Sunday, December 31, 2017

කොස්ගොඩ සුජී, මාකඳුරේ මධුෂ්, අංගොඩ ලොක්‌කා, ලඩියා සහ ඉම්රාන් ඉතාලියේ සිටින පාතාල ප්‍රබල නායකයින් සොයා ඉදිරි දිනවලදී පැමිණෙයි...

දෙසැම්බර් 31, 2017.

ඩුබායිවලට පැන ගොස්‌ සිටින කොස්ගොඩ සුජී, මාකඳුරේ මධුෂ්, අංගොඩ ලොක්‌කා, ලඩියා සහ ඉම්රාන් නමැති පාතාල ප්‍රබලයන් සිවු දෙනා ඩුබායි සිට ඉතාලියට පලා යැමට සූදානමින් සිටින බව එරට ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිට මොවුන් ඉතාලි වීසා පවා ලබාගෙන අවසන් බවද සඳහන් වේ. මාකඳුරේ මධුෂ් හා කොස්‌ගොඩ සුජී නමැති පාතාල ප්‍රබලයන්ට පසුගියදා ජාත්‍යන්තර වරෙන්තු නිකුත් වීමත් සමඟ මොවුන් මෙසේ ඉතාලියට පලා ගොස්‌ තමන්ගේ ජාවාරම් කේන්ද්‍රය බවට එරට පත් කර ගැනීමට සැරසෙන බව ඩුබායිහි සිටින ශ්‍රී ලාංකිකයෙක්‌ පැවසීය.

ඉතාලියට පලා යැමෙන් පසු එරට මාෆියා කල්ලියකට සම්බන්ධ වී ක්‍රියාත්මක වීමට මොවුන් අරමුණු කරගෙන සිටින බවද හෙතෙම කීවේය.
ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් සිදු කරන මහා පරිමාණ හෙරොයින් ජාවාරම සහ පිළියන්දලදී පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට වෙඩි තබා එක්‌ නිලධාරියෙක්‌ ඝාතනය කර පොලිස්‌ පරීක්‌ෂක නියොමාල් රංගජීව මහතාට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියේ මහ මොළකරුවන් ලෙසද මොවුන් හඳුනාගෙන ඇත.

කැනඩා රැකියා වංචාවේ මහ මොළකරු හිටපු කම්කරු අමාත්‍යවරයද?

දෙසැම්බර් 31, 2017.

පුද්ගලයින් 74 දෙනෙකුට කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි පහකට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් පිළිබඳව වාර්තාවේ.

ට්‍රැවල් හවුස් ලංකා පුද්ගලික ආයතන, හයිලෙවල් පාර, මහරගම ලිපිනයේ පදිංචි ඕ. එම්. ප්‍රේමරත්න සහ අංක 68, කීල්ස් නිවාස සංකීර්ණය, පිංවත්ත, පානදුර ලිපිනයේ පදිංචි ඉන්දික මෙනත් ජයසූරිය යන අය විසින් මෙම වංචාව කර ඇත.

කැනඩාවට පුද්ගලයින් රැකියා සඳහා යවන බවට මොවුන් විසින් ප්‍රචාරය කර ඇත්තේ 2008 වසරේදීය. එම ප්‍රචාරයෙන් පසුව වයඹ පළාතේ කුරුණෑගල විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ දී මොවුන් විසින් රැස්වීමක් පවත්වා ඇත.

එම රැස්වීම සඳහා එවකට වයඹ පළාත් මහ ඇමති අතුල විජේසිංහ, එවකට කම්කරු ඇමති අතාවුද සෙනවිරත්න සහ ඉහත සඳහන් ප්‍රේමරත්න සහ ඉන්දික ජයසූරිය යන අය සහභාගී වී ඇත. ඒ හරහා මෙම රැකියා ව්‍යාපෘතිය රජයේ ආධාරයෙන් කෙරෙන්නක් බවට පැමිණ සිටියවුන්ට ඒත්තු ගන්වා ඇත.

එම රැස්වීමේදී මෙම රැකියා ව්‍යාපෘතිය කැනඩා සමාගමක් වන කේයම් නැමති ආයතනයක් මඟින් කෙරෙන්නක් බවත් ට්‍රැවල් හවුස් ලංකා ආයතන හරහා සිදු කෙරෙන්නක් බවත් පවසා ඇති අතර කැනඩාවේ රැකියා සඳහා යන්නන්ට පුහුණුවක් ලබාදෙන බවත් ඔවුන් ඉංග්‍රීසි පාඨමාලාවකට සහභාගී විය යුතු බවත් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව මෙම වංචාවට හසු වූ පුද්ගලයින් 74 දෙනෙකු මහරගම ලංකා බැංකු ශාඛාවේ 3857XXX දරණ ගිණුමට රුපියල් ලක්ෂ 8 බැගින් තැන්පත් කර ඇත. එහෙත් කිසිවකුට කැනඩාවට යාමට අවස්ථාවක් නොලැබුණු නිසා ඕ.එම්. ප්‍රේමරත්න නමැත්තාගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඉන්දික ජයසූරිය නමැත්තා කැනඩාවට ගිය බවත් ඔහු සියළුම මුදල් කැනඩාවට රැගෙන ගිය බවත්ය.

ලංකා බැංකුවේ තිබුණු මුදල් කැනඩාවට ලබාගෙන ඇති අතර එය ප්‍රේමරත්න සහ ජයසූරිය විසින් බෙදාගෙන ඇත. මෙහි සම්පූර්ණයෙන් වංචා කෙරුණු මුදල රුපියල් පන්කෝටි අනූ දෙලක්ෂ‍යකි.

මේ වන විට මෙම වංචාව කර කැනඩාවට පැන ගිය ඉන්දික මෙනත් ජයසූරිය නමැත්තාව ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික කටයුතු අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව විසින් සිදු කරමින් පවතී.

මේ පිළිබඳව පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇත්තේ 2011.12.09 වන දිනය. වංචාවට හසුවූ පුද්ගලයින් මේ තරම් මුදලක් වංචනිකයින් වෙනුවෙන් තැන්පත් කරන්නේ කම්කරු ඇමතිවරයා ද අදාළ රැස්වීමට සහභාගී වූ නිසාය. එසේම පැමිණිල්ල පිළිබඳව මෙතරම් කාලයක් යුක්තිය ඉටු නොවන්නේ ද වංචනිකයින්ට ලැබුණු දේශපාලන රැකවරණය නිසාය. එහෙයින් වංචාවට ලක් වූ පුද්ගලයින් චෝදනා කරන්නේ හිටපු කම්කරු අමාත්‍ය අතාවුද සෙනවිරත්න ද මෙම වංචාවට සම්බන්ධ බවටය.

(ලංකා නිව්ස් වෙබ්)

Saturday, December 30, 2017

ඇමරිකානු ජීඑස්පි+ අපට බලපාන්නේ කෙසේද? ...(video)

දෙසැම්බර් 31, 2017.

ඇමරිකාව විසින් GSP සහනය ශ්‍රී ලංකාවට පමණක් ලබා නොදීමට තීරණය කර ඇති බව හැඟවෙන ආකාරයේ මතයක් ගෙන යෑමට ඇතමුන් ක්‍රියාකරමින් සිටින නිසා මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට හර්ෂ සිල්වා වන මා අදහස් කරමි....

වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක....

ඇමරිකාව විසින් GSP සහනය ලබාදුන් සියළුම රටවල් වලට එම සහනය නැවතත් දීර්ඝ නොකිරීමට තීරණය කර ඇත. මේ අනුව, ඇමරිකාවේ මෙම ප්‍රතිපත්තිමය තීරණය එම සහනය හිමිවූ සියළුම රටවල් වලට බලපාන අතර එය ශ්‍රී ලංකාවට පමණක් බලපාන්නක් නොවේ.

පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ඇමරිකාවට ඩොලර් බිලියන 2.8 ක් වටිනා අපනයන සිදුකර තිබෙන නමුත් ඇමරිකානු GSP සහනය හරහා එරටට අපනයනය කර තිබෙන්නේ ඩොලර් මිලියන 173 ක පමණ අපනයන ප්‍රමාණයකි. එනම්, ශ්‍රී ලංකාව මෙම GSP සහනය යටතේ ඇමරිකාවට යවා තිබෙන්නේ ඇමරිකාවට ලංකාව සිදුකළ සමස්ත අපනයන වලින් 6.2% කට ආසන්න ප්‍රමාණයක් පමණි. තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ඇමරිකාවට වැඩිපුරම අපනයනය කරන ඇඟලුම් වලට මෙම සහනය කැපී පෙනෙන ලෙස හිමි නොවේ. මේ යටතේ පසුගිය වසරේදී ඇමරිකාවට යවා තිබෙන්නේ ඩොලර් මිලියන 27 ක ඇඟලුම් පමණක් වන අතර එය එරටට ලංකාව සිදුකළ සමස්ත අපනයන වලින් 1% ක් තරම් අඩු ප්‍රමාණයකි.

