Monday, February 26, 2018

දූෂණ හා වංචා සම්බන්ධව... අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග.... කඩිනම් කිරීමට කමිටුවක්......

2018 පෙබරවාරි මස 26.

දූෂණ හා වංචා සම්බන්ධව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග කඩිනම් කරලීම සඳහා දොස්තර රාජිත සේනාරත්න, ඩී.එම්. ස්වාමිනාදන් සහ අජිත් පෙරේරා යන අමාත්‍යවරුන්ගෙන් සැදුම් ලත් කමිටුවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා විසින් පත් කරන ලදී.

නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම්වරයා මෙම කමිටුවේ ලේකම් ධූරය දරනු ඇත.

මේ තීරණයට එළැඹියේ අද (26 වන දා) උදෑසන නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්, පොලිස්පති ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අරලියගහ මන්දිරයට කැඳවා පවත්වන ලද විශේෂ සාකච්ඡාවේදී ය. දූෂණ හා වංචා මැඬලීම සම්බන්ධයෙන් මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ලබා දී තිබූ වාර්තාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

අපරාධ යුක්තිය පිළිබඳව විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා අග්‍රාමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් හා තලතා අතුකෝරළ හා සාගල රත්නායක යන ඇමැතිවරුන්ගෙන් යුත් කමිටුවක් පත් කරන ලදී.

පොලිස් දෙපාර්තමේන්තුවේ දේශපාලන පළිගැනීම්වලට අදාළ අභියාචනා පිළිබඳව කටයුතු කඩිනම් කිරීම පිණිස තිලක් මාරපන, රංජිත් මද්දුමබණ්ඩාර හා සාගල රත්නායක යන අමාත්‍යවරුන්ගෙන් යුතු කමිටුවක් ද පත් කෙරිණි.
මෙහිදී වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, මත්ද්‍රව්‍ය වැටලීම් හා සංවිධිත අපරාධ මැඩලීමේ කටයුතු දිගටම ක්‍රියාත්මක කරමින්, අපරාධකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවය.

විශේෂයෙන්ම කාන්තා හිංසනය ගැන නීතිය ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දෙන ලදී. පොලීසිය විසින් පවරන නඩුවලට අවාසිදායක තීරණයක් ලද වහාම ඒ පිළිබඳව අභියාචනා ඉදිරිපත් කළ යුතු බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

මෙම සාකච්ඡාවට මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න, පොලිස්පති පූජිත ජයසුන්දර, විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී එම්.ආර්. ලතීෆ්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Sunday, February 25, 2018

බ්‍රිතාන්‍යයේ වෙසෙන.... ශ්‍රී ලාංකිකයන් විරෝධතාවය....(video)

2018 පෙබරවාරි මස 25.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණි.

බ්‍රිතාන්‍යයේ තහනම් සංවිධානයක් වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ධජය ප්‍රදර්ශනය කිරීමට විරෝධය පල කරමින් මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්වූ බව වාර්තා වෙයි.

වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක.


නීතිය හා සාමය.....රනිල් ගත්තෙ සති 2කට ....

2018 පෙබරවාරි මස 25.

නීතිය හා සාමය අමාත්‍ය ධූරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බාරගෙන ඇත්තේ සති දෙකක කාලයකට බව වාර්තා වේ.

අදාළ අමාත්‍ය ධූරය ලබාදීමට අගමැතිවරයා යෝජනා කර ඇත්තේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට බවත්, එම ධූරය ඔහුට ලබාදීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇමතිවරුන් විරෝධය දැක්වීම නිසා එම අර්බුදය විසඳාගන්නා තෙක් අගමැතිවරයා එම අමාත්‍යංශය බාරගෙන ඇති බව පැවසේ.

කෙසේවුද, ෆොන්සේකා මහතාට අදාළ අමාත්‍ය ධූරය ලබා නොදෙන්නයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද, නාහිමිවරු කිහිපනමක් හා සිවිල් ක්‍රියාකාරීන් ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

නීතියෙන් දඬුවම් වින්ද අයකුට කොහොමද නීතිය හා සාමය දෙන්නේ

මේ අතර, ප්‍රධාන නාහිමි නමක් ජනපතිවරයා අමතමින් නීතියෙන් දඬුම් වින්ද අයකුට නීතිය හා සාමය ලබාදෙන්නේ කෙසේදැවි විමසා ඇති බවද පැවසේ.

Saturday, February 24, 2018

මෛත‍්‍රී හදිසියේ මහින්ද අමතයි.... තීරණාත්මක හමුවකට සූදානම්...

2018 පෙබරවාරි මස 24.

පවතින දේශපාලන තත්වය සම්බන්ධයෙන් සාකච්චා කිරීම සදහා තමන් මුණ ගැසෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනාවක් සිදු කර ඇත.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හදිසියේ හිටපු ජනාදීපතිවරයාට අමතා විමසා ඇත්තේ පවතින දේශපාලන වාතාවරණය ගැන සාකච්ඡාවකට තමන් හමුවිය හැකිද කියායි.

ඉදිරි එළඹෙන තත්ත්වයන් තීන්දුවක් ගත හැකි බව සදහන් කර ඇති හිටපු ජනාධිපතිවරයා සාකච්ඡාව සඳහා ස්ථිර දිනයක් යොදාගෙන නැත.

මෙම සාකච්චාව සදහා මැදිහත් වන්නේ ජනාධිපති සිරිසේන මහතාගේ පවුලේ සමීපතම ඥාතිෙයකු පවද වාර්තා වෙයි

Thursday, February 22, 2018

කැබිනට් සංශෝධනය අද සවස....බලතල වැඩි වෙලා....කැබිනට්ටුවට එජාපෙන් වෙනසක්....

2018 පෙබරවාරි මස 23.

