය සංශෝධනය දැන සිටීම මේ නිසා ඉතාම වැදගත්.
මෙම හේතූන් නිසා මාගේ ලිපිය කියවා ඔබේ හිතවතුන්ද දැනුවත් මෙන් ඉල්ලා සිටිනවා.
2016 වර්ෂයේ ජූලි 07 වන දින අංක 122 නීතියට අනුව ඉතාලියේ වෙසෙන සියලුම විදේශීක බාලවයස්කාර දරුවන් සඳහා ඉතාලියේ රැදී සිටීමේ තනි (permesso di soggiorno individuale per i minori) අවසර පත්‍රයක් නිකුත් කිරීම⁣ට තීරණය වුනා.
බාලවයස්කාර දරැවන් හට දෙමවුපියන්ගේ (permesso di soggiorno) අවසර පත්‍රය යටතේ ලබාදුන් බලපත්‍රයට සමගාමීව බලපත්‍රයක් ලබාදීම මින්පසු සිදුවන්නේ නෑ.
නව නීතියට අනුව බාලවයස්කාර දරුවන් හට තැපැල් ගාස්තුව €30,46 ක්ද මුද්දර ගාස්තුව යුරෝ €16,00ක්ද වනවා.
(Legge 122 del 07 luglio 2016 articolo 10 - Allegato minori)
සකස් කලේ
නීතිඥ සචිනි වර්ණකුලසූරිය
39 388 6279735න්

‘සයිටම්’ විසඳෙයිද ? ජනපති යෝජනා සම්බන්ධයෙන් විවිධ ප්‍රතිචාර


සයිටම් (SAITM) ගැටලුව සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කරන විසඳුම රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් පිළිගනු ලැබීම පිළිබඳව තමා සතුටට පත් වෙන බව එම ආයතනයේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පවසයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරන ‘සයිටම්’ (SAITM) අධිපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු, රාජ්‍ය වෛද්‍ය පීඨ සිසුන් නැවත අධ්‍යාපන සහ සායනික කටයුතු සඳහා යොමු කරන ලෙසත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලීමක් ද කරයි.

“සෑම වෛද්‍ය සිසුවකුගේ සිහිනය වන්නේ වෛද්‍යවරයකු ලෙස මූලික සුදුසුකම් සපුරා පශ්චාත් උපාධි පුහුණුව සම්පූර්ණ කොට විශේෂඥ වෛද්‍යවරයකු වීම බැවින් තමා එම ඉල්ලීම කරන” බවත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ඉහත කී නිවේදනය මගින් කියා සිටී.

“සියලු මතභේද දුරලමින් රටේත් සිසුන්ගේත් අනාගත අභිවෘද්ධිය සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු අතර, ශ්‍රී ලංකාව තුළ අධ්‍යාපනය ලැබීමට ඇති නිදහස ස්ථාපනය කිරීමට හැකිවීම පිළිබඳව මම සතුටු වෙමි” වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පවසයි.

විමල් එජාප ප්‍රබල ඇමතියෙක් හා වාහනක් තුළ රහස් කතාවක.


ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා එජාපයේ ප්‍රබලයෙක් හා එජාප නායකයාගේ කිට්ටුවන්තයකු සමඟ නිදහස් චතුරස්‍රය ආසන්නයේ මෝටර් රථයක් තුළ රහස් සාකච්ඡාවක් සිදුකර ඇති බව ආරක්ෂක බුද්ධි අංශ විසින් ජනාධිපතිවරයාට දැනුම්දී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මීට දින කිහිපයකට පෙර විමල් වීරවංශ මහතා සරණ පාරේ ඔටර්ස් ක්‍රීඩා සමාජය ආසන්නයේ (Otter Aquatic Club) සිය මෝටර් රථය නවතාගෙන සිට පොලිස් විශේෂ කාර්ය බලකායේ රියදුරෙකු විසින් පදවාගෙන පැමිණි මෝටර් රථයකට ගොඩවී තිබේ.

ඉන් පසුව එම මෝටර් රථය ඒ ආසන්නයේම පිහිටි එජාපයේ ප්‍රබලයෙක් හා අමාත්‍යවරයකුද වන අයගේ නිවස ආසන්නයට ගොස් ඔහු එම රථයට නංවාගෙන නිදහස් චතුරස්‍රය ආසන්නයේ පාළු තැනක දෙදෙනා සාකච්ඡා කර ඇති බව බුද්ධි අංශ වාර්තා කර ඇතැයි පැවසේ.

