Friday, February 16, 2018

මට බහුතර බලය තිබෙනවා.....ආණ්ඩුව දිගටම යනවා.....අගමැති රනිල්ගේ විශේෂ ප්‍රකාශය... (Video)

2018 පෙබරවාරි මස 16.

අගමැති වෙනස් කිරීම ව්‍යවස්ථානුකූලව සහ සම්ප්‍රදායට අනුව කළ යුතුයි.

තම අග්‍රාමාත්‍ය ධූරයෙන් තිබෙන වත්මන් ආණ්ඩුවට බහුතර බලය තවමත් තිබෙන බවත්, අගමැතිවරයා වෙනස් කරන්නේ නම් ඊට ව්‍යවස්ථාව සහ සම්ප්‍රදාය අනුව කටයුතු කළ යුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පැවැති තම විශේෂ ප්‍රකාශයේ දී සඳහන් කෙළේය.

වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක.

19 වන ව්‍යවස්ථා සංශෝධනයේ (46) (2) වගන්තිය

(2) අග්‍රාමාත්‍යවරයා,
(අ) ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ස්වකීය ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් හෝ,
(ආ) තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවුවහොත් හෝ,
මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන යටතේ යම් තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේ ද ඒ තාක් කල් ස්වකීය ධූරය දරන්නේ ය.

එනම් පැහැදිලිවම අමාත්‍ය මණ්ඩලය පවතින තාක් කල් අගමැතිධූරය ජනාධිපතිවරයාට වෙනස් කළ නොහැකිය. ආණ්ඩුව විසිරුවා හැරියද ඊලඟ ඡන්ද විමසීමකින් අලුත් ආණ්ඩුවක් පත් වන තුරුද අමාත්‍ය මණ්ඩලය පවතින බව ව්‍යවස්ථාවේ සඳහන් වේ. ඒ කාලය තුලද අගමැතිවරයා ධූරයේ කටයුතු කළ යුතුයි.
දේශපාලනයේ අැති පරිණතභාවය නිසා කොපමණ ප්‍රශ්ණ අාවත් ඉතා සැහැල්ලුවෙන් ඒ්වාට මුහුණ දිමට අැති හැකියාව රනිල් ව්ක්‍රමසිංහ නම් වු පුද්ගලයා තුළ අැති දක්ෂතාව. ප්‍රතිවාදින් කොපමණ උත්සහා කලත් ඔහුව පහසුවෙන් අභියෝගයට ලක් කිරිමට හැකියාවක් ඔවුන් තුළ නැහැ..
ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ කල්හි ශ්‍රී ලංකාව වෙනුවෙන් නොනිමි මෙහෙවරක් කළ පුද්ගලයකු පිළිබදව විශේෂයෙන්ම සදහන් කල යුතුය. ඔහු නමින් රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ නම් වෙති.

නිදහස් අධ්‍යාපනයෙන් තම අධ්‍යාපන ගමන් මග සකසා ගත් ඔහු කොළඹ රාජකීය විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හදාරා අනතුරුව කොළඹ විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබූ අධිනීතිඥ වරයෙකි. ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයකින් උපාධි ලබා දේශපාලන ගමන් මගට පිවිසි මෙතෙක් බිහි වූ එකම ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයා ඔහුය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අසීමිත වැඩ කොටසක් කළ නිසාදෝ ඵල ඇති රුකටම ගල්ගසනු නියමය සනාථ කරනුවස් ශ්‍රී ලංකා දේශපාලනය ඉතිහාසය තුල ඔහු තරම් නින්දා, අපහාස, අවලාද , කුණුහරුප ඇසූ අන් කිසිවකු නොමැත. බිහිවන්නේද නැත. ඔහු මඩ මතින්ම නැගී සිටි උගත්, බුද්ධිමත්, නිහතමානී මිනිසෙකි.

ඔවුන් මෙතරම්ම අවලාද නගන්නේ ඔහු රටට මේතරම්ම වැඩ කොටසක් කල නිසාද? මේ පිළිබද සොයාගිය ගමනේදී මට හමුවූ තොරතුරු පහතින් පෙලගස්වමි. 1977 සිට ඔහු දරා ඇති තනතුරැ කිහිපයක් මෙසේය.

* විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
* තරුණ කටයුතු හා රැකී රක්ෂා අමාත්‍ය
* අධ්‍යාපන අමාත්‍ය
* මිනිස්බල උපයෝගිතා නියෝජ්‍ය අමාත්‍ය
* කර්මාන්ත අමාත්‍ය
* පාර්ලිමේන්තු සභානායක
* විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය
* එක්සත් ජාතික පක්ෂයේ නායක
* විපක්ෂනායක
* සිව්වරක් අග්‍රාමාත්‍යවරයා ලෙසද ඔහු රටට කළ සේවයෙන් බිදක් පහතින් දක්වමි.

01. දකුණු ආසියාවේ විශාලතම තරුණසේවා මධ්‍යස්ථානය මහරගම ගොඩනැගූහ.

02. යෞවන යෞව්වනියන් බලගැන්වීම උදෙසා ශ්‍රී ලංකාවේ විශාලතම තරුණ සංවිධානය “යෞවන සමාජ” ආරම්භ කරනලදී.

03. ලෝකයේ අනිකුත් රටවල්ද ක්‍රියාවට නංවන ලද “යොවුන් පුරය” ආරම්භකළේය.

04. ලක්දෙරණේ කලාකරුවන් බිහිකරණුවස් මහනුවර ගලහ ප්‍රදේශයයේ බෙල්වුඩ් රුපවාහිනී ගම්මානය බිහිකරන ලදී.

05. ජාතික යෞවන ක්‍රීඩා උළෙල ආරම්භ කරන්න ලදී.

06. චිට් ක්‍රමයට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට ගුරුවරුන් බදවා ගැනීම අවසන් කරමින් විද්‍යා පීඨ නවයක් ආරම්භ කර පාසල් සදහා ගුරුවරුන් බදවා ගැනීමේ නව ක්‍රමයක් ආරම්භ කරණ ලදී.
• නිල්වලා
• පස්දුන්රට
• මහවැලි
• සියනෑ
• නිට්ටබුව
• ඌව
• හාපිටිගම
• ශ්‍රී පාද
• අඩ්ලච්ච්න

07. පැරණි විභාග ක්‍රම සියල්ල ඉවත්කර අන්තර්ජාතිකව පිළිගත් අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ ( G.C.E. O/L හා G.C.E. A/L ) විභාග ක්‍රමයන් ලක්දෙරණට හදුන්වා දීම.

08. අනුබද්ධ විශ්ව විද්‍යාල සංකල්පය ඇති කොට දිවයිනේ සියලූම අනුබද්ධ විශ්ව විද්‍යාලයන් බිහි කිරීම.
(පසුව ඒවා රාජ්‍ය විශ්ව විද්‍යාල බවට උසස් විය)

09. නොමිලේ පාසල් පෙළපොත් ලබාදීමට කටයුතු කිරීම ( එවක අධ්‍යාපන අමාත්‍යවරයා ඔහුය.)

10. නොමිලේ පාසල් නිල ඇදුම් ලබාදීමට කටයුතු කිරීම
( එවක අධ්‍යපන අමාත්‍යවරයා ඔහුය.)

11. පාසල් ක්‍රීඩා නංවාලීම සදහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම.

12. ක්‍රීඩා හා තාක්ෂණික පුහුණු විද්‍යාලයක් බණ්ඩාරවෙල ආරම්භ කිරීම.

13. ජාතික පාසල් ක්‍රීඩා උළෙල ආරම්භ කිරීම .

14. ඉංග්‍රීසි උගැන්වීමට ඇති ගිරු හිගය නවතාලීමට ගුරුවරුන් 8500 ක් ඩේලික් නමැති ඉංග්‍රීසි පුහුණුව සදහා අනුයුක්ත කොට පාසල්වලට අනුයුක්ත කිරීම.

15. විද්‍යා විෂය උගැන්වීමට ඇති ගුරු හිගය අවම කිරීමට උපාධි ගුරුවරු 3292 ක් ද, උසස්පෙළ විද්‍යා විෂය සමත් ගුරුවරු 4305ක් ද බදවා ගැනීම.

16. උසස් පෙළ විද්‍යා විෂයන් උගන්වන පාසල් සංඛ්‍යාව 40% කින් වර්ධනය කිරීම .