අනිත් අතට, මෙම සහනය ඇමරිකාව විසින් සියළුම රටවලට දීර්ඝ නොකරන නිසා ලංකාවට පමණක් මෙයින් අවාසියක් සිදු නොවේ.

ඇමරිකානු GSP සහනය සහ යුරෝපා සංගමය විසින් ලංකාවට ලබාදෙන GSP ප්ලස් සහනය යනු දෙකකි.

ලංකාවට වඩාත් වැදගත් වන්නේ යුරෝපා සංගමය විසින් ලංකාවට ලබාදෙන GSP ප්ලස් සහනයයි. ඇමරිකානු GSP සහනය රටවල් 120 කට ලබාදුන්නද යුරෝපා GSP ප්ලස් සහනය ලබාදෙන්නේ රටවල් 09 කට පමණි. GSP ප්ලස් සහනය පසුගිය රජය සමයේදී අත්හිටුවන විට යුරෝපයට ලංකාව අපනයනය කළ භාණ්ඩ වලින් 77% කට පමණ GSP ප්ලස් සහනය හිමිවිය. යුරෝපා සංගමයට ලංකාව පසුගිය වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 3.1 කට ආසන්න අපනයන සිදුකළ අතර මේ තුළින් GSP ප්ලස් සහනය ලංකාවට කෙතරම් වැදගත්දැයි අවබෝධ කරගත හැකිය. අපට ආඩම්බරයෙන් කිව හැක්කේ පසුගිය රජය සමයේ අත්හිටවූ රටට වැදගත්ම GSP ප්ලස් සහනය යළි හිමිකර ගැනීමට වර්තමාන රජයට හැකිවූ බවයි.

තවත් පැහැදිලි කරනවා නම් ඇමරිකාව විසින් සියළුම රටවලට අත්හිටුවා තිබෙන GSP සහනය යටතේ ඇමරිකාවට ඩොලර් මිලියන 27 ක් පමණ වටිනා ඇඟලුම් ලංකාව අපනයනය කරද්දී GSP ප්ලස් සහනය මගින් යුරෝපයට අපනයනය කළ ඇඟලුම්වල වටිනාකම් ඩොලර් මිලියන 2000 ක් පමණ වේ.

රටේ රාජ්‍ය නායකයා ජාත්‍යන්තර අපරාධකරු එව්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව් සඟවා පිටමන් කිරීම ඉතාම බරපතළ කාරණයකි.....

දෙසැම්බර් 30, 2017

ජනධිපතිවරයකුට කිසිසේත් නොවටිනා ආකාරයට ඇමරිකාවෙන් ඉල්ලා සිටි සයිබර් අපරාධකරු මෛත්‍රිපාලගේ රිජු මැදිහත් වීම මතම රුසියානු ජනාධිපති පුටින්ගෙන් ලකුණු දමාගැනීමට රුසියාවට භාරදුන් බවට අප වෙත තොරතුරු ලැබීඇත.

ලෝක අපරාධකරුවකු වන රුසියානු ජතික “එච්ජෙනි මීඛයිලොවිච් බෝගචෙව් ” හෙවත් ” ෆරින් මනොකින් ” නැමති ලෝක හැකරා ලංකාවෙන් පිටමන් කලේ ශ්‍රි ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බව දැන් ලෝකයම දනී.
ලෝක හැකරා රුසියාවට දී වීරයකු බවට පාරම් බාන මෛත්‍රි පාල හිතන් ඉන්නේ ඇමරිකන් කාරයන් මැට්ටන් දැයි තවත් නොබෝ දිනකින් දැක ගත හැකිය.

ලෝක හැකරාව රැගෙන යාමට ඇමරිකාවෙන් ශ්‍රිලංකාවට පැමිණ සිටින මොහොතක රටේ ගුවන් පථය හා ආගමන හා විගමන නිති උල්ලංගනය කරමින් ලෝක හැකරා රැගෙනයාමට එවනවිටත් පැමිණසිටි “රොසොබොරොනො ඉග්ස්ෆෝට් ” නැමති රුසියානු ප්‍රධාන අවි ජාවාරම් සමාගමේ අයිතිකරු වන “ඇලෙක්සැන්ඩ්‍රොවිච් මික් හිව් පැමිණි ගුවන් යානයෙන් ලෝක අපරාධ කරු පිටමන් කලේ
ශ්‍රි ලංකාවේ මෛත්‍රිපාල බව මේවන්විට රහසක් නොවේ. නමුත් පුටින්ගේ ලකුණු දමාගෙන ජාත්‍යනතරය ඉදිරිපිට නැවතත් වරක් ලංකාව ඉතා භයානක තත්වයකට පත්ව ඇත.

දැන් මෛත්‍රිපාල ලෝකයා ඉදිරියේ තම කොලේ ඉරාගෙන බෙල්ල කපාගෙන සරමත් උනාගත්තාට අපිට ප්‍රශ්නයක් නැත ඒත් රටක් ලෙසට ලෝකයා ඉදිරියේ නිර්වස්තර කොට හමාරය. තවත් නොබෝදිනකින් එහිප්‍රතිපල විදින්න සිදුවන්නේ ජනතාවටය.

රාජපක්ෂලා කොළඹ අල්ලන්න වැඩ අරඹයි......

දෙසැම්බර් 30, 2017.

පොදුජන පෙරමුණේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා වශයෙන් තරඟවදින මිලින්ද රාජපක්ෂ විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් සහ විදේශ විශ්ව විද්‍යාල කිහිපයක මහාචාර්‍යවරු සම්බන්ධ කරගනිමින් දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපෘතියක් නිර්මාණය කෙරෙමින් පවතින බව වාර්තා වී තිබේ.
රාජපක්ෂ පවුලේ බල අවශ්‍යතාවයන් තෘප්තිමත් කරගැනීම සඳහා කොළඹ නගරයේ දේශපාලන බලය අත්පත් කර ගැනීම ඉතා අත්‍යවශ්‍ය කරුණක් වන නිසා මෙම ප්‍රචාරණ ව්‍යාපෘතියට රුපියල් මිලියන ගණනක මුදලක් වැය කිරීමට නාමල් රාජපක්ෂගේ හිතවතුන් කිහිප දෙනෙකු එකග වී ඇතැයිද වාර්තා වේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, විදේශ ගත වීමට ප්‍රථම මිලින්ද රාජපක්ෂ කැදවා මෙම ප්‍රචාරණ ව්‍යාපෘතිය සාර්ථකව කලමනාකරණය කිරීමට අවශ්‍ය උපදෙස් රැසක්ද ලබා දී ඇතැයි විශ්වාසකටයුතු ආරංචි මාර්ග තහවුරු කර තිබේ.
කොළඹ නගරයේ ජනතාවගේ ජන්දය ජාත්‍යන්තර මට්ටමේ ප්‍රචාරන ක්‍රමෝපායන් භාවිතා කරමින් තමන් වෙත දිනා ගැනීම සඳහා මිලින්ද රාජපක්ෂ දැඩි උත්සාහයක නිරත වන බව දේශපාලන විචාරකයෝ ප්‍රකාශ කර ඇත.

Friday, December 29, 2017

දයා පතිරණ නිතරම ප්‍රගතිශීලී දේශපාලන ක්‍රියාධරයින්ගෙන් අහපු ප්‍රශ්නය අදත් සමාජවාදී ශිෂ්‍ය සංගමය’ත් ‘අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය’ත් මුනිවත රකී.......

දෙසැම්බර් 29, 2017.


තිස් එක් වසරක් ගිය ද අද වනතුරුත් ‘ජවිපෙ’ මෙන්ම ‘පෙසපය’ත්, ශිෂ්‍ය විරු සැමරුම් පවත්වන එකල සිට පවතින ජවිපෙ ‘සමාජවාදී ශිෂ්‍ය සංගමය’ත් ‘අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය’ත් ඔහු පිළිබද මුනිවත රකී.