මහ බැංකු බැඳුම්කර වංචා විමර්ශන ජනාධිපති කොමිසම සේප්පඩ විජ්ජාවක් වන ලකුණු


යහපාලන රජයේ දින සියයේ ආණ්ඩුව සමයේ මහබැංකුවේ බැඳුම්කර සම්බන්ධ වංචාවක් සිදුවූ බවට කුප්‍රකට චෞරාධිපති මහින්දරාජපක්ෂ ඇතුළු නඩය විසින් කරලියට ගෙන ආ ජවිපෙ හඳුන්නෙත්ති ඇතුළු සේප්පදවිජ්ජා ගැලරි වීරයන් රඟදක්වා ....පසුව මහා සුදාන ජාතකය රඟදක්වමින් ග්‍රාමසේවක ජනාධිපති තාත්තා හා ඔහුගේ බඩගෝස්තරවාදී නරුම රැල විසින් එක්සත් ජාතික පක්ෂයත් එහි නායකයනුත් කොටුකරගන්නට හා ඒ තුලින් තමන් ගේ දේශපාලන ස්ථාවරත්වය ගොඩ නගාගැනීමට කරන ලද නිර්ලජ්ජි උත්සාහය මේවන විට හෙළිවෙමින් තිබේ .ඒ අනුව මෙම කොමිසමේ විනිවිද භාවය පිළිබඳවත් එම කොමිසමේ නිර්දේශයන් හා විමර්ශනයන් අධිකරණය ඉදිරියේදී නිශේදනය වෙන තැනටත් එමගින් සැබෑ ධුශිතයන් නිදහස් වීමේ අවදානමක් මේවන විට ඇතිවෙමින් තිබේ .මන්ද නීතියේදී සැකයේ වාසිය විත්තියට ආයුධයක් වන බැවිනි .ලංකා ඉ නිවුස් වෙබ් පුඅත් අඩවියට (2017/10/30)අනුව එම කොමිසමේ සාක්ෂි මෙහෙයවූ නීතිපති දෙපාර්තමේන්තුවේ නිතිඥය වරුන් දෙදෙනෙකුවන යසන්ත කෝදාගොඩ හා දප්පුල ද ලිවේරා යන සොලිසිටර් වරු දෙදෙනා සම්බන්ධව පසුගිය රජය සමයේ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සමයේ මිලියන ගණනින් මුය්දල් ලබාගැනීමක් ගැන මේවන විට අධිකරණයට මෝසමක් ඉදිර්පත්වී ඇතිබවට මාද්‍ය තුලින් හෙළිවී ඇත .මේ අනුව ගත්කල මෙම කුප්‍රකට කුමන්ත්‍රණය කිසිදු යටි අරමුණක් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ඕනෑකමින්ම එජාපය කෙරෙහි ජනතා විශ්වාසය බින්දවීමේ කුමන්ත්‍රණයක් බවට කරුණු හෙළිවෙමින් තිබේ .මෙම බන්දුම්කරවන්චාවට සම්බන්ධ පර්පෙචුවල් සිකොඉයුරිටිස් සමාගම බැඳුම්කර මිලදී ගැනීමට ලියාපදිංචි වී ඇත්තේ අජිත් නිවාඩ් කබ්රාල් නම් කුප්‍රකට චෞරයාගේ කාලයේ වන අතර එම කාලයේ ඔහුගේ නැගණිය එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සේවය කරතිබිමත් එම යුගයේ පටන්ම මෙම වංචාව මෙයටත්වදා දරුණු අන්දමින් ක්‍රියාත්මක වී ඇතිබවටත් බැංකු ක්ෂේත්‍රයේ තතුදන්නන් පවසති . ඒ අනුව ගත්කල මෙම බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ කොමිසම නිකම්ම නිකම් සමයමක් වන තැනට පත්වෙමින් තිබේ .මේ අනුව ගත්කල ජනාධිපතිවරයා මෙම වංචාවෙන් සුදනකු වීමට දරන ලද උත්සාහයේදී ඔහු විසින්ම කල වරදනිසා ඔහුටද මෙම චෝදනාවෙන් නිදොස් විය නොහැක .ඒ අනුව ගත්කල මෙම බැඳුම්කර හොරුන් ආරක්ෂා කරන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ යන මතවාදය රට තුල ප්‍රචලිත කිරීමට උත්සාහ කලද සැබෑලෙසම හොරු රකින්නේ ...ජනාධිපතිවරයා බව කනගාටුවෙන් උවද කීමට තිබේ .එසේ ගත කල මේවන විට පසුගිය රජයේ ප්‍රභාලයන්ට එරෙහි ධුෂණ ක්‍රියා සම්බන්ධ ලිපි ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇතත් ඒ සම්බන්ධව නිද්‍රාශීලි පිළිවෙතක් අනුගමනය කිරීම තුල ජනාධිපතිවරයාගේ අවංකභාවය බරපතල ප්‍රශ්නාර්ථයක් බවට පත්ව තිබේ .මන්ද ඔහුද වරක් ඔහුවිසින්ම ප්‍රකාශකළ පරිදි මහින්ද රාජපක්ෂ නම් චෞරයා හා ඔහුගේ පවුලේ උදවිය කල හොරකම් හා ධුෂණ සම්බන්ධයෙන් කටයුතු නොකරනලෙස තමා විසින් අදාළ අංශවලට දැනුවත්කර ඇතිබවයි .එසේම මේවන විට ටෙලිකොම් සමාගමේ යම් යම් ධුෂණ සම්බන්ධව ඔහුගේ සහෝදරයාට චෝදනා එල්ලවෙමින් තිබේ .එසේම මෙරටේ කුඩා සහල් මෝල් හිමියන් විසින් සහල්මාෆියාව සම්බන්ධයෙන් ජනාධිපතිගේ තවත් සොහොයුරෙකුට චෝදනා එල්ලකරයි .තත්වය එසේවද්දී ජනතාව විසින් ප්‍රතික්ෂේපකල ධුශිතයන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර දෙමින් ඇමතිකම් ලබාදීමෙන්ද ඔහු ප්‍රකටකලේ කුමක්ද ?කරුණු එසේවන හෙයින් මේ සාමකරුනක්ම විමසාබලිමේදී ජනාධිපතිවරයාගේ අවංක භාවය හා විනිවිද භාවය සැකයකට භාජනය වෙමින් තිබේ .එජාපය තුල යම් යම් අබ්යන්තර මත ගැටුම් ඇතිකිරීමට මහින්ද රාජපක්ෂගේ කල්ලිවාදින් වරින් වර උත්සාහ දරමින් සිටි .එබැවින් එජාප පාක්ෂිකුහිකයන් නැවත අවධිවිමට කාලය එළෙඹ ඇත .එසේ නොවුනහොත් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය දරුණු අර්බුධයකට අද දැමීමට ජනාධිපතිවරයාගෙ කල්ලිය හා චෞරාධිපතියාගේ කල්ලිය කටයුතුකරනු ඇත .
සටහන :දේශාන් ද සිල්වා


Monday, October 30, 2017

අලුත් ව්‍යවස්ථාවක් එපා කියන හිටපු ජනපති එදා කී දේ හෙලිවෙයි



වර්තමානයේදී නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බව ප්‍රකාශ කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශය මගින්ද නව ව්‍යවස්ථාවක් වසරක් තුල සම්පාදනය කරන බව ප්‍රකාශ කර තිබූ බව අද පාර්ලිමේන්තුවේදී අනාවරණ කෙරුණා.
මහින්ද චින්තන ලොව දිනන මග ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා එය සිදුකර තිබූ බවයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සදහන් කළේ.
එමගින් ප්‍රකාශ කර තිබුණේ බලයට පත්ව වසරක් තුල නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බවයි.එසේම පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක සභාවක් බවට පත් කරන බවද එම ප්‍රකාශයේ දක්වා තිඛෙනවා. මේ සමස්ථ ලාංකීය ජනතාවම මුලා කරන ලාංකීය දේශපාලනඥයන්ගේ තවත් එක් උදාහරණයක් පමණයි. මේ පක්ෂ පාට භේදයෙන් තොර බුද්ධිමත් ජනතාවගේ අවධානය පිණිසයි.

