Tuesday, October 31, 2017

‘සයිටම්’ විසඳෙයිද ? ජනපති යෝජනා සම්බන්ධයෙන් විවිධ ප්‍රතිචාර


සයිටම් (SAITM) ගැටලුව සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කරන විසඳුම රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් පිළිගනු ලැබීම පිළිබඳව තමා සතුටට පත් වෙන බව එම ආයතනයේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පවසයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරන ‘සයිටම්’ (SAITM) අධිපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු, රාජ්‍ය වෛද්‍ය පීඨ සිසුන් නැවත අධ්‍යාපන සහ සායනික කටයුතු සඳහා යොමු කරන ලෙසත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලීමක් ද කරයි.

“සෑම වෛද්‍ය සිසුවකුගේ සිහිනය වන්නේ වෛද්‍යවරයකු ලෙස මූලික සුදුසුකම් සපුරා පශ්චාත් උපාධි පුහුණුව සම්පූර්ණ කොට විශේෂඥ වෛද්‍යවරයකු වීම බැවින් තමා එම ඉල්ලීම කරන” බවත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ඉහත කී නිවේදනය මගින් කියා සිටී.

“සියලු මතභේද දුරලමින් රටේත් සිසුන්ගේත් අනාගත අභිවෘද්ධිය සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු අතර, ශ්‍රී ලංකාව තුළ අධ්‍යාපනය ලැබීමට ඇති නිදහස ස්ථාපනය කිරීමට හැකිවීම පිළිබඳව මම සතුටු වෙමි” වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පවසයි.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...