Monday, October 30, 2017

සයිටම් සම්බන්ධයෙන් එක එක කට්ටියට අවශ්‍ය විසඳුම්




දොස්තරලා: ලෙඩුන් වැඩි වෙන අනුපාතයට වඩා දොස්තරලා වැඩි වෙන අනුපාතය අඩුවෙන් තියෙන විසඳුමක් ඕනැ.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ: කැම්පස් සිලෙක්ට් වුණ අපට විතරක් උගන්නන අනෙක් උන් මෝඩයන් වෙන ක්‍ර‍මයක් හදන්න ඕනැ.

වාමාංශිකයෝ: නෙවිල් ප්‍ර‍නාන්දුවයි, සයිටම් එකට සල්ලි දුන්න එවුන්වයි ලංකාවෙ අනෙක් සල්ලි තියෙන එවුන්වයි ඔක්කොම දුප්පත් කරන විසඳුමක් ඕනැ.

ආණ්ඩු විරෝධියෝ: අපට විසඳුමක් ඕනැ නැහැ. කොහොම හරි ආණ්ඩුව පෙරළන්න තමයි ඕනැ.

අධ්‍යාපනය නිදහස වෙනුවෙන් පෙනිසිටින: පෞද්ගලික අධ්‍යාපනය ද ඇතුළත්ව අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින ප්‍රජාව සංඛ්‍යාත්මකව ගත්තොත් සයිටම් විරෝධීන්ට වඩා වැඩියි. එහෙම සංදර්භයක් ඇතුළෙ ආණ්ඩුව විසඳුම් දෙන්න ඕනැ සයිටම් විරෝධීන්ගෙ ආන්තික ඉල්ලීම්වටල ය කියලා කියන්නට තියෙන පදනම මොකක් ද? සයිටම් කියන්නෙ මහා ප්‍රශ්නයක සුළු කොටසක් විතරයි. සයිටම් විරෝධීන්ගෙ දේශපාලනය සම්බන්ධ වෙන්නෙ අන්න ඒ නැට්ට එක්කයි. නැට්ට නෙමෙයි බල්ලාව නටවන්නෙ.බල්ලා තමයි නැට්ට නටවන්නෙ.

ආණ්ඩුව: කට්ටියම එකතු වෙලා එකක් කියපල්ලා, කරන්න.


No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...