ඒ මෙවැනි ම එක්තරා දෙසැම්බරයක ගෙල සිද හුස්ම නවතා ලූ ‘දයා පියසිරි හේවාපතිරණ‘ හෙවත් ලාංකේය වාමාංශික ඉතිහාසයෙන් මකාලන්නට තනන වාම මුහුණුවරකින් පෙනී සිටින්නවුන්ට ඔවුන්ගේ විපරීතත්වය නිරාවරණය කරවන උතුරෙ දෙමළ ජනයාගෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය වෙනුවෙන් අරගල කළ කිසිවිටක මගහැරයානොහැකි ‘දයා පතිරණ‘ නම් චරිතයයි.ඒ 1985 දෙසැම්බර් 15 දිනයෙ තුම්මුල්ල ශාන්ති විහාර් හෝටලය අසල දී කොළඹ විශ්වවිද්‍යාලයෙ ‘ස්වාධීන ශිෂ්‍ය සංගම්‘ නායක දයා පතිරණව සහ ඔහුගෙ සගයා වු සෝමසිරි සමග පැහැරගෙන ගොස් කිදෙල්පිටිය ගං ඉවුරක කෙටේරියකින් ගෙල කපා ඝාතනය කර තිබුණු අතර ඉන් සෝමසිරි කෙසෙ හො දිවි ගලවාගෙන තිබූ අතරම මෙම පැහැරගැනීම සිදුවන්නෙ ජනතා විමුක්ති පෙරමුණ හි සාමාජිකයන් දෙදෙනෙක් සමග දේශපාලන සාකච්ඡුාවකට යමින් සිටින අතරතුර දී ය.

එම සාහසික ක‍්‍රියාව කෙටියෙන් දැක්වුවහොත් එසේය.මෙම සාහසික ක‍්‍රියාව සම්බන්ධයෙන් සෘජුවම විවේචනය එල්ල වන්නේ දයා පතිරණ ජාතික ගැටලූව සම්බන්ධයෙන් දැරූ මාක්ස්වාදී ස්ථාවරයට විරුද්ධ ව අනෙක් පස සිටි එවකට විශාල බලයක් ගොඩනගාගෙන තිබූ ‘ජනතා විමුක්ති පෙරමුණ‘ටයි. ඊට හේතු නම් දයා පතිරණ විසින් මාක්ස්වාදී දෘෂ්ටිකෝණයට හාත්පස වෙනස් ගැටලූකාරී ආස්ථානයක සිටින ජනතා විමුක්ති පෙරමුණෙහි ජාතික ගැටලූව සම්බන්ධ ප‍්‍රවේශය තියුණු ලෙස විවේචනය කිරීම,එවගේම ඉතා දැඩි ව ශිෂ්‍ය දේශපාලනය තුළ මුල් බසිමින් තිබූ සිංහල ජාතිවාදී සාරයන් වලට විරුද්ධ වීම ආදි කාරණා නිසා ජව්පෙ දයා පතිරණ ඇතුලූ පිරිස් සමග මතභේදාත්මක ගැටුම් වල සිට ශාරීරික ගැටුම් ද විටින් විට සිදු කිරීමත් තොටියකුගෙ ආධාරයෙන් දිවි ගලවාගත් සෝමසිරි ගෙ හෙළිදරව් කිරීම් ලෙස ඊට පැහැදිලි කරුණුමය ලෙස හේතු කීපය ගොනු කළ හැකි. එවකට පද්මසිරි වැනි ශිෂ්‍ය ඝාතන වලට එරෙහි අරගල, 85 පුද්ගලික විශ්වවිද්‍යාල පනතට විරුද්ධ අරගලය ආදි අරගල වල පවා දයා පතිරණ ඇතුළු ස්වාධීන ශිෂ්‍ය සංගමය සිටි සංදර්භයක දීත් ජවි’පෙ විසින් ප‍්‍රචන්ඩ සහ ම්ලේච්ඡු ලෙස ලේ හැලීම් පවා සිදු කරන තත්වයක ‘ජවිපෙහි පොළව යනු කුමක් ද?’ යන ප‍්‍රශ්නය ඇසීමට සිදුවීම නවතාලිය නොහැක.

ජවිපෙ එහි ළදරු අවධියෙ පටන් ම ප‍්‍රකාශමාන කරනු ලැබුයේ දකුණෙ සිංහල ජාතිවාදී බහුතරයගෙ අදහස් බව එහි ගලාගෙන ඒම තුළ පෙනේ මුල් කාලීන ජනතා විමුක්ති පෙරමුණෙ හි ප‍්‍රධාන ලේකම් ව් සිටි ලයනල් බෝපගෙ විසින් ලියූ දෙමළ ජාතික ස්වයං නීර්ණ අයිතිය පිළිගැනීම මත පදනම් වූ කෘතිය ඉවතලමින් නිෂේධනය කරමින් ජවිපෙ වර්තමානයට ද පදනම වූ 1986 දී රෝහණ විජේවීර විසින් ‘දෙමළ ඊළාම් අරගලයට විසදුම කුමක් ද?‘ කෘතිය සම්පාදනය කරන ලදීි. එහි දෙමළ ජාතික ගැටලූව සම්බන්ධයෙන් ප‍්‍රකාශනය කැටි කළහොත් ඔවුන්ගේ ස්ථාවරය වූයේ බෙදුම්වාදයට හා දෙමළ රාජ්‍යක් පිහිටුවීමට විරුද්ධ වීම සහ ඒ වෙනුවෙන් වූ සංවිධානවලට එරෙහි වීමයි’ ජනතා විමුක්ති පෙරමුණෙ හි මංගල කලාපයේ සිටම ජවිපෙ විසින් වෘත්තීය සංගම්,වතු කම්කරුවන් ගැන ප‍්‍රකාශවල , ආමන්ත‍්‍රණය කිරීම්වල පැවති සිංහල ජාතිවාදිමය සාරය පිළිබදවත්,මාක්ස්වාදී විරෝධී බව ගැනත් ‘විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය(විකොස)‘ හි කීර්ති බාලසූරිය විසින් 1970 ගණන්වලදී පැහැදිලිව ම කරුණු සහිතව රචනා කරන ලදී’ කොළරාව ලංකාවට ආවේ වතුකම්කරුවන් නිසා කියා ජවිපෙ දේශණ වල ප‍්‍රකාශ කර ඇති බව කීර්ති බාලසූරිය ලියා ඇත. එතරම්ම උමතු ප‍්‍රකාශ ජවිපෙ විසින් ප‍්‍රකාශ කිරීම තුළ ඔවුන්ගේ සාරය දිශානතව තිබෙන්නෙ දකුණෙ සිංහල ජාතිවාදය කේන්ද‍්‍රීයව බව මනාවට පෙනී යයිි.

80 ගණන් වලත් ඉන් පසුවත් ජවිපෙ කියා සිටියේ බෙදුම්වාදය නොව සැබෑ අරගලය සිදුවිය යුත්තේ සමාජවාදය සදහා කියාය මෙලෙස ප‍්‍රකාශ සහ භාවිතය තුළින් ඔවුන් කියන්නාවූ මාක්ස්වාදය හා පරස්පර බව පෙනේ රෝහණ විජේවීරගෙන් පසුව ඔහුටත් වඩා තීව‍්‍ර ලෙස ජනතා විමුක්ති පෙරමුණෙ (පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද ඇතුලූව) හි නව පිරිස් එය ප‍්‍රකාශමාන කළේය ‘දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය‘ සහ එහි ප‍්‍රකාශනය වූ ‘මුරගල‘ වැනි සගරා,එමෙන් ම ‘මානෙල් මල් ව්‍යාපාරය‘ වැනි ජවිපෙ විසින් නිර්මාණය කළ සංවිධානවල ක‍්‍රියාකාරිත්වය විසින් ඔවුන් තවදුරටත් සිංහල ජාතිවාදී කුලකය පමණක් කේන්ද‍්‍රකරගත් ගමන් මගක යන බව තව තවත් සනාථ කරන ලදී’ ජනතා විමුක්ති පෙරමුණ කිසිදු අයුරකින් PLOTE,TELO,EPRLF වැනි උතුරේ විමුක්තිවාදී සංවිධාන සමග සංවාදය හිතාමතාම ඇති කරනොගත්තා සේම , PLOTE,TELO වැනි විමුක්තිමය අරමුණකින් සැදුම්ලත් සංවිධාන සමග සම්බන්ධතා ගොඩනගාගත් උතුරේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වෙනුවෙන් පෙනී සිටි දයා පතිරණ වැනි අයට දිගින් දිගටම ප‍්‍රහාර එල්ල කරමින් ම්ලේච්ඡත්වය දියත් කළේය ජවිපෙ හි සංවිධානයක් වන මානෙල් මල් ව්‍යාපාරයෙ නායකයන් උතුරේ ක‍්‍රියාන්විතයේ නියුතු සිංහල ආණ්ඩුවේ හමුදාවට සුබ පැතීමට හමුදා කදවුරුවලට ගිය අතර 2006 නොවැම්බර් තිස් වන දින ජවිපෙ විසින් පාර්ලිමේන්තුවේදි විශේෂ ව කීවේ ‘‘ත‍්‍රස්තවාදයෙන් දෙමළ ජනයා නිදහස් කරගැනීමට ආණ්ඩුව පියවර ගත යුතු බව‘‘ කී අතර ආණ්ඩුවේ ආරක්ශක ලේකම් ‘ගෝඨාභය රාජපක්ෂ‘ට බෝම්බ ගැසූ 2006 දෙසැම්බර් 1 දින ජවිපෙ විසින් රූපවාහිනි මාධ්‍යකදී කීවේ ‘‘එල්ටීටිඊ සංවිධානය තහනම් කර සටන් විරාම ඉවත් කර ආණ්ඩුව මිලිටරිමය පහරදීම් වැඩි කළ යුතු බව‘‘ ය’ මෙවැනි ලෙස භාවිතයහි එහිම ස්වරූප තුළින් මාක්ස් ලෙනින්වාදි කියාගන්නා ජවිපෙ හි ගැටලූකාරී සහ තවත් පසෙකින් දිශානතිය කොතනටද යන්න ට අවශ්‍ය කරුණුමය අඩිතාලම ගොනුවී තිබේ.