ප්‍රාදේශිය සංවර්ධන ඇමති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරයද , රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමති කබිර් හෂිම් මහතාට මහමාර්ග අමාත්‍යධූරය හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇති බව නිල නොවන ආරංචි මාර්ගවලින් පැවසේ .

යහපාලන ආණ්ඩුවේ දෙවැනිකැබිනට් සංශෝධනයේදී කැපී පෙනෙන වෙනස්කම් රැසක් සිදු කිරීමට එක්සත් ජාතික පක්ෂය එකඟතාවට පැමිණ තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පෙරමුණට හිමි අමාත්‍ය ධුර අතර වැඩි වෙනසක් සිදුකිරීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව පක්ෂය මෙම එකඟතාවට පැමිණ ඇතැයි වාර්තා වේ.

කැබිනට් අමාත්‍ය ධුර 48කට සීමා වන කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය තනතුරු 30ක්ම එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබෙන හෙයින් වැඩි වෙනසක් පෙන්වීමේ හැකියාව එක්සත් ජාතික පක්ෂය සතුව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රකාශ කර ඇති බවද සඳහන් වේ.

මේ පසුබිම යටතේ නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී එක්සත් ජාතික පක්ෂයට හිමි අමාත්‍ය ධුරවල කැපී පෙනෙන වෙනස්කමක් සිදු කිරීමට නියමිතය.

ජාතික රජය යටතේ කැබිනට් නොවන නියෝජ්‍ය අමාත්‍ය ධුර 45ක් පවත්වාගෙන යෑමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉඩ සැලසේ. ඒඅනුව පුරප්පාඩු වී ඇති නියෝජ්‍ය අමාත්‍ය ධුරසංඛ්‍යාවදමෙහිදීසම්පූර්ණකිරීමටඅවධානයයොමුවතිබේ.

මේ අතර නීතිය හා සාමය පිළීබඳ අමාත්‍යංශය ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට පිරිනැනීම සඳහා ජනාධිපතිවරයා අගමැතිවරයා එකඟතාවය පළකර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරයෙකු පැවසීය.

පසුගිය දින කිහිපයේදී ඒ සම්බන්ධව ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර එකඟතාවයක් නොතිබුණද මේ වනවිට එය නිරාකරණය කරගෙන ඇතැයිද එම ඇමතිවරයා කීවේය.

එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ඇමතිවරුන් හා මන්ත්‍රිවරුන් අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ඇතැම් විෂයන් තමන්ට ලබාදෙන ලෙස ඉල්ලීම් කර තිබුණු බවද හෙතෙම පවසා සිටියේය.

මේ අතරේ රාජ්‍ය ඇමතිවරුන් වන රවින්ද්‍ර සමරවීර , සුජීව සේනසිංහ , නියෝජ්‍ය ඇමතිවරුන් වන ආචාර්ය හර්ෂද සිල්වා , අජිත් පී පෙරේරා යන මහත්වරුන් කැබිනට් නොවන ඇමතිවරුන් ලෙස පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද වාර්තා වේ .

යෝජිත ඇමති මණ්ඩල සංශෝධනයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේද විෂය පථයන් වෙනස් වීමට ඉඩ ඇති අතර මහින්ද අමරවීර , දයාසිරි ජයසේකර යන ඇමතිවරුන්ට වැඩි වගකීම් පැවරීමට බොහෝ දුරට ඉඩ ඇති බව පැවසේ
 

Wednesday, February 21, 2018

ජාතික ආණ්ඩුව ඉදිරියටත්.... පවත්වාගෙන යායුතුයි....(video)


2018 පෙබරවාරි මස 21.


"ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියන්නේ හොරකම් නොකරන නායකයෙක්. ඒ හොරකම් නොකරන නායකයාට එකතු වෙලා ඉන්නේ හොරකම් නොකරන අගමැති කෙනෙක්... එතුමා සැලෙන නායකයෙක් නෙවෙයි. එතුමා හෙට උනත් ගෙදර යන්න සුදානම්..." ජාතික විද්වත් සංසදය අගමැති පිලිබඳ අදහස් දක්වයි.

වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක....

මේ ආණ්ඩුවට වැඩ බැරිද?

2018 පෙබරවාරි මස 21.

රනිල් මෛත්‍රී හවුල..... පසුගිය වසර තුනේදි.... රට විනාශ කලේ මෙසේය .

1. ඖෂධ මිල හරි අඩකින් අඩු කිරීම.

2. Stent මිල 450000 සිට 50000 දක්වා අඩු කිරීම සහ නොමිලයේ ලබාදීමට කටයතු කිරීම .

3. පිළිකා රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමේදී ,රජය මගින් වියදම් කල උපරිම මුදල ලක්ෂ 15 සිට රෝගියා සනීප වෙන තෙක් හෝ මිය යනතෙක් වන සම්පුර්ණ මුදල සීමාකරයෙන් තොරව ලබාදීමට කටයුතු කිරීම .

4. වකුගඩු රෝග නිවාරණය සදහාම රෝහලක් ඉදිකිරිම සහ ජනතා අයිතියට පත් කිරීම .

5. දුන්කොල බදු ඉහල දැමීම .

6. සිගරැට් අසුරන වල රූපමය අවවාද 80 % දක්වා ඉහල දැමීම .

7. පාසල් සීමාවක සිට 500m දුර යනතෙක් සිගරැට් අලවි කිරීම තහනම් කිරීම.

8. රෝහල් වල බෙහෙත් බහුල කිරීම.

9. 19 වන වියවස්තා සංශෝදනය තුලින් විධායක ජනාධිපති ක්‍රමය සතු බලතල පාර්ලිමෙන්තුවට ලබා දීම..

10. ස්වාධීන පොලිස් කොමිසම ඇති කිරීම වියවස්තා සංශෝදනය සදහා ක්‍රියාමාර්ග ගැනීම. .