17. අපොස උපෙ උගන්වන පාසල් 60% කින් වර්ධනය කිරීම.

18. පොකුරු පාසල් ක්‍රමය හෙවත් පර්ෂද පාසල් ක්‍රමය ආරම්භ කිරීම.

19. අධ්‍යාපනයට අවශ්‍ය ප්‍රතිපත්ති සැකසීමට මහරගම ජාතික අධ්‍යාපන ආයතනය ආරම්භ කිරීම.

20. අධ්‍යාපන කොමිසම පිහිටුවාලීම.

21. ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ගොඩනැගීම.
( මේ සදහා නම තබන ලද්දේද රනිල් වික්‍රමසිංහයන්ය.)

22. 1970 දී ආරම්භ කරනලද ජාතික ආධුනිකත්ව මණ්ඩලය ප්‍රතිව්‍යහගත කිරීම.

23. 1983 දී ජර්මානු ආධාර ඇතිව මොරටුවේ ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ ආයතනය ඉදිකිරිම.

24. 1985 දී තාක්ෂණික ශිල්පින් පුහුණුකිරීමේ ආයතනය කටුනායක ඉදිකිරිම. (T.T.I.)

25. මෝටර් රථ කාර්මික විද්‍යාව ඉගැන්වීමට මෝටර් රථ යාන්ත්‍රික පුහුණු ආයතනය කොළඹ ඔරුගොඩවත්තේ ඉදිකෙරිණි.

26. කෘෂිකර්මාන්තය නගා සිටුවීම සදහා කුණ්ඩසාලේ ජාතික කෘෂිකර්ම පාසල පිහිටුවීම.

27. 1990 දී ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය පිහිටුවීම.

28. 1984 වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

29. 1986 පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

30. 1986 කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

31. 1987 ලක්දෙරණෙහි සියලූම ඒකීය පාසල් ජාතික පාසල් බවට පරිවර්තනය කිරීම.

32. පරිඝනකය හදුන්වාදීමට කටයුතු කිරීම.

33. ජංගම දුරකතනය හදුන්වාදීමට කටයුතු කිරීම.

34. අන්තර්ජාලය ලක්දෙරණට හදුන්වා දීම.

35. පරිගණක විද්‍යායතනය අරම්භ කිරීම.

36. ශ්‍රීලංකාවේ දෙවන අපනයන සැලසුම් කලාපය
(නිදහස් වෙළද කලාපය ) බියගම පිහිටුවමින් එවක 22160 කට රැකියා ලබාදීම.

37. 1991 දි ශ්‍රිලංකාවේ තෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) කොග්ගල පිහිටුවමින් එවක 5714 කට රැකියා ලබාදීම.

38. යුධ හමුදාව සතු විශාලතම රෙජිමේන්තුව වූ ජාතික ආරක්ෂක බලකාය ආරම්භ කිරීම.

39. කොටි ත්‍රස්ථාවාදීන් බියෙන් සසල කල දිගුදුර විහිදුම් බලකාය ශ්‍රී ලංකා යුධ හමුදාවට නිර්මාණය කර දීම.

40. යුධ සමයේදී කොටි ත්‍රස්ථවාදීන්ගේ අවි ආයුධ රැගත් නැවු සියල්ලක්ම මුහුදේ ගිල්වමින් මුලුමහත් මුහුදු ප්‍රදේශයේම සිය අණසක පතුරුවාලූ සමුදුර නෞකාව නාවික හමුදාවට ලබාගැනීම.

41. සාම සාකච්චා ආරම්භකිරීම.

42. LTTE සංවිධානය දෙකඩ කරමින් කරුණා අම්මාන් රජයට සහය පළකරණ ලෙස හදාගස්වා මුලු LTTE සංවිධානයම දුර්වල කොට අඩපණ කර දැමීම.

43. සාම සාකච්චා මුවාවෙන් ඒ අතරතුර යුධ හමුදා නිළදාරීන්ට විදේශීය පුහුණුව ලබාදී යුධ හමුදාවේ වැඩිම ප්‍රතිසංස්කරණයක් සිදුකොට ඕනෑම යුද්ධයකට මුහුණ දිය හැකි ප්‍රබල යුධ හමුදාවක් බවට ශ්‍රී ලංකා යුධ හමුදාව පත් කිරීම.