මහා ජාතියෙහි පීඩනයෙන් හෙම්බත්ව පීඩිතව සිටින සුළුතර දෙමළ ජාතිකයන්ගේ පීඩිත බව ජවිපෙ විසින් තේරුම් නොගත්තා සේම ,බෙදුම්වාදයට එරෙහිව අන්ත සිංහල ජාතිකවාදීන් සමග සන්ධාන ගත වීම ම කෙතරම් විසංවාදී ද යන්න පෙනේ.

ජවිපෙ විසින් ඔවුන් මාක්ස් ලෙනින්වාදී ස්ථාවරයක සිටින බව කීවද එය කෙතරම් දුරට සත්‍යද? සෘජුවම ප‍්‍රකාශ කළහොත් කාල් මාක්ස් සහ එංගල්ස් එකහෙළාම කුඩා පීඩිත ජාතීන් හෝ කුඩා ජතියක් මත මහා ජාතීන් හෙළන පීඩකත්වයට විරුද්ධ විය.එය කාල් මාක්ස් විසින් කුඩා ජාතීන්ගේ ජාතික නිදහස පිළිගැනීම ගැන ලියූ අයර්ලන්ත හැරවුම (Irish Turn) පිළිබද ලිවීම් තුළින් මනාව ප‍්‍රකාශමාන වේ.‘අයර්ලන්තය සහ අයර්ලන්ත ප‍්‍රශ්නය‘ ලෙස 1971 මාක්ස් ලි්යූ කෘතියෙහි එය දැක්වේ ‘Ronaldo Munck’ වැනි අය තවදුරටත් විමසා කෘති පළ කර ඇත.තවත් ඉදිරියට ගියහොත්,දෙවන ජාත්‍යන්තරයේ සමුළුවෙදි ජාතින්ගේ ස්වයං නීර්ණ අයිතිය ගැන සාක්ච්ඡ කළ අතරම ලෙනින් සහ රෝසා ලක්සම්බර්ග් අතර මේ ගැන දීර්ඝ සංවාදයක් ද සිදුවුණි.ලෙනින් දිගින් දිගටම ජාතින් ගෙ ස්වයං නීර්ණ අයිතිය පිළිගත් චරිතයකි,1914 පෙබරවාරි මාර්තු කාලයේ ලෙනින් ‘ ස්වයං නීර්ණය සදහා ජාතීන් සතු අයිතිය‘කියා රචනයක් ද ලිවීය.ලෙනින් ගෙ මෙම සංවාදයට කේන්ද්‍රගත වෙන්නෙ ‘පෝලන්තයෙ ජාතික ගැටලූව‘ යි.ලෙනින් විසින් පෝලන්තයේ ජාතික ස්වයං නීර්ණ අයිතිය පිළිගත් අතර ,පෝලන්තයේ ධනපති පන්තියේ ජාතික අරගලයට සහය දෙන බවත් එලෙස දුන්නත් යුදෙව් ජනතාවට පීඩනයට ලක් කරන පෝලන්ත ධනපති පන්තියෙ ඇති හැකියාවන්ට මූලයන්ට එරෙහිව සටන් කරන බව 1914 ‘The Right of Nations to Self-Determination’ Lenin Collected work’හි ලෙනින් පවසයි.එවගේ ම ලෙනින් විසින් න්‍යායාත්මකව ජාතීන්ගේ ස්වයං නීර්ණ අයිතිය ගැන විස්තරාත්මකව 1916 ‘The Socialist Revolution and the Right of Nations to Self-Determination ,Lenin Collected Works, Volume 22’ හි ප‍්‍රකාශනය කරමින් මහා ජාතියේ පීඩකත්වයෙන් වෙන්වීමට දේශපාලනික නිදහස සදහා පීඩිත ජාතීන් සතු අයිතිය පැහැදිලිව ලෙනින් මෙන් ම මාක්ස් ද සෘජුවම පිළිගන්නා බව පැහැදිලිය.ජවිපෙ මාක්ස්වාදි විරෝධී වග මින් පැහැදිලි වනවා මෙන්ම එහි විකල්පමය දුගී භාවය ද කියාපානු ලබයි.

මෙම දේශපාලනික බෙලහීන බවට මාක්ස්වාදයෙන් ගැලවී බහුතර මහ ජාතිය ප‍්‍රමුඛ කරගත් කුලකය මතට ඇදවැටීම පිළිබද කාරණය බැරෑරුම් සිතීමකට ලක් කළහොත් මෙහි ‘කාලය‘ යන සාධකය නිශ්චිත මැදිහත් වීමක් කර ඇති බව දාර්ශනිකත්වයෙන් ඇතුල් වී දේශපාලනිකාර්ථයෙන් කිව හැක.මෙලෙස ‘කාලය‘ යන අදහස මත සිට කියනු ලබන්නේ මාටින් හෛඩගර් ගෙ’Being & Time’ කෘතියෙහි එන ‘කාලය‘ දේශපාලනික මුහුණුවරකිනි.හෛඩගර් ගේ සූත‍්‍රගත කිරීම්වල ඇදවැටීමක් තුළින් නිරාවරණය වුණු ලෝකයක් තුළ පැවතීම,යම්කිසි ‘ඔතැන‘ක පැවතීම තුලින් ඔහු නිර්මාණය කරන්නට හදන මූලධාර්මික සද්භාවවේදය තුළ ඔහු ගොනු කරන ‘කාලය’ පිළිබද අදහස මීට ගෙන ඒ.මාටින් හෛඩගර් ඔහුගේ දර්ශනය තුළ ‘කාලය‘ සූත‍්‍රගත කරන්නේ වර්තමානය නිර්මානය වන්නේ අතීතය සහ අනාගතයේ එකතුවක් ලෙසයි.යම් කිසි ඔතැනක වැටී ඇති පැවැත්මහි පදනම වන්නේ මේ කාල තුන හි අන්තර් සම්බන්ධහිය.මෙම අන්තර් සම්බන්ධය, අතීතයෙන් ‘දරාගෙන සිටීමත්‘ ,අනාගතයෙන් බලාපොරොත්තුවෙන් සිටීම බලාගෙන සිටීම යන ආදී සිදුවීම් පවතින්නේ වර්තමානය ගොඩනැගීම තුළයි.මෙම දාර්ශනික කාරණය දේශපාලනික පොළව සිතියම්ගතකිරීම මත සුත‍්‍රගතකරගමු.ප‍්‍රජාතන්ත‍්‍රවාදී දිශානතියක සිටින්නවුන් මත ම්ලේච්ඡත්වය වපුරා,මාක්ස්වාදී සාරයෙන් සද්භාවවෙදීව ගැලවී යන ජවිපෙහි පොළව වූයේ කුමක්ද? අසූ ගණන් වලදිත් ග‍්‍රාමීය මධ්යම හා පහළ මධ්යම පාන්තික ඓතිහාස්ක මූලයන්,සිංහල ඉතිහාසයන්හි එන විරුවන්ගෙ කතා ද ජවිපෙහි දේශනවල භාවිත වී තිබීම වැනි උදාහරන සමග සිංහල ජාතිකත්වයන් මත ජනතා විමුක්ති පෙරමුණෙ ‘අතීතය‘ කේන්ද්‍රගත වී තිබූ අතර ජවිපෙ හි බලාසිටීම හෙවත් ‘අනාගතය‘ වුයේ යම් ආකාරයකට සිංහල බහුතරයගේ ආකර්ශනය,දකුණෙ බහුතර ඡුන්ද මනාප ආදි ලබාගැනීම වූ හෙයින් ජවිපෙ හි වර්තමානය ගොඩනැංවීම තුළ ජාතීන්ගේ ස්වයං නීර්ණ අයිතිය වැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදි ස්ථාවරයන් පිළිගත් අයව ඝාතනය කිරීමේ සිට මාක්ස්වාදී මූලයන්ගෙන් ක‍්‍රමිකව වෙන් වී ම සිදුුවීම අනිවාර්‍යතාවකි.මෙය මාක්ස්වාදි අර්ථයෙන් දෝෂසහගත මාදිලියකි.ජනතා විමුක්ති පෙරමුණෙහි ‘අතීතය‘ සිංහල ජාතිකත්වයන් ආදී කාරණා මතත් ,‘අනාගතය‘ දකුණෙහි සිංහල බහුතර ඡන්ද සහ ආකර්ශනය මත පිහිටා තිබීම තුළ ජවිපෙහි එම ‘වර්තමනයෙ‘ උුතුර-නැගෙනහිර දෙමළ ජනතාවගේ පීඩිත බව සප්ර්ශ නොවීම,මාක්ස්වාදයට පටහැනි වී විකල්පමය ලෙස රෝගී සංවිධානයක් වීම වැළැක්විය නොහැක්කකි.අද පවා ජවිපෙ උතුරේ සැබෑ ප‍්‍රශ්න පිළිබද සංවේදී නොවන්නෙ,දේශපාලන සිරකරුවන්ගේ ප‍්‍රශ්නය,අතුරුදහන් වූවන්ගෙ ප‍්‍රශ්නය,කේපාපිලව් වැනි ඉඩම් අහිමි ප‍්‍රශ්න වැනි සැබෑ ප‍්‍රශ්නයන් ඔවුන්ට මගහරින්නේ සෘජු මැදිහත්වීම් නොකරන්නේ බැරෑරුම් නොවන්නේත් එකලදිත් ඔවුන්ගේ විකල්පමය රෝගී බව හි දරුණු විශාලත්වය නිසාය එකල මෙන්ම සුපුරුදුව ජවිපෙහි ‘වර්තමානය ගොඩනැංවීම‘යි. දයා පතිරණ නම් විභවාත්මක ලක්ශ්‍ය විසින් ජවිපෙ වැනි දේවල් වල රෝගීබවත් ,ලාංකේය වම පවා අමතක කරන උතුරෙහි පීඩිතබව නැවත නැවත නිරාවරණය කිරීමත්, බෙලහීන වමට ඉවත් කළ ‘වේළුපිල්ලේ අයියේ මට සමාවෙන්න‘ වැනී විමුක්ති ගී වල ඉදන්ම තමන්වම නිරාවරණය කර කාංසාව ට ඇදවැට්ටීමත් සිදුකරවයිි.

