Friday, October 20, 2017

අධ්‍යක්ෂවරු තමන්ගේ නිර්මාණය වෙනුවෙන් පෙනී හිටි චරිත අපහරණයට ලක් කළා





අනෝමා ජනාදරී කියන්නේ සිනමාව වගේම පුංචි තිරය තුල කලාත්මක නිර්මාණ වලින් දකින චරිතයක්. සමාජ සම්මතෙන් එහාට ගිහිං උඩුගං බලා පීනන එක ලේසි වැඩක් නොවුණත් ඇය උඩුගම් බලා පිහිනනවා. නිරන්තරයෙන්ම ලිංගිකත්වය නිරුවත කතා කරන ඇය සමාජයේ කතාබහට ලක්වෙන චරිතයක් බවට පත් වෙලා. ඇය පුවත්පතක් සමග කළ කතාබහක් මේ.
අනෝමා සිනමාවේ දැන් ඉන්නේ කොතැනද?
‘ඇත්තටම දැන් මම සිනමාවේ ඉන්නේ කොතැනද? ඒක දීර්ඝව කතා කළ යුතු විස්තීර්ණ මාතෘකාවක්. මම කතා කළේ සිනමාව ගැන කාන්තාව ගැන. චිත්‍රපට හදපු බොහෝ අධ්‍යක්ෂවරු තමන්ගේ නිර්මාණය වෙනුවෙන් පෙනී හිටි කාන්තාවගේ කරපිටින් නැග්ගා. ඔවුන් ඒ කාන්තාවන් අපහරණයට ලක් කළා. මම මේ කියන්නේ මා ඇතුළු සියලුම කාන්තාවන් ගැන. අපි ගත්තොත් එහෙම දම්මි ෆොන්සේකා, චන්දි රසිකා, අනූෂා සොනාලි, සුමනා ගෝමස්, ගයේෂා පෙරේරා. මේ අතර මම ඉන්නේ වාණිජ නොවන අංශයේ. වාණිජ සහ වාණිජ නොවන සියලුම අංශයේ කාන්තාවන් අපහරණයට ලක්වෙලා කියලයි මම හිතන්නේ.’
ඔබ ඒ තුළ කලකිරීමට පත් වෙලාද ..?
‘මම කිසිසේත්ම කලකිරිලා නෑ. මේක හරි තැනට ගන්න ඕන කියන දැඩි අධිෂ්ඨානයක මම ඉන්නවා.’
‘මේ වෙනකොට මම ලබපු අත්දැකීම් මේකට මට පන්නරයක්. මට මේ අත්දැකීම පළමුවෙන් ලැබෙන්නේ ‘තනි තටුවත්’ සමඟ. ඒ චිත්‍රපටයේ මට කිව්වේ නොතිබූ ගිවිසුමකට ගෙවිය නොහැකියි කියලයි. ගිවිසුමක් නොතිබුණාට මට ගෙවන්න. වික්කේ මගේ ඇඟ. ඒකයි මගේ අදහස වුණේ. ඊට පස්සේ 2013 අලුත් තරුණයකු අලුත් පිටපතක් අරගෙන එනවා. ඔහු මට කියනවා මේක අක්කා නිසා මම ලිව්වේ.
අක්කාට විතරයි මේක කරන්න ඉන්නේ. මේක මට කරලා දෙන්න කියලා. ඒ අතරතුර කතාබහ වර්ධනය වෙලා 2015 රූගත වෙනවා. ඉදිරිපත් කළා පිටපතක්. ඒකේ තියෙන්නේ 88 – 89 කාලයේ සැමියා මියගිය බිරිඳක් දරුවෝ 08 දෙනකුත් සමඟ ජීවිතයට මුහුණ දෙන ගැහැනියක්. මේ පිටපතට අනුව මම කැමැති වෙනවා මේ පිටපතට අනුව ඇය විඳින අනේක විධ දුක් කම්කටොලුවලට. ඒක ලොකු වපසරියක් තිබුණ චරිතයක්. ඒ අනුව ඒක කරනවා.