රජයේ සයිටම් විසඳුම ඇත්ත තේරුම් ගනිමින් අන්තවාදයට පිටුපෑමකි



මෑත භාගයට අදාළව ශ්‍රී ලංකාව තුළ පැන නැගුණ අර්බුද අතරින් වෛද්‍ය අධ්‍යාපනය මුල්කර ගනිමින් ඇතිවූ සයිටම් අර්බුදය සැලකිය යුතු කාල පරාසයක් තුළ ඇදි ගිය සංකීර්ණ අර්බුදයක් ලෙස හැඳින්විය හැකිය. එය සංකීර්ණ අර්බුදයක් ලෙස හඳුන්වන්නේ ඊට අදාළව මැදිහත්වී සිටින පාර්ශ්ව ගණනාව හේතුකර ගනිමින්ම නොවේ. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය රාජ්‍ය විශ්වවිද්‍යාල වලට පමණක් සීමාකරන ලෙස වූ අසාධාරණ, ප්‍රායෝගික නොවන, පසුගාමී ඉල්ලීමක් ඒ තුළ අන්තර්ගත වුවත් රටේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආයතනයන්හි අඩු පාඩු හා වැරදි හේතුවෙන් මතුවී පැවති ගැටලු ගණනාවකට අදාළ සාධාරණ කරුණු ද එකී අර්බුදය තුළ ඉස්මතු විය.

සයිටමය රාජපක්ෂ උරුමයක්
ඒ කෙසේ වෙතත් පැහැදිලිවම සයිටම් ආයතනය මුල් කර ගනිමින් ප්‍රශ්නයක් පැණ නැඟී ඇති බවත්, ඊට අදාළව ගතයුතු පියවර ගණනාවක් ඒ තුළ අන්තර්ගතව ඇති බවත්, එහිදී අප පළමුවෙන්ම පිළිගත යුතුය. සයිටම් ආයතනය යනු මහින්ද රාජපක්ෂ පාලන සමයේදී, මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ආශිර්වාදයෙන් යුතුව ආරම්භ කර තිබීම, ඊට එරෙහිව මාරාන්තික විරෝධතාවයක් පළ කරන ආයතන හා සංවිධාන මෙන්ම දේශපාලන කණ්ඩායම් ද එකී රාජපක්ෂ යුගයේදී නිහඬත්වය තුළ ඊට සහයෝගය ලබාදීම හා සයිටම් විරෝධි මතවාදයට නායකත්වයක් දෙන පුද්ගලයන්ගේ දරුවන් උසස් අධ්‍යාපනය සඳහා දේශීය වශයෙන් මෙන්ම විදේශීය රටවල ද පුද්ගලික විශ්ව විද්‍යාලයන්හි අධ්‍යාපනය ලැබීම වැනි කරුණු තුළ ලඝු කර එකී ප්‍රශ්නයෙන් මගහැර යාමට කිසිවෙකුට නොහැකිය.

රජය පමණක් නොව රජයට සබඳතාවයක් නොමැති සිවිල් හා විද්වත් ප්‍රජාව නියෝජනය කරන බොහෝ දෙනෙකු මේ ප්‍රශ්නය කරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු කරන ලද්දේ ඒ නිසාය. එහිදී උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව රාජ්‍ය නොවන අංශයේ ඝෘජු දායකත්වයක ඇති අවශ්‍යතාවය පිළිගන්නා සහ සයිටම් විරෝධි යන බෙදුම් රේඛාවට අනුව දෙපසට වී සිටී කණ්ඩායම් දෙකක වාද විවාදයන් අතරතුර අවස්ථා ගණනාවකදීම යම් යම් උත්සාහයන් සිදුව ඇත්තේ ඒ අනුවය. ඒ සඳහා රජය ද අවස්ථා කිහිපයකම උත්සාහ ගනු ලැබූ බව මෙහිදී අප අමතක නොකළ යුතුය. එහෙත් පසුගිය කාලයේදී ඒ සඳහා ගනු ලැබූ උත්සාහයන් සියල්ල ප්‍රශ්නයට ස්ථාවර හා සාර්ථක විසඳුමක් ලබා නොදුන්නේය. ඒ තුළ සංක්‍රාන්තික වශයෙන් වැදගත් විසඳුම් ගණනාවක් ඉදිරිපත්වී තිබුණ ද ඒ කිසිවක් අවසන් විසඳුම ලෙස කිසිවෙකු විශ්වාස නොකළේය.

සත්‍ය වශයෙන්ම ඒ සඳහා පසුගිය කාලය තුළ ගනු ලැබූ ප්‍රයත්නයන්හි උත්සාහ කර ඇත්තේ විවාදයකට පටලැවී සිටින දෙපාර්ශ්වයකට ප්‍රායෝගික විසඳුමකට එළැඹීම සඳහා පහසු කිරීම විය හැකිය. එහෙත් ඒ සෑම අවස්ථාවකදීම ස්ථිරසාර විසඳුමකට නොඑසේනම් අවසන් ප්‍රතිපත්තිමය තීන්දුවකට පිවිසීමට ඇති අවශ්‍යතාවය රජය විසින් බැහැර නොකරන ලද බව ද එහිදී අමතක නොකළ යුතුය.

ජනාධිපති කමිටුවේ නිර්දේශ
සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය සම්බන්ධයෙන් උද්ගතවී තිබෙන ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද ජනාධිපති කමිටුව සිය යෝජනා සහ නිර්දේශ රජයට ඉදිරිපත් කරන්නේ එවැනි පසුබිමකය. එකී කමිටුවේ නිර්දේශ ඇතුළත් නිවේදනය මේ වන විටත් නිකුත් වී තිබේ. එම නිවේදනයේ ඇතුළත් යෝජනා හා නිර්දේශ ඉතා වැදගත් හා තීරණාත්මක වන්නේ මූලික වශයෙන් කරුණු දෙකක් නිසාය. එයින් වැදගත්ම හා පළමු කරුණ වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද ජනාධිපති කමිටුව ඉදිරිපත් කර ඇති යෝජනා හා නිර්දේශ රජය ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගෙන තිබීම තුළය. දෙවැන්න පෙර සඳහන් කළ පරිදි මෙකී ප්‍රශ්නය තුළ අන්තර්ගතව තිබූ අතිශයින්ම සාධාරණ දුක් ගැනවිලි හා ගැටලු මෙන්ම අතිශය අසාධාරණ කුහක හා පටු දේශපාලන අරමුණු ද ඇතුළත්ව දක්නට තිබූ සංකීර්ණ ස්වභාවය තුළ යා හැකි උපරිම දුරටම ගමන් කරමින් සයිටම් ආයතනයට පක්ෂ, විපක්ෂ දෙපාර්ශ්වයටම ගෞරවාන්විත හා සාධාරණ විසඳුමකට ඒ මගින් මාර්ගයක් විවරකර ඇති නිසාය.