විශ්වීය ලෙසත් බලාපොරොත්තු රහිත විකල්පීයවත් බෙලහීන සමාජයක දී අතීතය පිලිබද සිතුවහොත් 87-89 ඝාතන,2000 දශකයෙ ජාතිවාදි මය ස්වරූප ගනිමින් වාම ස්ථාවරයන්ගෙන් පිට පැනීම් සිදුවූවා වගේ ම ‘මහා’ ජාතිවාදි දරුනු අන්තවාදී පුටු,අත්,බුලත්,අලි දේශපාලනයෙ ඓතිහාසික සිදුවීම් සාම්ප්‍රදායික පශ්චාත් ඡන්ද අවධීන් ගැන ද සිතුවහොත්, මෙම වාස්තවික තත්වයෙ හි ඡන්ද තෝරාගැනීමදි විකල්පමය තීව්‍රතා ගැන සිතීමක් තුළ අවබෝධයක දි ජවිපෙ මග හැරිය නොහැකි තැනට අප ඇදවැටේ.

කලක දි ජවිපෙන් වෙන්වූ පෙසපෙ හි ජවිපෙට සාපේක්ෂව මතවාදී මය විවෘත භාවය යම් කිසි මට්ටමක තිබුනද ජවිපෙ හි මතවාදීමය පසුගාමීත්වයන් පැවතුනද පවතින පාලක යාන්ත්‍රනයට මෙම ‘දැන්’ නම් තත්වයහි බලපෑම්කාරී වියහැකි මට්ටමක සිටින්නෙ ‘ජවිපෙ’ ය,මෙය මෙ මොහොතෙ දේශපාලනික තීරනයක් මිසක කිසිලෙසක සාධාරනීයකරනයක් හෝ අනුගාමිකත්වයක සේයාවක් හෝ නොවන වග දයා ගැන කියමින් අරඹන මෙම ලිපියෙන් ම ප්‍රකාශමාන කරනු ලබයි.මෙය හෛඩගර් පැවැත්ම ගැන කියන භාෂාවෙන්ම ගත්තොත් ‘ඇදවැටීමක්’.


කෝලේ ඉරාගෙන ඇගේ හලාගෙන කඩුවෙන් කපාගෙන ආප්පයේ වන්දි ගෙවන්න පිටිපස්සෙන් යන අපේ ජනපති මෛත්‍රි…..

දෙසැම්බර් 29, 2017

” කොලේ ඉරාගෙන ,ඇගේ හලාගෙන පස්සේ දුක්වෙන්න එපා “…..
” කඩු වෙන් කවුරු කැපෙයි ද ? ඒ කෙනා කවුද කියන එක මට අදාල නෑ ”

එහෙම කියන්නෙත් …

“මේ රට වෙලාගෙන තියෙන රුදුරු භීෂණය, දුෂණය නතරකොට ජනතාවගේ හොරා කෑව මුදල් නැවතත් ජනතාවට ලබාදී ඒ නිතිවිරෝධි ,ජනතාවිරෝධි දේවල් සිදුකල සියල්ලම නිතිය ඉදිරියට ගෙනවිත තරාතිරම නොබලා ට නොවෙමිදඩුවම් දීමට මම කිසි විටකත පසුබට නොවෙමි. ….”

” එක්නැලිගොඩ, ලසන්ත, තාජුදීන් වැනි ඝාතන මෙන්ම වැලිකඩ සිරකරුවන් ගේ මිනිමැරුම් සිදු කල පුද්ගලයන් මෙන්ම ඊට අණ්දුන් ඉහළම තැනවල ඉන්න අයවත් නිතිය ඉදිරියට ගෙන ඒමට මම ක්‍රියා කරන ඔබට පොරොන්දු වෙනවා …….”
” මේරටට පිලලයක්ව පවති අල්ලස මුළු මනිනම පිටු දැක සුදුස්සාටම ඉතාම සුදුසු තැන ලබා දීමටත් කොමිස් ගැහිලි කියන පිලලය උගුල්ලා දැමීමටත් මම දැඩිව කටයුතු කටමි………..”

” කුමන බාධක පැමිණියත් රටට විශාල පිලලයක්ව ඇති මේ විධායක ජනාධිපතිකම ඉවත් කොට රටට වගකියන පුද්ගලයකු බවට මේ තනතුර පත් කරමි……”

මෙහෙම කිවේ 2015 ජනවාරි 08 වෙනිදා මෙරටේ නිතිගරුක පුරවැසියා ගේ ඡන්දයෙන් ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ විධායක ජනාධිපති ධුරයට පත් කරගත් මෛත්‍රිපාලය.
අද වනවිට…………………..

” කවුරු කුමක් කිවත රටේ රණවිරුවන්ට මම අතතියන්න ඉඩ නොදෙමි …”
” මටඔනි අපේම ආණ්ඩුවක් පිහිටුවාගන්නයි. මට ඔනි නිල්පාට ආණ්ඩුවක් මේරටේ ඇතිකරන්න …..”

” මම තවත් කියන්නේ අපේ පක්ෂය බෙදුනොත් ඒකේ වාසිය අපේ හතුරටයි මම ලැස්ති කුමන පරිත්‍යාගයක් කර හෝ මේ පක්ෂය නොබෙදී එකට යන්න ….”

” මගේ සිහිනය කවදාහරි අපි සියලුදෙනාඑකට එක්ව අපේ ශ්‍රි ලංකා නිදහස්පක්ෂ ආණ්ඩුවක් තුලින් මේරට පාලනය වෙනවා දකින්නයි…..”

ඉතිං දැන් ජනතාව හිටං බලන් ඉන්නේ “කොලේ ඉරාගෙන ඇගේ හලාගෙන, කඩුවෙන් කපා ගෙන, පිටිපසසෙන් වැටී ගෙන මේ යන්නේ කාපු ආප්පය වැමෑරීමට බවනම්සත් සුදක් සේ පැහැදිලිය.
ඒත්………….

ජනතාව නම් දන්නවා මේයන මෛත්‍රිගේ ගමන නවතින්නේ අඩි 6 ක් නොව අඩි 8 කම වළ පල්ලටම ගොස් බවය.

මුලාශ්‍රය:අජිත් තෙන්නකෝන්.