11. මැතිවරණ ක්‍රමය සංශෝදනය සදහා පියවර ගැනීම, ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම.

12. රජයේ සේවක වැටුප 7500 කින් වැඩි කර මූලික වැටුපට එකතු කිරීම.

13. විශ්‍රාම වැටුප් විෂමතා නැති කිරීම තුලින් ඔවුන්ගේ වැටුප 3500 කින් පමණ ඉහල යාම .

14. විශ්‍රාම වැටුප 1000 කින් ඉහල දැමීම. .

15. ජේස්ඨ පුරවැසියන්ගේ ගිණුම් සදහා 15% ක පොලි අනුපාතයක් ලබාදීම.
16. වැඩිහිටි දීමනාව 1000 සිට 2000 දක්වා ඉහල දැමීම .

17. මහපොළ දෙගුණ කිරීම.
18. ඉන්ධන මිල අඩු කිරීම
පෙට්රෝල් 40
ඩිසල් 25
භූමිතෙල් 71
L . P ගැස් 1300
ගැබිණි මාතාවන් සදහා රුපියල් 20000

19. පෝෂණ මල්ල ලබාදීම තුලින් මන්දපෝෂණය තුරන් කිරීමට කටයුතු කිරීම.

20. තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කිරීම.
21. විගනන පනත නිර්මාණය කිරීම.

22. මාද්‍ය නිදහස තහවුරු කිරීම, රාජ්‍ය මාධ්‍ය ස්වාධීන කිරීම.
23. අත්‍යවශය භාණ්ඩ 23 ක මිල අඩු කිරීම.
24. ජාත්‍යන්තර මත්ස්‍ය තහනම ඉවත් කර ගැනීම.

25. GSP + සහන ය ලබා ගැනීම.

26. රබර් පොහොර සනහධරය අඛණ්ඩව ලබාදීම .

27. අමු තේ දළු මිල 55 සිට 110 දක්වා ඉහල දැමීම .

28. කුඹුරු පොහොර සහනාධාර මුදල් බැංකු ගිණුමට බැර කිරීම.
29. කෘෂි රසායන නැති කිරීම .

30. සහන මිලට නිවාස ණය ලබාදීම .

31. ගම් උදාවෙන් නිවාස ඉදි කිරම .

32. නිවාස කපරාරු සදහා 10000 බැගින් සිමෙන්ති ආධාර ලබාදීම.

33. සෑම ග්‍රාම සේවා කොටසකම යටිතල පහසුකම් වර්ධනය කිරීමට මේ වෙනවිට ලක්ෂ 25 ක් ලබාදීම .

34. රුවන්වැලි මහා සෑයේ වැලි මලුව ප්‍රතිසංස්කරණය.
35. ග්‍රාමීය පන්සල් නගසිටවනු වස් ලක්ෂ 5 බැගින් ලබාදීම .

36. පුරා විද්‍යාත්මක ස්ථාන නගා සිටු වීමට මුදල් වෙන් කිරීම.
37. ජංගම ගිලන් රථ සේවයක් ආරම්භ කිරීම .

38. දැයේ දරුවන්ගේ හාත්පස ආරක්ෂාවට සුරක්ෂා නමින් රක්ෂණයක් ඇති කිරීම .

39. එහි දිගුවක් ලෙසින් ජාතික තරුණ සේවා සභාව හරහා ද එම සාමාජිකයන්ට රක්ෂණ ක්‍රමයක් ඇති කිරීම .

40. පිරිවෙන් අද්‍යාපනය ලබන සාමනේර හිමි වරුන්ට 2500 ක දිමනාවක් ලබාදීම .

41. සරසවි සදහා බදවා ගන්න සිසුන් ප්‍රමාණය ඉහල දැමීම.
42. යුද අපරාධ චෝදනා තුලින් රට නිදහස් කර ගැනීම .

43. නියගයකට , මහා ගංවතුරු දෙකකට , කුණු කඳු නයයමකට මුහුණ දීම සහ හානි පුර්ණය .

44. අවි ආයුධ ගබඩාව පිපිරිමෙන් වන උන හානි පුර්ණය.
45. වසර 13 ක අද්‍යාපන අයිතිය තහවුරු කිරීම.
46. පොලිතින් භාවිතය අකර්මන්‍ය කිරීම.
47. මොරගහ කන්ද ජලාශය ජනතා අයිතියට .

48. රාජගිරිය ගුවන් පාලම ජනතා අයිතියට .

49. මහා ණය කන්දක් කලමනාකරණය කිරීම.

50. බස්නාහිර නගර සැලසුම් ව්‍යාපෘතිය යෝජනා කිරීම සහ ආරම්භ කිරීම.

අපේ ලග තිබෙන වටිනා දෙයකට කිසිදිනෙක අපි අගයක් නොදේ,,,

නමුත් දිනෙක එය අපෙන් ගිලිහී ගිය කල එහි අගය අපට තදින් දැනේ,,,

රටේ අනාගතය උදෙසා,,,,,

ආණ්ඩුව විසුරවන්න වෙනස් කරන්න දෙයක් නෑ ඉදිරියට කරගෙන යන්න...

Tuesday, February 20, 2018

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයේ....ෆැමිලියාර් වීසා නිකුත් කිරිමේ... මහාපරිමාණ වංචාවක්....

2018 පෙබරවාරි මස 20.

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලය ෆැමිලියාර් වීසා නිකුත් කිරීම සඳහා මාස හයක්,හතක් නැතහොත් ඉට වැඩි කාලයක් ගන්නවා.ඉස්සර නම් මාස දෙකක්,තුනක් විතර යනවිට වීසා දුන්නා.