සයිටම් අරගලය රාජපක්ෂවාදීන් සහ ජවිපෙ අතර සන්ධානයක් කරා ගමන් කළේය.
ඒ බව තේරුම් ගැනීම සඳහා සයිටම් විරෝධි ප්‍රවාහය ඉදිපත් කරන ලද කරුණු දෙකක් විමසා බැලිය හැකිය. ඔවුන් එහිදී අවධාරණය කළේ සයිටම් වෛද්‍ය විද්‍යාලය අනුගමනය කරමින් සිටි පිළිවෙත හරහා නිසි ප්‍රමිතියකින් තොර වෛද්‍යවරුන් බිහිවීමේ අවදානමක් ඇති බවය. ඔවුන්ගේ අනෙක් චෝදනාව වූයේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට අනුමැතිය ලබාදීම තුළ හුදු ලාභ ලබා ගැනීමේ අරමුණින් යුතුව පවත්වාගෙන යන අධ්‍යාපන කඩයක් ඒ හරහා නිර්මාණය වී ඇති බවය. සත්‍ය වශයෙන් සයිටම් විරෝධීන් ඉදිරිපත්කරන ලද ප්‍රශ්නයේ මූලික හරය නියෝජනය වූයේ එකී චෝදනා දෙක තුළය. ඒ අනුව අප විමසා බැලිය යුත්තේ අද රජය මගින් ප්‍රකාශයට පත් කළ විසඳුම් යෝජනාවලිය තුළ ඊට පිළිතුරක් ලැබී ඇත් ද යන්නය.

කුහක මනසකින් නොබලන්නේ නම්, නොකෙරෙන වෙදකමකට බෙහෙත් සොයන අයෙක් නොවන්නේ නම් සත්‍ය වශයෙන්ම අද නිවේදනය කරන ලද රජයේ විසඳුම් යෝජනාවලිය තුළ එකී ප්‍රශ්න දෙකටම පැහැදිලි විසඳුමක් ලබාදී තිබේ. සයිටම් වෛද්‍ය විද්‍යාලය හරහා නිසි ප්‍රමිතියකින් තොර වෛද්‍යවරුන් බිහිවීමට ඇති අවදානමට අදාළව රජය පිළිතුරු සොයා ගෙන ඇත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් අවම ප්‍රමිතීන් හඳුන්වාදීම සඳහා සහ පවත්වාගෙන යාම සඳහා නව ආයතනයක් නීතිගත කිරීම මගිනි.

පියවර තුනකින් යුතු නව විසඳුම
සයිටම් යනු ලාභ ලැබීමේ අරමුණින් යුතුව පවත්වාගෙන යන අධ්‍යාපන කඩයක් ය යන චෝදනාව ද බරපතළ ලෙස සැලකිල්ලට ගෙන ඇති ජනාධිපති කමිටුව ඊට ද විසඳුමක් යෝජනා කර තිබේ. එය පියවර තුනකින් යුක්තය. පළමු පියවර සයිටම් ආයතනය අහෝසි කිරීමය. දෙවන පියවර වන්නේ සයිටම් ආයතනයට අනුබද්ධව පවත්වාගෙන ගිය වෛද්‍ය පීඨය දැනට පවත්නා හිමිකාරිත්වයෙන් ඉවත් කිරීමය. එනම් එය තවදුරටත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට හෝ ඔහුගේ පවුලේ අයට හිමිකම් ඇති වත්කමක් නොවනු ඇත. තෙවන හා වැදගත්කම පියවර ලෙස සැලකිය හැක්කේ සයිටම් වෛද්‍ය පීඨයේ සියලුම මෙහෙයුම් කටයුතු හා කළමනාකරණය ලාභ නොලබන ආයතනයක් යටතට පත් කිරීමය. ඒ අනුව එය කිසිසේත්ම තවත් අධ්‍යාපන කඩයක් නොවනු ඇත. එමෙන්ම නිසි ප්‍රමිතියකින් යුත් වගකීම් සහගත ව්‍යුහයක් තුළ වෛද්‍ය අධ්‍යාපනය සඳහා විවර කෙරෙන පිළිගත් ආයතනයක් වනු ඇත.

පටු දේශපාලන ඇසකින් හෝ කුහක අරමුණකින් යුක්තව ප්‍රශ්න දෙස නොබලන සියලුදෙනා නිසැක වශයෙන්ම මේ පිළිබඳව නෙත් යොමනු ඇත්තේ අතිශයින්ම සුබදායකවය.

සුනිල් ජයසේකර

යුරෝපානු දේශපාලනය මේ දිනවල දැඩි අර්බුදකාරි වාතාවරණයක


ඉතාලියත් බෙදී වෙන්වෙයිද?

