Thursday, February 22, 2018

කැබිනට් සංශෝධනය අද සවස....බලතල වැඩි වෙලා....කැබිනට්ටුවට එජාපෙන් වෙනසක්....

2018 පෙබරවාරි මස 23.

ප්‍රාදේශිය සංවර්ධන ඇමති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරයද , රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමති කබිර් හෂිම් මහතාට මහමාර්ග අමාත්‍යධූරය හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇති බව නිල නොවන ආරංචි මාර්ගවලින් පැවසේ .

යහපාලන ආණ්ඩුවේ දෙවැනිකැබිනට් සංශෝධනයේදී කැපී පෙනෙන වෙනස්කම් රැසක් සිදු කිරීමට එක්සත් ජාතික පක්ෂය එකඟතාවට පැමිණ තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පෙරමුණට හිමි අමාත්‍ය ධුර අතර වැඩි වෙනසක් සිදුකිරීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව පක්ෂය මෙම එකඟතාවට පැමිණ ඇතැයි වාර්තා වේ.

කැබිනට් අමාත්‍ය ධුර 48කට සීමා වන කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය තනතුරු 30ක්ම එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබෙන හෙයින් වැඩි වෙනසක් පෙන්වීමේ හැකියාව එක්සත් ජාතික පක්ෂය සතුව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රකාශ කර ඇති බවද සඳහන් වේ.

මේ පසුබිම යටතේ නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී එක්සත් ජාතික පක්ෂයට හිමි අමාත්‍ය ධුරවල කැපී පෙනෙන වෙනස්කමක් සිදු කිරීමට නියමිතය.

ජාතික රජය යටතේ කැබිනට් නොවන නියෝජ්‍ය අමාත්‍ය ධුර 45ක් පවත්වාගෙන යෑමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉඩ සැලසේ. ඒඅනුව පුරප්පාඩු වී ඇති නියෝජ්‍ය අමාත්‍ය ධුරසංඛ්‍යාවදමෙහිදීසම්පූර්ණකිරීමටඅවධානයයොමුවතිබේ.

මේ අතර නීතිය හා සාමය පිළීබඳ අමාත්‍යංශය ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට පිරිනැනීම සඳහා ජනාධිපතිවරයා අගමැතිවරයා එකඟතාවය පළකර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරයෙකු පැවසීය.

පසුගිය දින කිහිපයේදී ඒ සම්බන්ධව ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර එකඟතාවයක් නොතිබුණද මේ වනවිට එය නිරාකරණය කරගෙන ඇතැයිද එම ඇමතිවරයා කීවේය.

එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ඇමතිවරුන් හා මන්ත්‍රිවරුන් අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ඇතැම් විෂයන් තමන්ට ලබාදෙන ලෙස ඉල්ලීම් කර තිබුණු බවද හෙතෙම පවසා සිටියේය.

මේ අතරේ රාජ්‍ය ඇමතිවරුන් වන රවින්ද්‍ර සමරවීර , සුජීව සේනසිංහ , නියෝජ්‍ය ඇමතිවරුන් වන ආචාර්ය හර්ෂද සිල්වා , අජිත් පී පෙරේරා යන මහත්වරුන් කැබිනට් නොවන ඇමතිවරුන් ලෙස පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද වාර්තා වේ .

යෝජිත ඇමති මණ්ඩල සංශෝධනයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේද විෂය පථයන් වෙනස් වීමට ඉඩ ඇති අතර මහින්ද අමරවීර , දයාසිරි ජයසේකර යන ඇමතිවරුන්ට වැඩි වගකීම් පැවරීමට බොහෝ දුරට ඉඩ ඇති බව පැවසේ
 

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...