ශ්‍රී ලංකාවේ ඉතාලි එම්බසියේ මහාපරිමාණ වංචා වලට විරුද්ධ වෙමු.
 මනුස්සයන්ගේ සල්ලීත් ගසා කන වීසා උකසට තියාගෙන සල්ලී ගැරීම පිළිකුලෙන් යුතුව හෙලාදකිමු.


ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයේ වෙන හොර වැඩ ගැන කියලා ඔය Email එකටදන්වන්න ambasciata.colombo@esteri.it
  

ජනතා ගෞරවය හිමිකර ගත්..... තරුණ මන්ත්‍රීවරු රැසකට....අමාත්‍ය ධූර...

2018 පෙබරවාරි මස 20.

පසුගිය පලාත් පාලන මැතිවරණයේදී සිය ආසන ජයග්‍රහණය කරමින් ජනතා ගෞරවය හිමිකර ගත් තරුණ මන්ත්‍රීවරුන්ට මෙවර නියෝජ්‍ය අමාත්‍ය ධූර ලබාදීම කෙරෙහිද අග්‍රමාත්‍යවරයාගේ අවධානය යොමුවී ඇත.

ඒ අතරම පසුගිය කාලයේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්ව ආසන සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරමින් පාර්ලිමේන්තුවේදී ඉතාම අසාර්ථක වූ අමාත්‍යවරුන්ට කැබිනට් අමාත්‍ය ධූරය ලබා නොදීමටද ඒ මහතාගේ අවධානය යොමුව ඇත.

මේ අතර අලුත් ආණ්ඩුවක් සෑදීමට කුමන්ත්‍රණය කරන තිලංග සුමතිපාල මහතාටද කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා දෙන බවට ඒ මහතා ඔහුගේ මිතුරන් සමග පවසා ඇතැයි වාර්තාවේ.

මංගලට නැවත විදේශ අමාත්‍ය ධුරයට....බ්‍රහස්පතින්දා දිනයේ පැවැත්වෙන නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී නැවතත් විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමට නියමිත බව විශ්වාසදායි ආරංචි මාර්ග පවසයි…

කෙසේ වුවද අරගලයේ නියුතු අනෙක් ඇමතිවරුන්ට තිබූ අමාත්‍යධූරද අහිමි වනු ඇතැයි එජාප ආරංචි මාර්ගවලින් වාර්තා වේ...


Monday, February 19, 2018

ඉතාලි පුරවැසිභාවය... ලබා ගැනීම යනු..... අයිතිවාසිකම් හා වගකීම් රැසක්...

2018 පෙබරවාරි මස 19.

ඉතාලි පුරවැසිභාවය ලබා ගැනීම යනු අයිතිවාසිකම් හා වගකීම් රැසක් නිර්මාණය කරන අවස්තාවකි.

පුරවැසි භාවය (Cittdinanza) පිලිබද කතා කිරීමට පෙර ජාතිකත්වය (Nazionalita') හා පුරවැසිභාවය (Cittadinanza) අතර වෙනස හඳුනාගත යුතුය.

ජාතිකත්වය (Nazionalita') යනු තම ඉතිහාසය, ආගම, සම්ප්රදාය, සංස්කෘතිය, (ඇතැම් විට හැඩ රැව) සහ භාෂාව හරහා නිර්වචනය වන්නකි. ජාතිකත්වය යනු ජාත්යන්තර නීතිය මගින් පිළිගත් මූලික අයිතිවාසිකමකි.
යමෙකුට පුරවැසි භාවය ලබා ගතහැකිවූවත් ජාතිකත්වය වෙනස් වීමට නම් පරම්පරාවන් ගනනාවක් ගතවේ.

ඉතාලි නීති පද්ධතියට අනුව ඉතාලි පුරවැසියන් යනු තමන් ජීවත් වන දේශ⁣යේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පූර්ණ වශයෙන් හඳුනාගෙන ඇති පුරවැසියන් වේ.

ඉතාලි පුරවැසි නීතියට අනුව ඉතාලි පුරවැසි භාවය
නිරායාසයෙන් ලබා ගත හැකි වන්නේ මෙවැනි අවස්තාවන් හීදී පමනයි:

1) උපත හේතුවෙන් ("ius sanguinis" හෝ රුධිරයේ අයිතිය), අවම වශයෙන් එක් ඉතාලි දෙමව්පියෙකුගෙන් (මව හෝ පියා ඉතාලි ජාතිකයෙකු නම්) උපත ලබන දරැවා ඉතාලි පුරවැසියකු වේ.

2) ඉතාලි භූමිය හේතුවෙන් (එනම් "ius soli" හෝ උපන් භුමියේ අයිතිය). ඉතාලි දේශසීමොවේ උපත ලබන දරැවකුව දෙමාපියන් හැරගියහොත් එම දරැවාට කිසිදු වෙනත් පුරවැසිභාවයක් නොමැතිනම් ඉතාලි පුරවැසියකු වේ.

3) ඉතාලි පුරවැසියන් විසින් නීතියෙන් හදාගන්නාවූ දරැවන්ද (Adozione) ඉතාලි පුරවැසියන් වේ.

ඉතාලියේ පුරවැසි නීතියට අනුව
පුරවැසිභාවය ඉල්ලුම් කල හැකි අවස්තා:

1) ඉතාලි පුරවැසියෙකු සමඟ විවාහ වූ විදේශිකකුට ඉතාලි පුරවැසිභාවය ලබාගැනීමට මාස 24න් පසු ඉල්ලුම් කළ හැකියි.