යුරෝපානු දේශපාලනය මේ දිනවල දැඩි අර්බුදකාරි වාතාවරණයකට මුහුණ දෙමින් සිටියි. මුලින්ම කැටලෝනියාව ස්‌පාඤ්ඤයෙන් ඉවත්වීම සඳහා ජනමත විචාරණයක්‌ පැවැත් වූ අතර ස්‌පාඤ්ඤ රජයේ දැඩි බලපෑම් හමුවේ ස්‌වාධීන රාජ්‍යයක්‌ ලෙස නම් කිරීම තවමත් ප්‍රමාද කරමින් සිටියි. කැටලෝනියාව ආදර්ශයට ගනිමින් මේ වන විට ඉතාලියේද ධනවත් ප්‍රාන්ත දෙකක්‌ ඉතාලි මධ්‍යම රජයෙන් ඉවත් වීමට තීරණය කර ඇත. ඒ වෙනීටෝ හා ලොම්බාඩි ප්‍රාන්ත දෙකය. මෙම ප්‍රාන්ත දෙකම ඉතාලි මධ්‍යම රජයෙන් වෙන්ව වෙනම ස්‌වයංපාලන බලයක්‌ ලබා ගැනීම සඳහා ජනමත විචාරණයක්‌ පවත්වා බහුතර ජනතා කැමැත්තද ලබාගෙන තිබේ. ඒ අනුව මෙම ප්‍රාන්ත දෙක සඳහා පැවැත්වූ ජනමත විචාරණ දෙකේදී එකී ප්‍රාන්තවල ජනයාගෙන් සියයට 95කට වැඩි පිරිසක්‌ ඉතාලි මධ්‍යම රජයෙන් වෙන්වී ස්‌වයංපාලන ප්‍රදේශ ලෙස ක්‍රියාත්මක වීමට සහාය පළකර ඇත.
කැටලෝනියානු ජනතාව මෙන්ම වෙනීටෝ හා ලොම්බාඩි ප්‍රාන්ත ජනයාද ස්‌වයංපාලන අයිතිය ඉල්ලා සිටීම සඳහා ඉදිරිපත් කර ඇත්තේ එකම කරුණය. එනම් තම ප්‍රාන්තවලින් මධ්‍යම රජයට ගෙවන අතිවිශාල බදු මුදල් මධ්‍යම රජය අනිසි ලෙස පරිහරණය කිරීමය. තම ප්‍රාන්තවලින් අති විශාල බදු මුදලක්‌ අයකළ ද ඊට සරිලන ලෙස යටිතල පහසුකම් හෝ සුබසාධන සේවා ක්‍රියාත්මක කිරීමට ඉතාලි මධ්‍යම රජයේ නිලධාරීන් පියවර ගෙන නොමැති බවට නැඟෙන චෝදනාව මෙහිදී ඉතා ප්‍රබල වේ.

ජනමත විචාරණය ජයගැනීම දේශපාලනික ප්‍රතිසංස්‌කරණවල ප්‍රබල පියවරක්‌ ලෙස සඳහන් කරන වෙනීටෝ ආණ්‌ඩුකාර ලුකා සායි සිය ප්‍රාන්තයේ දේශපාලන කොට්‌ඨාස 23නේම බලය ලබා ගැනීම සඳහා ඉතාලි මධ්‍යම රජය සමග සාකච්ඡා කිරීමට සූදානම් බවද සඳහන් කර තිබේ. එහිදීද බදු අයකර ගැනීම ප්‍රධාන මාතෘකාව වනු ඇති බවද ඔහු අවධාරණය කර තිබේ.

කෙසේ වුවද වෙනීටෝ හා ලොම්බාඩි ජනමත විචාරණ කැටලෝනියා ජනමත විචාරණය මෙන් නීති විරෝධි වූවක්‌ හෝ ඉතාලි ව්‍යවස්‌ථාව උල්ලංඝනය කිරීමක්‌ ලෙස සඳහන් නොවේ. ඉතාලි මධ්‍යම රජයේ විදෙස්‌ ඇමති ඇන්ජලීනෝ ඇල්ෆානෝ සඳහන් කර තිබුණේ ජාතියක්‌ ලෙස එක්‌සත් රටක්‌ තවදුරටත් පවත්වාගෙන යැම වෙනුවෙන් ප්‍රාන්ත බලධාරීන් සමග සාකච්ඡා කිරීමට සූදානම් බවය. එසේ වුවද මෙකී ධනවත් ප්‍රාන්ත වලින් බදු අය කරගැනීම අත් නොහරින බවද ඉතාලි මධ්‍ය රජය පවසයි.

ඒ අනුව බලන කල ඉතාලි රජයෙන් ඉවත්ව වෙනම ස්‌වයංපාලන බලයක්‌ ඉල්ලීමේ ප්‍රධාන සාධකය මෙන්ම මෙම ප්‍රාන්ත දෙක තවදුරටත් තම පාලනය යටතේම තබා ගැනීමට මධ්‍යම රජය දරණ උත්සාහයට හේතුවද බදු වේ.

ඉතාලියේ උතුරුදිග ප්‍රාන්තයක්‌ වන ලොම්බාර්ඩි හි ප්‍රධාන නගරය මිලානෝ වේ. වර්ග කිලෝ මීටර් 23844ක වපසරියකින් යුත් වන මෙහි මිලියන 10ක ජනතාවක්‌ ජීවත් වේ. ගෝලිය මුල්‍ය හා විලාසිතා ක්‌ෂේත්‍රයේ ප්‍රමුඛ නගරයක්‌ වන මිලානෝ ඉතාලි ආර්ථිකයේ සියයට 20කට දායකත්වය දක්‌වන්නේය. සංචාරක කර්මාන්තයේ ගමනාන්තයක්‌ ලෙසද ප්‍රකට මිලානෝ නගරයේ සුපිරි සාප්සු සංකීර්ණ හා සුපිරි අවන්හල් රැසක්‌ ඇත.

italy1වැනිසිය පිහිටි වෙනීටෝ ප්‍රාන්තයද මීට දෙවැනි නැත.ඉතාලි ආර්ථිකයෙන් සියයට 10කට දායකත්වය සපයන මෙකී ප්‍රාන්තය සංචාරක ආකර්ෂණයේ ඉහළම ස්‌ථානයක පවති. මිලියන පහකට ආසන්න ජනතාවක්‌ වාසය කරන වෙනීටෝ ප්‍රාන්තයේ ඓතිහාසික ස්‌ථාන රැසක්‌ම දැකගත හැකිය. වැනිසිය ඉන් ප්‍රධාන වේ. වර්තමානයේදී මෙම ප්‍රදේශය සංක්‍රමණයන්ට නවාතැන් සපයන ප්‍රදේශයක්‌ ලෙසද ප්‍රචලිතය. ඒ අනුව ඉතාලි ආර්ථිකයෙන් සියයට 30ක්‌ම මෙම ධනවත් ප්‍රාන්ත දෙකින් උපයාගන්නේය.