ලංකාවේ නායකයාගේ මෝඩ තීරණ නිසා ජීඑස්පී සහනය ඇමරිකාව අහිමි කරයි.....

දෙසැම්බර් 29, 2017.

ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට මෙතෙක් ලබා දී තිබූ ජීඑස්පී බදු සහන මෙම දෙසැම්බර් මස 31 වැනිදායින් පසු නැවත දීර්ඝ නොකිරීමට තීරණය කර ඇති බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.

ඇමරිකාව විසින් ගෙන ඇති මෙම තීරණය ශ්‍රී ලංකාව මෙන්ම එම බදු සහනයෙන් ප්‍රතිලාභ ලැබූ අන් රටවලටද බලපායි.

ශ්‍රී ලංකාවේ සමස්ථ අපනයනයෙන් 20%ක් පමණ සිදුකර ඇත්තේ ඇමරිකාවට වන අතර,ජීඑස්පී සහනය මගින් එම අපනයන නිෂ්පාදනවලට කිසිදු තීරුබදු අය කිරීමකින් තොරව ඇමරිකානු වෙළදපලට පිවිසීමට අවස්ථාව ලබා දී තිබිණි.

මෙරටට වාර්ෂිකව ඩොලර් බිලියන 03ක පමණ මුදලක් ලැබෙයි. (හම්බන්තොට වරාය චීනයට ලබා දී ඇත්තේ ඩොලර් බිලියන 1.1කටයි)

රෙදි පිලි, රබර් නිෂ්පාදන, විසිතුරු මසුන් ප‍්‍රධාන වශයෙන් ශ‍්‍රි ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරනු ලබන අතර එමගින් මෙරටට වාර්ෂිකව ඩොලර් බිලියන 03ක ආදායමක් ලැබේ. එය හම්බන්තොට වරාය චීනයට ලබා දී ගත් මුදල මෙන් දෙගුණයකටවත් වැඩිය. 2016 වර්ෂයේදී පමණක් ශ්‍රී ලංකාව ඇමරිකාවට ඩොලර් බිලියන 3.01ක භාණ්ඩ අපනයනය කර තිබේ.

ජීඑස්පී බදු සහනය අහිමිවීමත් සමග තීරුබදු ගෙවමින් සෙසු රටවල නිෂ්පාදන සමග තරගකරමින් ඇමරිකානු වෙළදපොලට භාණ්ඩ අපනයනය කිරීමට මින් පසුව ශ්‍රී ලංකාවට සිදුවේ.

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කළ ප්‍රකාශයට එරෙහිව එක්සත්ජාතීන්ගේ සංවිධානය වෙන ගෙන ආ යෝජනාවට පක්ෂය ඡන්දය ලබා දුන් රටවල් පිළිබදව අවධානයෙන් සිටින බවත් එම රටවලට ලබා දී තිබූ ආධාර කපා දමන බවට ඇමරිකාව විසින් නිවේදනය කර තිබිණි.

ශ්‍රී ලංකාවද ඇමරිකානු ජනාධිපතිවරයාගේ තීරණයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර තිබිණි.

Thursday, December 28, 2017

ධනපති පන්තියට විරුද්ධ බව මවාපාන සමාජවාදය රෙද්ද අස්සෙන් බේරෙන වත්මන් සැබෑ හෙළුව .....

දෙසැම්බර් 29, 2017.

ලෝක දේශපාලන ඉතිහාසයේ කුරිරුතම ඝාතකයා ඇඩොල්ෆ් හිට්ලර් ලෙසින් බොහෝ දෙනා විසින් හඳුන්වනු ලබයි. හිට්ලර් පිරිසිදු ජර්මානුවන් මරාදමුවේ නැත... ලෝක යුද්ධයෙන් මියගිය සංඛ්‍යාවට වැඩි සංඛ්‍යාවක් තමන්ගේ රටේ තමන්ගේම රුසියානුවන් ස්ටාලින්ගේ අණින් ඝාතනය කෙරිණ. මාවෝ සේතුං තමන්ගේම චීනුන් ලක්ෂගණනින් ඝාතනය කළේය.

පොල්පොට්ලා ගැන කතන්දර අනවශ්‍යය. ඇමරිකාවට කෙළීමේ ආනුභාවයෙන් "හෝ මාමා" වියට්නාම් වීරයෙකු වූවද උන්දෑගේ ජීනොසයිඩ් අකවුන්ට් එකත් පොඩි නැත. අල්ලපු රටේ සිටිමින් ඇමරිකාවෙන් මේ වනතුරුත් ගේම ඉල්ලන අසහාය නායක "ෆිඩෙල් සහෝදරයා"ගේ දෑතද හිතනා තරමට පිරිසිදු නැත. උතුරු කොරියාවේද තත්වය ආතල්ය. සමාජ අසාධාරණය වෙනුවෙන් නැගීසිටි පීඩිත පන්තිය පන්ති මට්ටම් සම කරන්නට යාමේදී ඊට එරෙහි සියලු බළවේග මුලිනුපුටා දැමීමට ඔවුන් කිසිවිටෙක මැළි වුයේ නැත. ඊනියා ධනවාදය, පුද්ගලවාදය, ඒකාධිපතිවාදය මිනී මැරුවේ යම්සේද, කොල්ලකෑවේ යම්සේද සමාජවාදීන් එය පරයා යමින් කොල්ලකෑ අයුරු මිනී මැරූ අයුරු ඉතිහාසයේ අපූරුවට සටහන්ව ඇත. ලෙනින්ලා, සටාලින්ලා සහ අනුප්‍රාප්තිකයින් ධනවතුන් මංකොල්ලකා, ජනතාව වහල් සේවයේ යොදවමින් තැනූ, කේජීබී මාෆියාවෙන් නිරන්තර සංස්කරණයට ලක්වූ "සෝවියට්" රුසියාවේ ආඪ්‍යත්වය විජේවීරලාට මැජික් එකක් වන්නට ඇත. "රුසියාවෙත් එහෙම තමයි" කියමින් උන්ගේ තියරිය මෙහෙට ආරූඪ කරන්නට ගොස් විජේවීරලා දෙපාරක් පුක බිම ඇනගත්තෝය. උන්ගේ බීම වොඩ්කා වූවද අපේ එවුන් බොන්නේ කසිප්පු බව විජේවීරට මැරෙනතුරු අවබෝධ වූයේ නැත.

සෝවියට් රටෙන් ආනයනය කල විෂබීජය හොඳින් වර්ධනයවන මාධ්‍යයක් සොයාගැනීමට විජේවීරලාට අපහසු වූයේ නැත. ගැටවරයන්ගේ "මොරාල්" විප්ලවවාදී විෂබීජයෙන් වර්ධනය වූයේ බලාගෙන ඉඳිද්දීය. සෑම මනුෂ්‍යයකුටම සිත් තුළ වදදෙන කිසියම් ප්‍රශ්නයක් ඇත. ඒ කුමක්හෝ වේවා, එය සමාජ අසාධාරණය හේතුකොටගෙන සිදුවන බව ඔවුනට ඒත්තු ගැන්වීම පහසුය. විජේවීරලා "ටච් කළේ" ඒ "හොට් ස්පොට්" එකය. එකම විසඳුම විප්ලවයය. විප්ලවයක් සිදුකිරීමට සහ සාර්ථක කරගැනීමට පසුබිම් සකස්විය යුතුය. අතිශය අසාධාරණ පාලනයක් පවතින රටක ජනතාවට කෑම බීම පවා නොමැතිව දුක් විඳීමට සිදුවීමෙන් "ජීවත් වෙනවාට වඩා මැරෙනවා හොඳයි" යන තැනට ජනතාවක්, සමාජයක් පත්ව ඇත්නම් එතැන විප්ලවයක් කිරීමට සුදුසු වාතාවරණයක් පවතී. ජෙප්පන්ගේ විප්ලව දෙකේදීම රට තුළ එවැනි වාතාවරණයක් පැවතියේ නැත.