ඊට පස්සේ සිද්ධ වෙන්නේ මේකට ජ්භදඤ කරලා තියෙන්නේ පිටරටින් ඔහුට. ඔහු මේක විදේශ සම්මාන උලෙළවලට ගෙනි යනවා. රූගත කළේ පිටපත තමයි. එක දර්ශනයක් මම කරන්නේ නෑ. ඒක අනවශ්‍ය දර්ශනයක් නිසා. මෙතැන්දී මේ පිටපතට අනුව රූගත කරපු චිත්‍රපටය අරගෙන මේ පුද්ගලයා විදේශ සම්මානවලට යනවා. මේ වන විට කොරියාව, ජපානය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, ඉතාලිය, ජර්මනිය යනාදී රටවල සම්මාන උලෙළවල ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඔහු ඒ චිත්‍රපටය ඉදිරිපත් කරලා විදේශ සම්මාන, කීර්තිය, මිල මුදල් සියළු දේවල් උපයාගෙන තිබෙනවා.
දැන් ඒ චිත්‍රපටය මේ රටේ ප්‍රදර්ශනය කළ අවස්ථාවේ මම අහම්බෙන් දැනගෙන බලන්න ගියා. කොළඹ ඉඳන් තනිවම යාපනයට ගියා. ඒක බලත්දි සම්පූර්ණයෙන්ම මේක ඛ්භබ කරලා ඛ්ඩධන කරලා මොකක්දෝ මසල වඩයක් මෙහේ පෙන්වන්නේ. ඒකේ අසාධාරණය වෙන්නේ රඟපාපු මට සහ මේ රටේ ප්‍රේක්ෂකයාට. අධ්‍යක්ෂවරයාටත් ඒකෙන් හානියක්. මේ සිනමාකරු හරිම වංචනිකයි. මේ වංචනිකයා මුලින්ම කළේ ඔහුගේ මුල් චිත්‍රපට නිළියට. ඇය සියලු දේ දරාගෙන නිහඬ වුණා. මට එහෙම ඉන්න බෑ. මම ඒ වෙනුවෙන් සටන් කරනවා.‘මම බඩගෝස්තරවාදයට රඟපාන්නේ නෑ. මම රඟපානවා නම් ඒ වෙනුවෙන් කැප වෙනවා. මට තිබෙනවා මටම බැඳුණු ගිවිසුමක්. කලාව අපහරණය කරන්න බෑ. කලාව මම කරන්නේ ප්‍රේක්ෂකයන් . . . . . . වෙනුවෙන් තමයි මම කලාව භාවිත කරන්නේ’ ඒ ඇගේ දැක්ම.
අනෝමා කතා කරනුයේ වේදනාවකින්. ඈ හැම විටම ප්‍රකාශ කළේ මේ තුළින් ඈට විශාල අසාධාරණයක් සිදු වී ඇති බවයි. ‘තනි තටුුවෙන්’ චිත්‍රපටයෙන් පසු ඈට තම රංගන දායකත්වය පිරිනැමීමට හැකි වූයේ එක් චිත්‍රපටයකටය. ඒ මාරියෝ ජයතුංග අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයට වුව ද එය මාරියෝගේ මිය යාමත් සමඟ ප්‍රදර්ශනය කරගත නොහැකි විණ. වසර 10 කට පසු ඇය රඟපෑ චිත්‍රපටය ද වර්තමානය වන විට ඇයට දැවෙන ප්‍රශ්නයක් වී ඇත.
සිනමා ජීවිතය එසේ වුව ද දැන් ඇගේ පෞද්ගලික ජීවිතය තුළ ජීවත්වන ගැහැනිය කෙබඳු විය හැකි ද?
‘ඇත්තටම මට විශාල සමාජ, දේශපාලන දැක්මක් තියෙනවා. ඒ තුළ පිහිටා විශේෂයෙන්ම කාන්තාව පිළිබඳ මම මැදිහත් වෙලා වැඩ කරනවා.
කාන්තාව පීඩනයට පත්වීම පිළිබඳ නැඟී සිටීමේ අවශ්‍යතාවය මට දැඩිව තිබෙනවා. ඒක යුගයේ අවශ්‍යතාවය. අනෙක් පැත්තෙන් මම අම්මා කෙනෙක්. මට දරුවෝ කියන්නේ දරුවෝ. දරුවෝ ඇඟේ එල්ලගෙන වන්දි මුදල් අරගෙන ජීවත් වෙන්න මට උවමනාවක් නැහැ. මේ සමාජ දේ්ශපාලන දැක්මත් එක්ක අපි විවාහ වෙන්නේ. ඒ සමාජ මූලාශ්‍රයන් බිඳ වැටෙන කොට මට එතැන රැඳීමේ උවමනාවක් නෑ.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...