2) ස්තීර පදිංචිය හේතුවෙන් ඉතාලි පුරවැසිභාවය ඉල්ලුම් කල හැකි අවස්තා:

a) ඉතාලියේ උපන් විදේශිකයකු නම් වයස අවුරැදු 18 සම්පූර්න වීමත් සමග තමන් පදිංචි නගර සභාව වෙත යොමු වී ඉතාලි පුරවැසි භාවය ඉල්ලුම් කල හැකියි. මෙම ඉල්ලුම් කිරීම වයස අවුරැදු 19ට පෙර ඉදිරිපත් කල යුතුයි. (මෙහිදී ඉතාලියේ අධ්‍යාපන සහතික, ඉතාලියේ එන්නත් ලබා දුන් සහතික සහ ඉතාලියේ ස්තීර පදිංචිය තහවුරැ කල යුතුයි.)

b) ඉතාලියේ උපන් අයෙකු වයස අවුරැදු 18 සම්පූර්න වීමත් සමග ඉතාලි පුරවැසි භාවය ඉල්ලුම් නොකලේ නම්, අවම වශයෙන් අඛන්ඩව වසර තුනක නීත්‍යානුකූලව පදිංචිය තහවුරැ කරමින්, ආදායම් වාර්තා ඉදිරිපත් කරමින් ඉල්ලුම් කල හැකියි.

c) ඉතාලියේ සරණාගත රැකවරණය හිමි පුද්ගලයන් අවම වශයෙන් වසර පහක කාලයක් තුළ ඉල්ලුම් කල හැකියි;

d) ඉතාලියේ නීත්‍යානුකූල නේවාසික පදිංචිය නොකඩවා අවුරුදු දහයක් ඇති අයද මේ සදහා සුදුසුකම් ලබයි.

ඉහත සඳහන් කරන ලද අවස්තාවන්හීදී පෞද්ගලික ආදායම හෝ පවුලේ ආදායම ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
නීතිඥ සචිනි වර්ණකුලසූරිය
0039 388 6279735

ශ්‍රිලනිපය ජාතික ආණ්ඩුවෙන්.... ඉවත්වූ බවට දැන්වීමක් නෑ.... කරු ජයසූරිය...(video)

2018 පෙබරවාරි මස 19.

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටවූ ජාතක ආණ්ඩුවෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඉවත්වූ බවට වන දැන්වීමක් තවමත් තමන්ට නොලැබුණ බව කතානායක කරු ජයසූරිය මහතා පැවැසීය.

ඒ ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා යොමුකළ ගැටලුවකට පිළිතුරු දෙමිනි.

අද දිනයේදි මාධ්‍ය වාර්තා කළ ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්ව ඇත්දැයි යන්න පිළිබඳව දිනේෂ් ගුණවර්ධන මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් විමසා සිටියේය.

වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක....(02)
‘113 තියා 13 ක් පෙන්වගන්න බෑ’... නලීන් බණ්ඩාර ඒකාබද්ධයට අභියෝග කරයි(VIDEO)

Sunday, February 18, 2018

අගමැති රනිල්මය... කිලී.... මරා හතර හන්දි කඩාගෙනය..... ඒත් තවම....සිරස උම්බෑ කියයි...

2018 පෙබරවාරි මස 18.

සම්මුතික ආණ්ඩුව බිඳ වට්ටවා පහත් පටු දේශපාලන හා පෞද්ගලික වුවමනාවන් ඉ‍ටුකර ගැනීමට කිලී මහරාජා සහ මහින්ද රාජපක්ෂගේ පොහොට්‍ටු කල්ලිය සිදු කළ කුමන්ත්‍රණ හෙළිදරව්වී ඔවුන් හතර හන්දි කඩාගෙන සිටියද තව දුරටත් එම උත්සාහයයන් වල නිරත වෙමින් සිටී.

ජනාධිපතිවරයා තමන්ගේ ගොබ්බ උපදේශකයන්ගේ රැවටීම බහට අවනත වී පසුගිය කාලයේ කළ පිස්සු කෙලීම මේ වන විට ඔහු තේරුම් අරගෙන තිබේ යැයි ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි.

එහෙත් කිලී මහරාජාගෙන් එල්ලවන පීඩනය තවමත් එසේම සිදුවෙමින් පවතී. ජනාධිපතිවරයාට මේ පීඩනයෙන් ගැලවීමට නොහැකි වී ඇත්තේ විශේෂයෙන්ම සිරිසේන පවුලේ සහෝදරයන් සහ දුව බෑනා මහරාජාගේ උගුල් වල පැටලී සිටීම නිසා බවද කියැවේ.

පවුලේ උදවියගේ ආරක්ෂාව වෙනුවෙන් කර කියා ගන්නට දෙයක් නැති තැනට ජනාධිපතිවරයා පත්ව ඇති බව කියැවේ. පවුලේ සාමාජිකයන්ගේ දැවන්ත මුල්‍ය ගනුදෙනු හා අක්‍රමිකතා හේතුවෙන් මහරාජාට පි‍ටු පෑමට නොහැකිව ජනාධිපතිවරයා තවමත් සිරව සිටින බව එම ආරංචි මාර්ඟ පෙන්වා දෙයි.

කෙසේ නමුත් මේ තත්වය ගැන අගමැතිවරයා දැනුම්වත්ව සිටි අතර ඔහු සුක්ෂම ලෙස කටයුතු කරමින් එම තත්වයන් පාලනය කිරීමට සමත්ව තිබේ.. අගමැතිවරයා එජාපයේ නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා කිලී මහරාජා එජාපයේ කිහිප දෙනෙකු අල්ලාගෙන ගෙන ගිය කුමන්ත්‍රණයද තාවකාලිකව පරාජය කිරීමට අගමැති සමත්ව ඇත.

කෙසේ නමුත් අවසානයේදී අද සවස කතානායකවරයා ද සම්බන්ධ වු සාකච්ඡාවේදී ජනාධිපති සහ අගමැති වත්මන් සම්මුතික ආණ්ඩුව අත්‍යවශ්ය ප්‍රතිසංස්කරණයන් සමඟ දිගටම පවත්වාගෙන යාමට තීරණය කර තිබේ.