තරුණ අසහනය ඕනෑම රටකට, ඕනෑම තැනකට පොදු කාරණාවකි. වයස 16, 18 ට එළඹෙන ගැටවරයා කොහේ සිටියත් කිසියම් අසහනයකින් පෙළීම ස්වභාවික කාරණාවකි. තම පියාගෙන් පවා "ගේම ඉල්ලීමට" පසුබට නොවෙන ආවේගශීලී, ආක්‍රමණශීලී තාරුණ්‍යය විප්ලවවාදී චින්තනයට නතුකරගැනීම ඉතා පහසුය. විජේවීරලා පාලු ගෙවල් තුළ, ලඳු කැලෑ මැද විප්ලවීය මොළ ශෝධනය සිදුකිරීමේ ආනුභාවය 71 දී සහ 89 දී මැනවින් පිළිබිඹු විය. මුලා වූ තාරුණ්‍යය මහජන දේපළ වලට හානි සිදුකරමින් උණ්ඩයෙන් ප්‍රශ්නකරන්නට ගොස් උණ්ඩයෙන්ම පිළිතුරු ලද්දේය. රජයට විරුද්ධව එන කැරළි මර්දනය කිරීමේ අයිතිවාසිකම සුරැකීමේදී කිසිවකට සම්බන්ධ නොවූ අවිහින්සකයන් මෙන්ම විප්ලවීය මොලශෝධනයට ලක්ව මංමුලාවූ තාරුණ්‍යයද සංහාරයට ලක්විය. ජාතියේ කරුමයට, 71 දී පාඩම් ඉගෙන නොගත් විජේවීරට 88දී යලිත් වරක් තරුණයන් මුලා කිරීමට අවස්ථාව උදාවිය. වර්තමානයේ සමාජවාදය රෙද්ද අස්සෙන් බේරෙන ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගේ බිරිඳගේ කලින් විවාහයේ පුත්‍රයාගේ විවාහ මංගල්‍ය මොරටුව රාවතාවත්ත දේවස්ථානයකදී සිදු කිරීම සමාජයට නිරාවරණය කිරීම හරහාය. ධන කුවේර පවුලක කාන්තාවක හා විවාහ වූ කසුන් දිසානායක නැමති තරුණයා සහ ඔහුගේ බිරිඳ රාජකාරී කර ඇත්තේ මිහින් ලංකා ගුවන් සමාගමේය. පෞද්ගලික විශ්ව විද්‍යාල තුලින් අධ්‍යාපනය ලබා ඇති කසුන් දිසානායක නම් වත්මන්ව අනුරගේ පුත්‍රයා නිසා ජවිපෙ විශාල ආගාධයකට ඇද වැටුනි. අනුර ප්‍රමුඛ ජවිපෙ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහිව දැවැන්ත ව්‍යාපාරයක් ගෙන ගිය අවධියක මෙම හෙලිදරව් කිරීම තුලින් ශිෂ්‍ය සටන් ව්‍යාපාරයට මරු පහරක් එල්ල විය. එය අදටද ජවිපෙ අභයන්තරය තුල දැඩි විවේචන එල්ල වෙමින් පවතින වකවානුවකි. අනෙක් කාරණය ධනපති පන්තියට විරුද්ධව හඩ නගන නිහාල් ගලප්ත්තිලා වැනි අයගේ පුත්‍රයන් පයිලට්ලා වෙද්දී විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මහා පාරේ වීමෙන්ම ගම ඉල්ලන ජවිපෙට විලි වසා ගැනීමට නොහැකිය.
 කොහොමින් කොහොමින්හෝ වේවා ජවිපෙය විප්ලවීය සමාජවාදී සළු ගලවා ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රවිෂ්ඨ වී තිබෙනු පෙනේ. තර්කානුකූලව වචන හසුරුවන , ආදර්ශමත්ව නායකාරකාදීන් හැසිරෙන, ආකර්ෂණීයව රැස්වීම් රැළි පවත්වන, බුද්ධිමත් නායක සමූහයකින් මගපෙන්වනුලබන ජවිපයක් නූතන දේශපාලන ප්‍රවාහය තුල විද්‍යමානවේ . නූතන ජවිපය එක එක අතකින් බැලූ විට හොඳ රංගන ප්‍රතිභාවකින් පිරි නළු පිරිසකි. කටුස්සන් පාට මාරු කරනවා මෙන් ප්‍රතිපත්ති මාරු කරන්නට දක්ෂය.

තමන්ට ආගමක් නැතැයි කියූ, සිද්ධස්ථාන වල නිදන් හෑරූ ජෙප්පන් අද අටපිරිකරද මල් වට්ටිද සමග මහා නායකවරුන් බැහැදකී. 88-89 ගැන සමාව අයදින ජවිපය පොඩ්ඩ එහෙමෙහෙ වූ ගමන් "අපිටත් ආයුධ හුරුයි, ගේම නම් ගේම" යනුවෙන් වහසිබස් දොඩයි. උගත් බුද්ධිමත් කම පෙන්නන්නට ජාතික ලයිස්තුවේ පවා ආකර්ෂණය පතයි. අවංකකම පෙන්නන්නට පඩි නොලබයි. හඳුන්නෙත්ති කියූ පරිදි උන්දෑට අඳින්නට කමිස ගෙනත් දෙන්නේ පාක්ෂික යාළුවෙකි, කන්න බඩු දෙන්නෙ පොලේ එළවලු විකුණන පාක්ෂිකයෙකි, නොමිලේම කොන්ඩේ කපන්නේද පාක්ෂික බාබරයෙකි. බලාගෙන ගියාම අපිටත් එහෙම නිකං දෙන එවුන් සිටියා නම් ජීවත් වීම මොනතරම් ආතල්ද? මෙව්වා නිකන්ම මාධ්‍ය සංදර්ශනයන්ය. ඔස්කා සම්මාන නිර්දේශිත රඟපෑම්ය. ජවිපෙ රැස්වීම් ඉවරවූ කැම්බල් පිටියේ බත් දමාගෙන කන්නට හැකිය. ඒ තරමට පිරිසිදුය. එව්වා බුකියේද ශෙයා කර එක දාගන්නවාය. එව්ව හොඳ වැඩය. ඒත් පහුවදා සිට ලංකාවේම පාරවල් ගානේ උන්ගේ ටකේ අඳිනවාය. පෝස්ටර නාවනවාය. රඟපෑම් , මවාපෑම් කියන්නෙ මේවාටය. අනුර කුමාරලාට වඩා ලස්සනට මයිල් කෙලින් වෙන්නට අඩිය බිම හප්පමින් බෑගිරි ගැසූ උන්දැලා දැන් සිටින්නේ කොහිදැයි හැමෝම දනිති. චන්ද්‍රිකාගේ "අත්අඩංගු ආණ්ඩුවේ" ඇමතිකම් කොරපු ආදර්ශමත් උන්දැලා සමහරුන් දැන් සිටින්නෙ කොතනදැයි සොයා බලන්නට වටී. පක්ෂ දේශපාලනය සංදර්ශනයක් නම් එම සංදර්ශනයේ ජවිපය වේදිකාව නම් එම වේදිකාවේ රංගන පක්ෂ නායකයන් කලින් කලට අමුතු නැටුම් නටන අයුරු අපි දැක ඇත්තෙමු. වේදිකාව කොතරම් හොඳ වුවත්, ඇද නැති වුවත් නැට්ටුවන් "බල්ටි නැති විසිල් පමණක් ඇති ඇති" පිරිසක් නම් උන්ගේ නැටුමෙන් ඇති වැඩක් නැත.

ලංකාවේ අනෙකුත් පක්ෂ දේශපාලනයේ සිටින්නෙ පාක්ෂිකයින්ය.ජවිපය තුල සිටින්නේ කාඩර් වරුන්ය... රැයක් එළිවන විට රටම එක පොස්ටරයකින් වැසෙන අයුරු ඔබ දකින්නේ, රැළියක් පවත්වන විට එය විචිත්‍රවත්ව මෙන්ම ජන ගඟකින් පිරී ඉතිරී යනු ඔබ දකින්නේ ජවිපයේ එම කාඩර් වරුන්ගේ බල මහිමයෙන්ය.පෝස්ටර් මිටිය සහ පාප්ප බාල්දිය ගෙන යක්කු ගස් යන වේලාවට කාටත් හොරෙන් තාප්ප, පඳුරු වලට මුවා වෙමින් තමන්ගේ ඒරියා එක පෝස්ටරයෙන් කවර් කිරීමට ජවිපෙ සගයා පියවර ගන්නේ අරක්කු බෝතලයට, බත් පැකට්ටුවට හෝ රක්ෂා සිහිනය සැබෑ කරගැනීමට නොවේ... එසේ කරනුයේ රුසියාවෙන් සමාජවාදය මෙරටට ආනයනය කල නැසීගිය සහෝදර වරු සරසවි නේවාසිකාගාර තුල , පාලු ගෙවල් වල, වන වදුල් තුල මොළ ශෝධනය කරමින් මනසට පොම්පකල විප්ලවවාදී අදහස් තවමත් සිත්සතන් තුල රැව්පිළිරැව් නැගීමේ ආනුභාවයෙනි... පක්ෂයට මුදල් අවැසි විට ටවුමේ කැට සෙලවීමට එම චින්තනය පසුබට නොවේ... පක්ෂයේ පෝස්ටර් ගසනවා මෙන්ම අරමුදල් තරකර ගැනීමට ජවිපෙ සාමාජිකයා කුලියටද පෝස්ටර් ගසන බව ඔබ නොදන්නවා විය හැක. රටම එක රැයින් යම් වෙළඳ භාණ්ඩයක් පිලිබඳ පොස්ටරයකින් වැසෙයි නම් ජවිපය ඊට වගකිවයුතුය. ඔයිල් වලින් සිසිලනය වන විදුලි ට්‍රාන්ස්ෆෝමර් වල ඔයිල් ටැප් එක බුරුල් වූයේද ඒ සංවිධාන ශක්තියේම බල මහිමයෙනි. ඔයිල් හිස් වූ ට්‍රාන්ස්ෆෝමර් 88,89 කාලයේ ගිනි ගත්තේ ඒ ආකාරයටය....ජවිපෙ සොහොයුරෝ අදටත් මෙරට සමාජවාදී රටක් බවට පෙරලීමේ අදිටනින් පෙළෙති. මන්ත්‍රී ධුර කිහිපයකින් හෝ , කෙස් පැලෙන තර්ක මගින්හෝ , ප්‍රබුද්ධ මතවාදී ඉදිරිපත් කිරීම් මගින් හෝ, මහ මග සටන් ව්‍යාපාර වල උගුරු ලේරස වනතුරු බෙරිහන්දීම මගින් හෝ එය යතාර්ථයක් බවට පෙරලිය නොහැකි බව ඔවුහු දනිති. අළුත් වංගුවක් ගැසූ නූතන ජෙප්පන් ටවුමේ කැට හොල්ලන්නේද නැත. නූතන රැළි වල නායකයන්ගේ ඔළු වල "චේගුවේරා තොප්පිය"ද නැත. අනූ හතරේ සිට මාධ්‍යයට වලට ඇඳගෙන ආ රතු කමිසයද නැත. එක අතකින් බැලූ විට ජවිපය කරන්නේ හැංගිමුත්තම් සෙල්ලමකි. කොළේ හංගා ගැසීමකි.