එසේ වුවද තම ප්‍රදේශවලට මධ්‍යම රජය දක්‌වන අඩුසැලකිල්ල හේතුකර ගනිමින් මෙම ප්‍රාන්ත දෙකෙහි බලධාරීන් වෙනම ස්‌වයංපාලන බලයක්‌ ඉල්ලා සිටියේ මින් වසර කිහිපයකට පෙර සිටය. වෙනිටෝ ආණ්‌ඩුකාර ලුකා සායි විසින් ජනමත විචාරණයට දින නියම කළේ පසුගිය අප්‍රේල් මාසයේදීය. ඒ අනුව ඔක්‌තෝබර් 22 දෙවැනිදා ස්‌වයංපාලන බලය ලබාගැනීම සඳහා වෙනිටෝ ප්‍රාන්තය ජනමතවිචාරණය පවත්වන විට අසල්වැසි ලොම්බාඩි ප්‍රාන්තයද එම තීරණයටම පැමිණ තිබුණේය. මෙහි විශේෂත්වය වන්නේ මේ ප්‍රාන්ත දෙකේම ජනමතවිචාරණ ක්‍රියාත්මක කළ නායකයන් දෙදෙනා එනම් වෙනිටෝ ආණ්‌ඩුකාර ලූකා සායි හා ලොම්බාඩි නායක රොබටෝ මැරෝනි යන දෙදෙනාම ලෙගා නෝඩ් නම් බෙදුම්වාදී ප්‍රවනතාවක්‌ සහිත දේශපාලන පක්‌ෂ නියෝජිතයින් වීමය.

ලෙගා නෝඩ් යනු ඉතාලියේ ප්‍රාදේශීය දේශපාලන පක්‌ෂයක්‌ වන අතර ඉතාලියෙන් බැහැර දී මෙම දේශපාලන පක්‌ෂය උතුරු ලීගය ලෙස හඳුන්වයි. ඉතාලිය ෆෙඩරල් රාජ්‍යයක්‌ කරා ගෙනයැම වෙනුවෙන් පෙනී සිටින මෙම දේශපාලන පක්‌ෂය ප්‍රදේශීය ස්‌වයංපාලන ප්‍රාදේශ විශේෂයෙන් ඉතාලියේ උතුරු ප්‍රදේශයේ ඇතිකිරීම සඳහා මූලිකව කටයුතු කළේය. වෙනිටෝ හා ලොම්බාඩි ප්‍රාන්තවල වෙනම ස්‌වයංපාලන ප්‍රදේශ ඇතිකිරීම සඳහා ලෙගා නෝඩ් පක්‌ෂය දීර්ඝ කාලයක්‌ තිස්‌සේ දැරූ උත්සාහයේ ප්‍රතිඵලයක්‌ ලෙස පසුගියදා පැවති මෙම ජනමත විචාරණ හඳුන්වා දිය හැකිය.

මෙම ජනමත විචාරණය පිළිබඳ අදහස්‌ දක්‌වා ඇති ඉතාලි අගමැති පාවුලෝ ජෙන්ටිලොනි ඉතාලි නීතියේ හා ව්‍යවස්‌ථාවේ සීමාවන්ට යටත්ව වෙනිටෝ හා ලොම්බාඩි ප්‍රාන්ත වලට බලය බෙදාහැරීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ. එසේ වුවද බලය බෙදාහැරීම සඳහා කුමන කොන්දේසි යොදාගන්නේද යන්න පිළිබඳව අගමැතිවරයා පැහැදිලි කර නැත.




සයිටම් සම්බන්ධයෙන් එක එක කට්ටියට අවශ්‍ය විසඳුම්




දොස්තරලා: ලෙඩුන් වැඩි වෙන අනුපාතයට වඩා දොස්තරලා වැඩි වෙන අනුපාතය අඩුවෙන් තියෙන විසඳුමක් ඕනැ.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ: කැම්පස් සිලෙක්ට් වුණ අපට විතරක් උගන්නන අනෙක් උන් මෝඩයන් වෙන ක්‍ර‍මයක් හදන්න ඕනැ.

වාමාංශිකයෝ: නෙවිල් ප්‍ර‍නාන්දුවයි, සයිටම් එකට සල්ලි දුන්න එවුන්වයි ලංකාවෙ අනෙක් සල්ලි තියෙන එවුන්වයි ඔක්කොම දුප්පත් කරන විසඳුමක් ඕනැ.

ආණ්ඩු විරෝධියෝ: අපට විසඳුමක් ඕනැ නැහැ. කොහොම හරි ආණ්ඩුව පෙරළන්න තමයි ඕනැ.

අධ්‍යාපනය නිදහස වෙනුවෙන් පෙනිසිටින: පෞද්ගලික අධ්‍යාපනය ද ඇතුළත්ව අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින ප්‍රජාව සංඛ්‍යාත්මකව ගත්තොත් සයිටම් විරෝධීන්ට වඩා වැඩියි. එහෙම සංදර්භයක් ඇතුළෙ ආණ්ඩුව විසඳුම් දෙන්න ඕනැ සයිටම් විරෝධීන්ගෙ ආන්තික ඉල්ලීම්වටල ය කියලා කියන්නට තියෙන පදනම මොකක් ද? සයිටම් කියන්නෙ මහා ප්‍රශ්නයක සුළු කොටසක් විතරයි. සයිටම් විරෝධීන්ගෙ දේශපාලනය සම්බන්ධ වෙන්නෙ අන්න ඒ නැට්ට එක්කයි. නැට්ට නෙමෙයි බල්ලාව නටවන්නෙ.බල්ලා තමයි නැට්ට නටවන්නෙ.

ආණ්ඩුව: කට්ටියම එකතු වෙලා එකක් කියපල්ලා, කරන්න.


Sunday, October 29, 2017

අහෝසි කරන්නේ සයිටම් නොව සයිටමයේ වෛද්‍ය පීඨයයි



වෛද්‍ය පීඨය විසුරුවා හැර අලුතෙන් පිහිටවීමට යන ආයතනය රජයේ නොවන ආයතනයකි.එය මුදල් අයකරන එහෙත් ලාභ අපේක්ෂා නොකරන ආයතනයකි .

ලැබෙන ආදායම, වියදම් ඉක්මවා යන විට ලාභ මුදල ශිෂ්‍යත්ව සහ පර්යේෂණ කටයුතු සඳහා වෙන් කරනු ඇත .

නව ආයතනයට සයිටම් වෛද්‍ය පීඨයේ දැනට ඉගනුම ලබන සිසුන් බඳවා ගත යුතුය .

සයිට්ම් වෛද්‍ය පීඨයෙන් දැනටමත් උපාධි ලබා පිටව ඇති සිසුන් සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව අනුව කටයුතු කරනු ඇත

ඔවුන්ට සායනික පුහුණුව රජයේ රෝහල් මගින් ලබා දිය යුතුය .

එකඟවූ වෛද්‍ය අධ්‍යාපනය හා පුහුණුව සම්බන්ධයෙන් වන අවම ප්‍රමිතීන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ගැසට් කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.