මෙය රටේ ජනතාවගේ වාසනාව නිසා සිදුවූ දෙයක් යැයි කීවාට වරදක් නොමැත.. එසේ නොවුනා නම් රටම අවුලෙන් අවුලට පත් වී යළි අරාජක කාලකන්ණි යුගයක් නිර්මාණය වීමට ඉඩ තිබිණි.

ඒ කෙසේ නමුත් රාජපක්ෂගේ පොහොට්‍ටු කණ්ඩායම හා කිලී මහරාජාගේ බත් බැලයො ටික හෙට සිටම ආණ්ඩුවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගවලට එළඹෙනු ඇත. පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑමට ඉඩ නොදීමත් මාධ්‍ය හරහා ආණ්ඩුවට එරෙහිව මඩ අවලාද නැගීමත් සිදුවනු ඇත.

මේ තත්වයන් යටතේ ආණ්ඩුවට පසුගිය කාලයේ හුරතල් කරමින් සිටි වංචනිකයන්ට අපරාධකාරයන්ට එරෙහි ක්‍රියාමාර්ග ඉදිරියට ගැනීමට අනිවාර්යෙන්ම සිදුවෙනු ඇත. දේශපාලන ගේම් ගැසීම වෙනුවට රට ගැන ජනතාව ගැන හිතා පැහැදිලි දැඩි තීන්දු ගැනිමට සිදුවනුද ඇත.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපලය ආණ්ඩුවේ පැවැත්මට කිසි ලෙසකින්වත් හානියක් බලපෑමක් සිදු නොකළ නමුත් අගමැති රනිල් තනතුරෙන් ඉවත් විය යුතු බවට ව්‍යාජ ජනමතයක් සකස් කිරීම කිලී මහරාජාගේ මාධ්‍ය පඩංගු මඟින් සිදු කළ අතර කිලි මහරාජා විසින් නිවාස අඩස්සියට ගෙන සිටි ජනාධිපතිවරයාද තමන්ගේ දැවන්ත පරාජය වසා ගැනීමට එයම පුනරුච්චාරණය කිරීමට පටන් ගැනීම මේ අර්බුධයට හේතු විය. මේ ව්‍යාකූලතාවයෙන් ප්‍රයොජනයට ගත් මහින්ද රාජපක්ෂ විසින්ද මේ ඇවිලෙන ගින්නට පිදුරු පමණක් නොව පැට්‍රෝල් ද විසි කරමින් පැත්තකට වී බලා සිටියේ තමන්ට වාසියක් වන තුරුය.

මේ තත්වය නිසා රට අරාජක විය. රාජ්‍ය යාන්ත්‍රණය උඩුකුරුඤ්ඤං වී තිබේ. රාජ්‍ය ආයතනවල මහින්ද වාදි කොටස් දැස් නොවසා බලා සිටියේ මහින්දගේ ආණ්ඩුව පිහි‍ටුවන තෙක්ය. අපරාධ චූදිතයෝ ඉන් නිදහස් වීමේ බලාපොරොත්තු දල්වාගෙන සිටිති. ඒ විමර්ශන කටයුතු අඩපණ වී ඇත. නීතිපතියේ ෆයිල් වසා දමලාය. ගමේ අලුත් පොහොට්‍ටු මෙම්බර්ලා කොන්ත්‍රාත් කඩා ගැනිමට පිඹුරු පත් සකස්මින් සිටිති. සිදුවෙමින් පැවති සංවර්ධන කටයුතුද මඟ හිටයේය. ආර්ථිකය අයාලේ යන්නට හැර තිබේ. ඩොලරය ඒ පස්සෙන්ම ඉහළය යමින් තිබේ..මඟට ආ ආයෝජකයෝද ආපසු හැරී යමින් ගියෝය. රට කිසිදු පාලනයකට යටත් නොවී පසුගිය සතිය ගෙවී ගියේය.

මේ අරාජිකත්වය තව වැඩි දවසක් පැවැතුනානම් රට මුලුමනින්ම කඩන් වැටෙනු ඇත. රට විසාලා මහනුවරක් වනු ඇත. මේ තත්වයන් තවදුරටත් ඉදිරියට ගොස් කිලී මහරාජගේ ආසාව අනුව ජනාධිපති මෛත්‍රීපාල විසින් අගමැතිවරයාව ඉවත් කිරීම සිදුවූවා නම් රටට වන අනතුරට මේ කිසිවකුත් වග කියන්නෙ ද නැත.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යනු.... දේශපාලනික කාල... බෝම්බයකි....·

2018 පෙබරවාරි මස 17.

මේ මොහොත වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යනු දේශපාලනික කාල බෝම්බයකි. ඒ මන්දයත් මීළඟ ජනාධිපතිවරණයේදී හෝ ඊට පෙර ඔහු තමා වටා සිටින කිහිපදෙනාත් සමග නිසැකවම පුපුරා යන නිසාය.

"මම තමයි ජනවාරි 8 සුපර් මෑන්, මිනිස්සු ජනවාරි 8 ඡන්දය දුන්නෙ මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන්න⁣ටය" යනාදී වශයෙන් ජනාධිපතිවරයා ස්වයංව හෝ කාගේ හෝ ඉගැන්නුම් බහට එළඹ සිටින සාවද්‍ය වූ නිගමනයන් නිසා ⁣ජනවාරි 8 ජයග්‍රහණයෙන් පසු ලංකාවේ මැන්ඩෙලා වෙන්නට සිටි ඔහු නිකම්ම "කනවැන්දුම් බංඩලා" විය.