ලෝකෙන් උතුම් රට ලංකාවයි කිව්වාට මේකේ ඇති මගුලක් නැත. ආර්ථික වශයෙන් ගොඩ එන්නට පුළුවන් තරමට ස්වභාවික සම්පත් නැත. ඒ ආකාරයේ වගා භූමිත් නැත. ඇති මහලොකු තාක්ෂණයකුත් නැත. ඇති එකම දෙය නම් මිනිස් සම්පත පමණක්ය. මොකක්හෝ වාසනාවට අපේ එවුන්ට හොඳ මොළයක් ඇත.(දේශපාලනයේදී නම් එය නැත). ඒ දෙයින් වැඩක් ගැනීමට නම් අධ්‍යාපනයට සහ සෞඛ්‍යට විශාල මුදලක් වෙන් කල යුතුය. එව්වා වෙන් කරන්නට අනිත් එව්වාටත් මුදල් අවශ්‍යය. හිඟන රටක් වන අපේ රටට ඔව්වා ඔක්කොම කොරන්නට බැරිය. කාගෙන් හරි ඉල්ලගන්නම වෙනවාය. ඉල්ලගත්ත සල්ලි ප්‍රයෝජනවත් වැඩකට යොදන ගමන් කලින් කිව්ව එව්වා ඉෂ්ට කොරගන්නටත් උවමනාය. කොයි එකා ආවත් කොරන්නේ ඔය කෙරුවාවමය. කෙරුවාව කොරන්නට මයිල් ඉස්මයිල් වෙන දර්ශන තිබුණත් ජවිපය "ඉල්ලාගැනීමේ" ගේමේදී ෆේල් වෙන එක ඉර හඳ වාගේ ෂුවර්ය. සෝවියට් ලොකු අයියාගෙන් සතයක් ගන්නට බැරිය. චීන කොමිනිස් අයියා ගිනි පොලී කාරයෙකු වී අවසන්ය. චීනයේ ඉතිරිවී ඇත්තේ කොඩියේ රතුපාට පමණක්ය.

ජෙප්පන්ට සිස්ටම් එක දුවවන්නට නම් "රොබින්හුඩ්, සරදියල් ගේම්" ගසන්නට වෙනවාය. දූෂණය අඩුකොරලා ඒකෙන් කොරනවා කිව්වාට ඒ සොච්චමෙන් කොරන්නට පුළුවන් මගුලක් නැත. ෆෝන් එකට සල්ලි ණයට ගන්නා ක්‍රියාවේ පටන්, ක්‍රෙඩිට් කාඩ්, බැංකු ණය, ලීසිං වලට හුරුවී අනුන්ගේ සල්ලි වලින් දුවන්නට හුරු වූ අපේ මිනිස්සුන්ට අංශක 180ක වංගුවක් ගැසීම කොහෙත්ම කළ නොහැක. අද රතු අලි පැටියා සිරිකොතේ කක්කුස්සියේ යන සමාජ මතය සනාත වන හොද සාක්ෂි කිහිපයක් සමාජ ගතව ඇත. එක්තරා අවස්ථාවක චතුර සේනාරත්න මන්ත්‍රීවරයා විසින් ජවිපෙ හට වැසිකිලියකදී මුදල් ලබාදුන් බව පැවසූ කථාව ප්‍රථික්ෂේප කිරීමට ජවිපෙ අසමත් විය. තවත් විටෙක අමාත්‍ය මලික් සමරවික්‍රම විසින් අනුර දිසානායක හට මාසිකට රුපියල් ලක්ෂ 25 ක මුදලක් දීමද සනාථ වී ඇති අතර යහපාලන ආණ්ඩුවේ අන්ත දුෂිතයෙක් වන මලික් සමරවික්‍රම ගැන ජවිපෙ හඩ නොනැගීමෙන්ම වඩාත් ප්‍රත්‍යක්ෂ වනු ඇත. එම මාසික දීමනාව අනුර දිසානායක වෙත අදටත් ලැබෙන බව නොරහසකි මේ කරුණු වලින්ම ජවිපෙ ධනපති පන්තිය විසින් ගිල ගෙන බව සමාජයට ඔප්පු වී හමාරය.
ලංකාවේ පාවෙන ඡන්ද දායකයා එක අතකින් බැලූ විට චපල ගැහැණියක් වැනිය. ඒ ගැහැනියගෙන් සැමදා රැවටෙන "ස්පෙයා වීල්එක" ජවිපයයි. කලින් කලට පැමිණෙන ඉස්ටයිල් මනමාල පක්ෂයට මනාපය පළකොට ජවිප පෙම්වතා අමතක කරයි. එක් එක් පක්ෂ පෙම්වතුන්ට මනාපය පළකොට අතරමංවූ තැන යලිත් ඇය ජවිපයට කොමළපායි. කවදාහෝ ඇය හා එක්වීමේ ආශාවෙන් සංවරව අත පැතුවද එය මිරිඟුවක් බව ජවිපයද දනියි. යාළු මනාලයා ලෙස හෝ ගොස් ඇගේ පහස පැතීමට මෙතරම් දඟලන්නේ එබැවිනි. දෙවරක් කොරන්නට ගොසින් කුරුවල් කරගත් ආකාරයද මතකයේ ඇතිමුත් විප්ලවය නම් වූ බලහත්කාරකමද යටි සිතේ නැතුවා නොවේ.

විමුක්තිකාමයේ සළුවෙන් වැසුණු ක්‍රෝධය, වෛරය සහ ඊර්ෂ්‍යා සහගත ආකල්ප මත පදනම් වූ ජවිපයේ බිම් මට්ටම් දේශපාලනය ඉහල මට්ටමට යනවිට වෙනස් වන්නේ කෙසේදැයි පැහැදිලි නැත . මුල් නායකයන් සහ වර්තමාන නායකයන්ගේ ප්‍රතිපත්තිමය වෙනස්කම් පිළිබඳව ගැටළු ඇත.එදා සිට අද දක්වා පක්ෂයේ ප්‍රතිපත්තීන් කෙසේ වෙනස්වී ඇත්දැයි කිසිවකුට හරි ආකාර අවබෝධයක් නැත. විප්ලව කොරන්නට ගොස් අහිංසක තරුණයන් බිළිදුන්නා හැරෙන්නට, පාර්ලිමේන්තුවේ හැම කෙමනටම "විපක්ෂයි" යනුවෙන් බෙරිහන් දුන්නා ඇරෙන්නට ඉතිහාසයේ රට වෙනුවෙන් හොඳ හෝ නරක වෙනුවෙන් කළ මගුලක් නැත. මහින්ද පැන්නුවේ තමන් යයි දැන් කියාපෑවද මයිතීපාලට චන්දය දෙන්නැයි ජෙප්පන් කිසි විටෙකත් කීවේ නැත. "මහින්දට නං දෙන්නෙපා , දