Thursday, February 8, 2018

ශ්‍රීපති සූරියාරච්චි දස වැනි ගුණානුස්මරණය අද.....2008 මහින්ද රාජපක්ෂගේ උදහසට ලක්විය.....(video)

2018 පෙබරවාරි මස 09.

හිටපු අමාත්‍ය නැසීගිය ශ්‍රීපති සූරියආරච්චි මහතාගේ දස වන ගුණානුස්මරණය පෙබරවාරි මස 09 අද වැනි දිනට යෙදී තිබේ.

ඒ නිමිත්තෙන් එතුමාගේ නිවසේ සර්ව රාත්‍රික පිරිත් දේශනයක් සිදු කිරීමට නියමිත බව ඔහුගේ බිරිඳ වන දිල්රුක්ෂි සූරියාරච්චි මහත්මිය පැවසීය.

මෙහිදී පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එතුමා ළඟින් ඇසුරු කළ අමාත්‍ය මංගල සමරවීර ,හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු දේශපාලඥයන් රැසකට ආරාධනා කළ බව සූරියාරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.

වසර 1962 සැප්තැම්බර් 08 වන දින උපන් සූරියආරච්චි මහතා.... 2008 පෙබරවාරි 08 වන දින රිය අනතුරකින් මිය ගියේය.

නීතිඥවරයකු වූ ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙසද කටයුතු කර ඇත.

2005 ජනාධිපතිවරණයෙ දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කරවීම සඳහා සුවිශාල කාර්යභාරයක් කළ ඒ මහතා, එම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් හෙබවූ අතර මාස කිහිපයකට පසු ඔහුට එම ඇමැති ධුරයෙන් ඉවත් වන්නට සිදු විය.

පසුව මංගල සමරවීර මහතා සමඟ එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශ්වය පිහිටුවීමට ක්‍රියා කළ ඒ මහතා, එහි ජාතික සංවිධායක ලෙස ද කටයුතු කළේය.

ශ්‍රීපති සූරියආරච්චි මහතා මිය ගිය මෝටර් රථ අනතුර සැක සහිත බවට ද අදහස් පළ වූ අතර අනතුරෙන් ඒ මහතා සමඟ සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

කොටි ත්‍රස්ථවාදීන්ට මුදල් ලබාදී 2005 ජනාධිපතිවරනයේ උතුරු නැගෙනහිර චන්ද වර්ජනයක් ඇතිකරවා වන්චාකාරී ලෙස එවකට ජනපති අපේක්ෂක මහින්ද ජනමතය මංකොල්ල කෑ බවට කරුනු හෙළිදරවුකිරීම හේතුවෙන් රාජ උදහසට ලක්විය.... ශ්‍රීපති සූරියාරච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට රිය අනතුරක් හේතුවෙන් මිය යාමට සිදුවිය.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...