Saturday, October 28, 2017

මහින්ද රාජපක්ෂ ගංගා මෑණියන් හමුවුණේ ඇයි.

මේ දිනවල ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සමග ක්‍රීඩකයන්ට අමතරව වැඩියෙන්ම ඈඳුන නමක් තමයි ගංගා මෑණියන්.

මේ කියන ගංගා මෑණීයන්ව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාත් බැහැ දකින්න ගියා කියලා බුකියේ හැම තැනම වගේ කතා වෙනවා.
ඇයව හමු වීමට ගිය හේතුව මෙතෙක් අනාවරණය නොවුනත් එම අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක් අප වෙත හමු වුණා.

Friday, October 27, 2017

ඉතාලියට යන්න හිතෙන කරුණු කිහිපයක්



ඉතාලිය යනු මීට අවුරුදු 15කට කලින් පමණ ලාංකික අපි හැමෝම යන්න සිහින මවපු රටක් කිවුවොත් නිවැරදියි. අද වන විට එම තත්ත්වය කෙමෙන් මගහැරී ඇත්තේ විවිධ ආර්ථික අර්බුද හේතුවෙන් ඉතාලි ආර්ථිකය යම්කිසි පසුගාමී තත්වයකට ඇදවැටීම නිසාවෙනි. නමුත් ඉතාලියේ සුන්දරත්වය සහ අරුම පුදුම බවනම් අදටත් එසේමයි. අපි දැන් ඉතාලිය වටේ රවුමක් ගිහිල්ලා බලමු.
ඉතාලිය. නිල වශයෙන් ඉතාලි ජනපදය ලෙස හැදින්වෙන අතර දකුණු යුරෝපයේ පිහිටා ඇත. ජනගහනය අතින් ගත් විට, ලෝකයෙන් ම 23 වන ස්ථානය ගන්නා අතර යුරෝපය තුල 5 වන ස්ථානය ගනී. මෙහි ඕනෑම සංචාරකයෙකුට ගැලපෙන ආකාරයේ විවධත්වයක් ඇති අතර මෙහි ඇති ඓතිහාසික ස්ථාන හා කෞතුකාගාර ප්‍රමාණය අති විශාලය. දැන් අපි ඉතාලිය පිලිබද රසවත් කරුණු කිහිපයක් ගැන දැන ගනිමු.

1 රටේ සුන්දරත්වය
ඉතාලිය කියන්නේ යුරෝපයේ සුන්දරම නවාතැන් පොලක් කිව්වොත් එකේ කසිම වරදක් නැ. ලස්සන ස්වභාවික පරිසර පද්ධතිවලින් වගේම වැනීසිය වැනි නිර්මානවලිනුත් ඉතාලිය හැඩවෙලා තියෙනවා.
2 ලොව වැඩිම ලෝක උරුම ප්‍රමාණයකට හිමිකම් කියන්නේද ඉතාලියයි.(ලෝක උරුම 47)

3 සොයාගැනීම්

කාර්මික නිෂ්පාදන අතින් ලෝකයේ ඉහලම තැනක සිටින ඉතාලිය ලෝකෙට දායාද කරපු දේවල් බොහොමයි මේ අතරින් කිහිපයක්.

• අයිස්ක්රීොම් කෝන් එක මුලින්ම නිපදවනු ලැබුවේ ඉතාලියේයි.
• Espresso නම් කෝෆි වර්ගය නිපදවූවේද ඉතාලි ජාතිකයෙකු විසින්ය.
• ටයිප් රයිටරය ද නිපදවනු ලැබුවේ මොවුන් විසින්ය.
• තර්මො මීටරය ද නිපදවන ලද්දේද මොවුන් විසින්ය.
• එසේ ම පීසා හා අයිස් ක්රීමම් ද නිපදවනු ලද්දේ මොවුන්ය.

4 ඉතාලියේ 3000 කට අධික කෞතුකාගාර

ඉතාලියේ පෞරාණික නටබුන් මෙන්ම විහාල ප්‍රමාණයක ඓතිහාසික ස්ථාන ද රැසක් ඇති අතර 3000 කට වැඩි කෞතුකාගාර ප්‍රමාණයක් ඇත. මෙහි පැමිනෙන සංචාරකයන් බලා නිම කල නොහැකි ස්ථාන රාශියකි.

5 වයින්වල අගනුවර

ඔබ කාට හෝ මම යුරෝපයේ වයින්වල අගනුවරට යනවා යැයි පැවසුවොත් ඔවුන් නිසැකයෙන්ම සිතනුයේ ඔබ ප්‍රංශයට යන බවයි. ඒ කොහොම උනත් ඉතාලිය යුරෝපයේ පමණක් නොව ලෝකයේම අනෙක් රටවලට වඩා වයින් නිපදවයි.

6 යුරෝපයේ හොටෙල් අගනුවර

ඔබ දන්නවාද ඉතාලියේ යුරෝපීය අනෙක් සෑම රටකට ම වඩා හොටෙල් කාමර තිබෙන බව? විශාල සංචාරකයන් ප්‍රමාණයක් පැමිණෙන රටක් ලෙස මෙහි ඇති හෝටෙල් ප්‍රමාණය විශාල ජනගහනයක් සිටින ජර්මනියට හා ප්රංටශයට වඩා වැඩිය.

7 දවසට එක වයින් වීදුරුවයි

වයින්වලට අගනුවර වශයෙන් ඉතාලියේ නිපදවන හා දවසකට පරිභෝජනය කරන වයින් ප්රයමාණය ඉතා අධිකය. ආසන්න වශයෙන් ඉතාලි ජාතිකයෙකු වසරකට ලීටර් 53 ක් පමණ පානය කරයි. ඒ අනුව ඉතාලිය අනෙක් සෑම යුරෝපීය රටකටම වඩා වයින් භාවිතා කරයි. එහෙත් එහි අදහස ඉතාලියේ සංචාරයට යෑමට ඔබ වයින් පානය කරන්නෙකු විය යුතු බව නොවෙයි. මන්ද එහි හෝටෙල් වල ඕනෑම පානයක් මිලදී ගැනීමට තිබෙන හෙයිනි.

8 කලාකරුවන්ට හොදම තැන
ඉතාලියේ තිබෙන ඉපැරණි ස්ථාන, ගොඩනැගිලි නිසාම මෙන්ම මෙහි ඇති කලා කෞතුකාගාර නිසා මෙය කලාකරුවන්ට සුවිශේෂි ස්ථානයකි. එසේම ලෝකයේ කලාකාමී රටක් නිසා මෙය කලාකරුවන් තම නිර්මාණවලට කදිම තෝතැන්නක් ලෙස සලකයි.