44. බලයට පත්වූ සැනින් යුරෝපා රටවල් තුල නැවතත් කොටි තහනම ඇති කිරීම.

45. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම.

46. දූෂිත පාලකයින් විසින් රටට අහිමි කල GSP+ බදු සහනය නැවතත් රටට හිමි කර ගැනීම.

47. සෑම පාසල් දරුවෙක් සදහාම වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිර්ම.

48. සියලූම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොමිලේ ලක්ෂ දෙකක රක්ෂනාවරණයක් ලබා දීම.

49. අඬපනව ගිය පිරිවෙන් අධ්‍යාපනයට මධ්‍යස්ථාන ඇති කරදෙමින් භික්ෂූන් වහන්සේලා සදහා විධිමත් අධ්‍යාපන මාලාවක් සකක්කර දීම.

50. සෑම විහාරස්ථානයකම සංවර්ධන කටයුතු සදහා මුදල් වෙන්කර දීම.

මේ ඔහු මගේ රට වෙනුවෙන් කල සේවයෙන් බිදක් පමණි. ඔහු තරම් මේ රට වෙනුවෙන් විශාල සේවයක් කල තවත් පුද්ගලයකු ඇද්ද. නමුත් මේ රටේ කිසිදු ස්ථානයක, කිසිදු මාවතක, කිසිදු ගොඩනැගිල්ලක, කිසිදු සංවර්ධිත කටයුත්තකට ඔහු ඔහුගේ නම යොදා නැත. ඒ ඔහුගේ හැටිය. ධනවත් පවුලක ජන්ම ලාභය ලැබූ ඔහුට දේශපාලනයෙන් කීර්තියවත් , මුදල්වත් ඉපයීමේ අවශ්‍යතාවයක් නැත. තම පරපුර සතු දේපොළ පවා පුණ්‍ය කටයුතු සදහා පරිත්‍යාග කර ඇති ඔහුට මේ රටේ දේශපාලනයෙන් උපයා ගැනීමට දෙයක් නොමැත. ජාත්‍යන්තර කීර්තියට පත් ඔහුට අලුතින් අමුණා ගන්නට බලයක් නොමැත.

සත්‍ය මෙයයි. ඔහු තරම් වටිනා නායකයෙක් මේ රටේ තබා අල්ලපු රටේවත් නැත. ඔහු ගැළපෙනුයේ ජපානය, ඇමරිකාව, මහා බ්‍රිතාන්‍ය වැනි රටවල නායකත්වයටය. අවාසනාවක මහිම අප රටේ ජනතාව ඉල්ලන්නේ මෙවැනි නායකයන් නොව. ඔවුනට ඕනෑ ජඩ පාලකයෙකි. ජනතා මුදල් ගසාකන හොරෙකි. මිනී මරුවෙකි. අප රටේ තුන්වෙනි පන්තියේ ඉතාමත් පහත් පෙළේ මාධ්‍ය නාලිකා පවා දිවා රෑ හඩ නගා ඉල්ලන්නේ ඔවුනට නැටවිය හැකි රූකඩ නායකයෙකි. රනිල් වික්‍රමසිංහයන් වැනි උගත් බුද්ධිමත් ලෝකයක් වටිනා නායකයන් අප රටට අකැපද. අපට උරුම ජඩ පාලකයන් පමණද.

දේශපාලනය පිළිබදව කිසිදු උනන්දුවක් නොදැක්වූ මා දේශපාලනයට අවතීර්ණ වූයේ මේ අව්‍යාජ නිර්මල මිනිසා නිසාය. ඔහු වෙනුවෙන් පෙනී සිටීම අදත්, හෙටත්, මතුවටත් මහත් අභිමානයකි මට. ආදරණීය නායකයානනි ජයග්‍රහනයේදී මෙන්ම පරාදයේදීද මා ඔබ සමගය. ඔබ දේශපාලනයෙන් සමුගත් දිනෙක අද ඔබට මඩ ගසන සියල්ලන්ටම ඒ පව් කදුලු වලින් සේදීමට සිදුවනු නොඅනුමානය.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...