Thursday, February 15, 2018

ජනපති මෛත්‍රීපාල සිරිසේන ...අගමැති රනිල් වික්‍රමසිංහ ....අභ්‍යන්තර සතුරන් හඳුනා ගනිති....

2018 පෙබරවාරි මස 15.

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයට මුවා වී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් පහ කර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හුදකලා කරමින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යළි සංශෝධනය කර 2020 දී බලය අල්ල ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ඒකාබද්ධ විපක්ෂය සමග කළ රාජ්‍ය විරෝධී සහ දේශපාලන කුමන්ත්‍රණය මේ වන විට සම්පුර්ණයෙන්ම හෙළි වී තිබේ.

ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයෙන් ඈත් කර සිය කණ්ඩායම සමග එකතු කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් දේශපාලන පක්ෂවලින් මන්ත්‍රීවරුන් 17ක් බිලී බා ගෙන අලුත් ආණ්ඩුවක් පිහිටුවා එහි අගමැති ධූරයට නිමල සිරිපාල ද සිල්වා මහතා පත් කර ගත හොත් කැබිනට් මණ්ඩලය සිය අභිමතය අනුව මෙහෙයවමින් ජනාධිපතිවරයා හුදකලා කර සිය දේශපාලන අරමුණ කරා යා හැකි බව ඒකාබද්ධ විපක්ෂයේ ස්ථාවරය වී ඇත.

රට අස්ථාවර කෙරෙන මේ රාජ්‍ය විරෝධී සහ දේශපාලන කුමන්ත්‍රණය පිළිබඳව රාජ්‍ය සහ හමුදා බුද්ධි අංශ අවධානයෙන් සිට ඇති අතර ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද ඒ පිළිබඳව මුල සිටම හඳුනා ගෙන තිබේ.

ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග තහවුරු කර සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මේ කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙළට යම් දුරක් ගමන් කිරීමට ඉඩ හැර බලා සිටියේ අවබෝධයෙන් යුතුව වන අතර එසේ කළේ සිය සැබෑ අභ්‍යන්තර දේශපාලන සතුරන් හඳුනා ගැනීම සඳහා බවය.

උද්ගත වී තිබෙන දේශපාලන අර්බුදය හමුවේ මාලදිවයිනට අත් වූ ඉරණමම ශ්‍රී ලංකාවට අත්වීමට ඉඩ තිබෙන බවට ශ්‍රී ලංකාවේ ඇමරිකානු සහ ඉන්දියානු තානාපතිවරුන් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අනතුරු ඇඟවීමෙන් පැහැදිළි වන්නේ මේ රාජ්‍ය විරෝධී සහ දේශපාලන කුමන්ත්‍රණයේ බරපතළකම බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

එමෙන්ම උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ඇමරිකානු “සී.අයි.ඒ”සහ ඉන්දියානු “රෝ”ඔත්තු සේවා පවා අවධානයෙන් සිට ඇති බව එමගින් පැහැදිලි වන්නේ යැයි ද එම දේශපාලන විචාරකයෝ අවධාරණය කළහ.

මේ රාජ්‍ය විරෝධී සහ දේශපාලන කුමන්ත්‍රණය පිටුපස සිටී විද්‍යුත් සහ මුද්‍රිත ජනමාධ්‍ය ආයතන ද ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ නිලධාරීන් ද එක්සත් ජාතික පක්ෂයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් මැති ඇමතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් ද බුද්ධි අංශ වගේම විදේශීය තානාපති අංශ ද නම් ගම් වශයෙන්ම හඳුනාගෙන තිබේ.

මේ කුමන්ත්‍රණය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ,දුමින්ද දිසානායක,රංජිත් සියඹලා පිටිය සහ ආචාර්ය සරත් අමුණුගම යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨයින් පිරිසක් ද අවධානයෙන් සිට ඇති අතර ඒ අය මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව නිරතුරුවම දැනුම්වත් කර ඇත්තේ සියලු තොරතුරු,සාක්කි සහ සාධක ඇතිව බව ආරංචි මාර්ග පවසයි.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...