ජනවාරි 8 ජයග්‍රහණයේ සිරිසේන ජනාධිපතිවරයාගේ දායකත්වයේ කෝටාව කෙතෙක්දැයි පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සංඛ්‍යාත්මක අගයක් ලෙසම මැනවින් පෙනුණි. එය ජනාධිපතිවරයාට කෙතරම් තෘප්තිදායක වී තිබේදයත් එම ප්‍රතිඵල නිකුත් වූ පසු මාධ්‍ය ඉදිරියට එන්නට ධෛර්ය උපදවාගන්නට ජනාධිපතිවරයාට තවමත් හැකිවී නැත. තමා සිතන තරම් තමා පොරක් නොවන බව තමාටම අවබෝධ වන අවස්ථාව එක අතකින් ආනන්දජනකය

මේ තත්වය නිසා ජනාධිපතිවරයා දැන් එකඟතාවයකට එන්නේ යම් පාර්ශවයක් සමඟද එම පාර්ශවය එක්කෝ 2020දී තමන්ගේ අපේක්ෂකයෙකු ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමේ සිහිනය අතහැර සිරිසේන ජනාධිපතිවරයාට සහය දීමට හිත හදාගත යුතුය. නැත්නම් තමන් ඉදිරිපත් කිරීමට සිතා සිටින අපේක්ෂකයාට සහය පලකොට තමා විසින්ම තමාම කප්පාදුවට ලක්කර ගැනීමට සිරිසේන ජනාධිපතිවරයාව එකඟ කරගත යුතුය. මේ එකගතා දෙකෙන් එකකට නොඑලඹී සිරිසේන ජනාධිපතිවරයා සමඟ දේශපාලන සහයෝගීතාවයකට එළැඹීම යනු එසේ එකඟතාවයකට එළඹෙන කණ්ඩායම නිසැකවම වසර දෙකක කාලයක් ඇතුලත දේශපාලන වශයෙන් පුපුරා යාමට ලක්වීමය.

කුමන කතා කිවුවද ඒකාබද්ධ විපක්ෂය මේ යථාර්ථය දැක ඇති බවක් පෙනෙන්නට ඇත. සුසිල් ⁣පේමජයන්ත අමාත්‍යවරයා නගුට ගිණිතබාගත් හනුමා සේ කෙතරම් නැටුවද වෙහෙස මහන්සි වුවද ජනාධිපති සිරිසේන සමග ඩීල් දමා ආණ්ඩු බලය බලාපොරොත්තු වූවාට වඩා වසර දෙකකට පෙර ලබාගැනීමට (අමුවෙන් ගෙඩිය කඩාගැනීම) ඒකාබද්ධය හදිසියක් නොපෙන්වන්නේ මෛත්‍රීපාල සිරිසේන යනු මේ මොහොතේ දේශපාලන බෝම්බයක්ය යන ඉහත කී යථාර්ථය ඔවුන්ගේ න්‍යයාචාර්යවරයන් මැනවින් වටහාගෙන ඇති නිසා විය යුතුය. ඇතැම් අවස්ථා වලදී තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් බිහිකරන්නේනම් එයට සහය දෙන නමුත් තනතුරු වගකීම් කිසිවක් භාර නොගන්නා බව පවසන්නේද මෙම යථාර්ථය වටහාගෙන ඇති නිසාමය.

එජාපයද ජනාධිපතිවරයා සමග පවත්නා ඩීල් එක දිගුකිරීම යනු නියත වශයෙන්ම දිගින් දිගටම අප්‍රසාදයට පත්වන මාවතකට පිවිසීමකි. මන්ද ගතවූ තෙවසරක යහපාලන ආණ්ඩුවේ කාලයට සාපේක්ෂව අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය සමග ජනාධිපතිවරයාගේ ගැටුම උත්සන්න වීම ඉදිරි වසර දෙක තුල අනිවාර්ය බැවිනි. ජනාධිපතිවරයා රජයේ ඇතැම් ප්‍රතිපත්ති හදිසියේ මැදිහත් වී වෙනස්කරන "අසිපත අතගත් අසරුවා සෝරෝ" වැනි භූමිකාවකට පණපෙවීමට තැත් කිරීම මගින් රජය මෙන්ම තමාවද විහිළුවට සහ හෑල්ලුවට ලක්කරගන්නා අවස්ථා ඉදිරියේදී අධික වනු ඇත.

එබැවින් 2020 ජනාධිපතිවරණයේදී තම පක්ෂය ජයග්‍රහණය කරවාගන්නට යම් පක්ෂයක් කල්පනා කරන්නේ නම් ඔවුන්ට මේ අවස්ථාවේ ගතහැකි හොඳම දේශපාලන උපක්‍රමික තීරණය නම් සිරිසේන ජනාධිපතිවරයා සමඟ අත්වැල් බැඳගැනීම මගින් ඔහු සමග දියබත් වීමේ අවදානමට මුහුණදීම නොව ඔහුගෙන් හැකිතාක් ඈත් වීමය. එ් සඳහා ඉදිරි වසර දෙක තුල විපක්ෂය බවට පත්වීමට සිදුවුවද එවැනි පසුබැසීමකින් සිදුවන්නේ යහපතක්මය.

ඒ අනුව රට මෙන්ම රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකද අතිශය තීරණාත්මක අවස්ථාවකට මුහුණදී සිටින්නේය. ගිලෙන්නේ කවුද යන්න ඉදිරි සතිය දෙක තුල ප්‍රත්‍යක්ෂ වශයෙන්ම බලාගත හැකිවනු ඇත.

Athila Athauda

Saturday, February 17, 2018

මහරගම බයිසිකලේට දිනේෂ්ගෙ ලේලිය..... සමන්මලී සකලසූරිය බඩල්ගමින්.... නැග්ගවු අටකගේ IDත් අවුල්....

2018 පෙබරවාරි මස 17.

පොදුජන පෙරමුණ වෙනුවෙන් මහරගම නගර සභාවට බයිසිකලය ලකුණින් තරඟ කළ ස්වාධීන කණ්ඩායමේ 8 දෙනෙකුගේ ජාතික හැඳුනුම්පත් අංක සම්බන්ධව අර්බුදයක් පැන නැගී ඇත.