9 දේශපාලනය හා නීතී
ඉතාලි පාර්ලිමේන්තු සාමාජිකයින් තමා අනෙක් සෑම යුරෝපීය රටකටම වඩා වැඩි වැටුපක් ලබා දෙන්නේය. ඒ යුරෝ 11,000 කි (එක් මසකට). ඒසේම මොවුන්ට තවත් වාසි රැසක් හිමි වේ. එනම් විශ්රා ම වැටුපක්, නොමිලේ කාර්, නොමිලේ දුරකතන, විශේෂ කෑම වේලවල් හා තවත් දෑය.
 ඉතාලියේ දික්කසාද වීමකින් පසුව දරුවා මව සමග ජීවත් වනවානම් එම වැඩිහිටි දරුවාට අවුරුදු 30 ක් වුවත් පියා ඔවුන්ට ගෙවිය යුතුය. ඒ අනුව ඉතාලියේ හරි අඩක් පමණම තම මව් පියන් සමග ජීවත් වෙයි. සමහර විට මේ නිසා වෙන්නැති ඉතාලියේ දික්කසාද වීම් අනෙක් යුරෝපීය රටවලට වඩා අඩු ප්‍රතිශතයක් ගනු ලබන්නේ.

10 යුරෝපයේ උසම කදු මුදුන
මොන්ට් බ්ලැන්ක් ලෙස හදුන්වන කදු මුදුන ඇල්ප්ස් කදු පන්තියේ කොටසකි. එය ඉතාලියේ පවතින අතර ප්‍රංශ දේශ සීමාවට ආසන්නයේ ඇත.

11 ලොකුම නිවාඩුව
ඉතාලියේ හොදින්ම සමරන උත්සව අතර ප්‍රධාන තැනක් ගන්නේ නත්තලයි. එය ජනවාරි 6 දක්වා පවතින අතර එතෙක් පැවතීමට හේතුවක් ලෙස එදින ජේසු තුමාට නැණවත් පුද්ගලයන් තිදෙනා හමු වූ දිනය ලෙස ඔවුන් විශ්වාස කරන නිසාය.

12 හැමදේටම ප්‍රථමයෙන් පවුල
ඉතාලියේ පවුල් ක්‍රමය තුල ඔවුන් අතර දුරස්ථ බව ඉතා අඩු අතර මොවුන් සෑම දේකටම වඩා තම පවුල මුල් කොට සලකයි. මෙහි විවාහ නොවූ අයෙක් තමන්ගේ ම පවුලක් ගොඩනගාගන්නා තෙක් මවිපියන් සමග ජීවත් වීම ලැජ්ජාවට කරුනක් ලෙස නොසලකයි. එසේම මෙහි ළමයින්ට ඕනෑම දෙයක් කිරීමට නිදහස ලබා දී ඇති අතර අනෙක් රටවල සංස්කෘතියන්ට සාපේක්ෂව දරුවන්ට දැඩි නීති පනවා නැත.

13 ප්‍රසිද්ධ නිෂ්පාදන.

ඉතාලියේ නිෂ්පාදනය වන ප්‍රසිද්ධ නිෂ්පාදන නම් ඉහේ කෙස් ගානට ඇතිමුත් එයින් කිහිපයක් පමණක් මෙහි සදහන් කරන්නම්.

ලොව අංක එකේ ගුනාත්මකත්වයෙන් යුත් නිමි ඇදුම් සහ සපත්තු නිෂ්දපාකයා. Dolce & Gabbana, Versace, Gucci, Giorgio Armani, FILA, Diesel වැනි ප්‍රසිද්ධ විලාසිතා නිර්මාණ රැසක්ම ඇත්තේ ඉතාලියේය.
ලම්බෝගිනි ෆෙරාරි සහ මසරාටි වැනි සුපිරි මෝටර් රථ (ඩුකාටි යතුරුපැදි )

සිරිසේන බෑණාගේ පරණ නැවට බිලි වූ අලුත්ම මිනිස් බිල්ල, ට්‍රැවිස් සින්නයියා.



නාවික හමුදා ඉතිහාසයේ කෙටිම කාලයක් නාවික හමුදාපති තනතුර දැරූ කීර්තිමත් රණ ශූරයෙකු වූ අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා විශ්‍රාම ගන්වා ඇත.. ඊට ප්‍රධාන හේතුව මහ තැන්වල ලාභය සදහාම මිලදී ගැනීමට නියමිත රටට බොහෝ අවාසිදායක කුප්‍රකට රුසියානු නැව් කබලේ ගණුදෙණුවට ඔහුගෙන් එල්ල වූ විරෝදය නිසා බව කියවේ.

අද්මිරාල් සින්නයියා නාවික හමුදාපති ධූරයට පත් වන විට ඔහුගේ පත්වීමට විරුද්ධව අපිද පෙනි සිටියෙමු.. ඊට හේතුව වූයේ ඔහු නාවික හමුදාවෙන් ඉවත්ව ගොස් ඇමරිකානු තානාපති කාර්යාලයේ වගකීමක් දැරූ පුද්ගලයෙකු වූ නිසාය.. යහපාලන ආණ්ඩුව පත්කල නිලධාරීන් බොහෝ දෙනෙකුගේ හැසිරීම සහ අද්මිරාල් ට්‍රැවිස් සින්නයියාගේ ඇමරිකානු මිලිටරි සම්බන්ධය සැලකීමේදී එම පත්වීම ගැන විරෝධයක් එල්ල වීම අසාධාරණ නැත..

නමුත් යමපාලනයට නිවටයන් සේ පක්ෂග්‍රාහීව වහල්කම් කරන ඉහළ නිලධාරී රොත්තක් මැද තම කීර්තිනාමය නිකලැල්ව තබා ගෙන තනතුර හැර යන්නට අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා සමත් වී ඇත..

බෙඳුම්වාදී ත්‍රස්තවාදී කල්ලියෙන් මාතෘ භූමිය මුදා ගැනීමට සක්‍රීය දායකත්වය ලබා දුන් විශිෂ්ඨ නිලධාරියෙකු සෙන්පතියෙකු වූ අද්මිරාල්වරයාගේ විශ්‍රාම දිවිය යහපත් වේවා.


මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...