Wednesday, October 18, 2017

ණය කන්ද පසුකරන හැටි අගමැති හෙලිකරයි



ක්‍රමවත් සැලසුමක් යටතේ කටයුතු කිරීමෙන් රට සතු සමස්ථ ණය බර අවසන් කළ හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ නාත්තන්ඩිය, මානිංගල ඉදි වූ “අශෝකපුර නිවාස ව්‍යාපෘතිය” විවෘත කිරීමේ උත්සවය අමතමින්. මේ එහිදී අග්‍රාමාත්‍යවරයා පල කළ අදහස්.

“අප තවම ණය කන්දේ මුදුනට පැමිණ නැහැ. 2018 – 2019 වසර වන විට අප ණය කන්දේ මුදුනට පැමිණෙනවා. ණය ලබාගත් පුද්ගලයන් රටේ ඉදිරි පරම්පරා තුනක් පමණ උකසට තබා අවසන්. ඉදිරි වසර දෙක තුළ අපට ගෙවීමට ඇති ණය ප්‍රමාණය රුපියල් කෝටි ලක්‍ෂ 3 ක් වනවා.
අප මෙම විශාල ණය ප්‍රමාණය ගෙවා අවසන් කරන්නේ කෙසේද? මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2018 – 2019 අයවැය යොදවන්නේ එම අති විශාල ණය ප්‍රමාණය ගෙවා අවසන් කිරීම සඳහායි. අපට ණය කන්ද පසුකර යාමට හැක්කේ එම ණය ප්‍රමාණය ගෙවා අවසන් කිරීමෙන් පසුවයි. රටේ මුදල් පාලනය කරමින් අප ඉදිරියට ගියහොත් කෝටි ලක්‍ෂ තුනේ ණය ප්‍රමාණය ගෙවීමට අපට හැකියාව තිබෙනවා. මෙවැනි විශාල ණය මුදලක් පියවීම ලෙහෙසි පහසු කාර්යයක් නොවුණත්, කෙසේ හෝ රට වෙනුවෙන් අප එය සිදු කරන බව මම ඔබට මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි.
ඉදිරි පරම්පරාවට මේ ණය ගෙවීම ඉතිරි නොකර අපේ පරම්පරාවේදීම එය ගෙවා අවසන් කිරීම අපේ බලාපොරොත්තුවයි. මේ ණය කන්ද ගෙවීමට වසර 10 ක් අවශ්‍ය වන්නේ නැහැ.
එක් පැත්තකින් ණය පියවමින්, අනෙක් පසින් ආර්ථික සංවර්ධනය වේගවත් කරමින්, තුන් වැනුව වැඩි වැඩියෙන් ආයෝජන ගෙන්වා ගෙන රැකියා අවස්ථා බිහි කිරීමටත් කටයුතු කරන බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...