එනම් මෙහි එන පුද්ගලයන් 8 දෙනෙකුගේ ජාතික හැඳුනුම්පත් අංක පලාත් පාලන ඡන්ද හිමි නාමලේඛනයේ පරික්ෂා කිරීමේදී අදාළ අංකයට අදාළ නම සොයාගත නොහැකි වීමයි.මෙම නාමලේඛනය සකස්කොට ඇත්තේ දිනේෂ් ගුණවර්ධන මහතාගේ ලේලිය වන ගම්පහ දිවුලපිටිය ආසනයේ මහින්ද පිලේ පලාත්සභා මන්ත්‍රී සමන්මලී සකලසූරිය මහත්මිය විසින් බව මාධ්‍ය වාර්තා කොට ඇත.

මැණික්පුර දේවගේ කාංචනා මධුෂිනී (966291257 V ), රාජපක්ෂ මොහොට්ටිගේ කරෝලිස් (330151656 V ), බෝබුවල දේවගේ ජොසපින් (475660887 V ), හසිනි රැවන්ති (969354050 V ), ඉඳුරුවනගේ නදීකා කුමාරි (917913412 V ), දේවගේ විලමාවතී (385800671 V), පින්නවල කටුගහගේ සුසිලා නන්දාවතී (455450110 V), රණධීරගේ ලක්මාලි දිල්රැක්ෂි (806261238 V) යන අයගේ හැඳුනුම්පත් අංක මෙසේ ප්‍රශ්නගතව ඇත.

ඡන්ද හිමි නාමලේඛනයේ පරික්ෂා කිරීමේදී දැක්වෙන්නේ පහත පරිදිය.

Friday, February 16, 2018

ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රය අහිමිවිමේ.....ශ්‍රී ලාංකික වැඩි හරියක් මුහුණ පා ඇත....

2018 පෙබරවාරි මස 16.

Questura විසින් ලබා දෙන....ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රය (permesso di soggiorno) අලුත් නොකිරීම.

ඉතාලියේ ජීවත්වන බොහෝ ලාංකිකයන්ට ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රය අලුත් කිරීමත් සමග විවිධ ගැටලු සහගත අවස්තාවන්ට මුහුනපාන්නට සිදු වන බවත්, දිනෙන් දින මෙවැනි ගැටලු වැඩිවන බවත්, මෙවැනි අවස්තාවන් හීදී නීති උපදෙස් පතා මා වෙත පැමිනෙන ලාංකිකයන් වර්ධනයක් දක්නට ලැබෙන නිසා, මේ සම්බන්ධයෙන් යමක් ඔබ හමුවේ තැබීමට සිතුවා.
ඉතාලියේ ආගමන විගමන සංග්‍රහයේ (Tui) 5 වන ඡේදයේ 5 වන වගන්තියට අනුව, විදේශිකයන් ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රය අලුත් කිරීමට අවශ්‍ය සුදුසුකම් නොමැති කම හේතුවෙන් මේ වන විටත් ඉතාලියේ ජීවත් වන බොහෝ දෙනාට ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රය අහිමි වීම් දිගින් දිගටම වාර්තා වනවා.

⁣අවශ්‍ය ආදායම (Cud, dichiarazione dei redditi, buste paghe, ecc) නොමැති වීම; ස්තීර පදිංචි ස්ථානයක් නොමැති වීම (residenza) ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රය අලුත් නොකිරීමට ප්‍රධාන හේතුන් වනවා.

ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රය කල් ඉකුත් වීමට අවම වශයෙන් දින 60කට පෙර එය අලුත් කිරීමට එය භාර දිය හැකි බව ආගමන විගමන සංග්‍රහයේ (Tui) 5 වන ඡේදයේ 4 වන වගන්තිය සදහන් කරන අතර, දින ඉකුත්වීමෙන් පසු දින 60ක් ඇතුලත එය අලුත් කිරීමට ඉල්ලුම් කිරීමට ලබා දෙන සමා කාලය පොදු නීතියට අනුව ලබා දෙනවා.

ආගමන සම්මුතියේ (Tui) 5 වැනි ඡේදයේ 5 වැනි වගන්තියට අනුව, අපරාධ නීති සංග්‍රහයේ 380 වන වගන්තියේ සඳහන් කර ඇති වැරදි සම්බන්ධයෙන්, සහ 407, 2 වැනි ඡේදය, A) අපරාධ නඩුද, 12 වැනි වගන්තියේ 1 සහ 3 වැනි ඡේදයෙහි සඳහන් අපරාධවලට සම්බන්ධයෙන්ද රැදී සිටීමේ බලපත්‍රය අලුත් නොකිරීමට හේතු වනවා.

ඉතාලියට පැමිනීමට හා රැදී සිටීමේ අරමුනින් විවාහයක් සිදු කර ඇති බවට තහවුරු වුවහොත්ද එම බලපත්‍රය අවලංගු කල හැකි අතර ව්‍යාජ සහතික හෝ ලියවිල්ලි ඉදිරිපත් කිරීම, අල්ලොජ්ජෝ, ගෙවල් කොන්ත්‍රාත්, රැකියා කොන්ත්‍රාත්තුව, ඉතාලි භාශා සහතිකය A2 සහ ඉදිරිපත් කරන්නාවූ ඕනෑම ලියවිල්ලක් ( Alloggiativa, Contratto di affitto, contratto di lavoro, esame di italiano) මුදල් ගෙවා ව්‍යාජ ලෙස ලබාගෙන යැයි ඔප්පු වුවහොත් ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රය අවලංගු කල හැකි අතර අපරාධ ණඩු සහ බරපතළ සිර දඩුවම්ද ඉතාලි අධිකරණය විසින් ලබා දිය හැකියි.

නීතිඥ සචිනි වර්ණකුලසූරිය
0039 388 6279735

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...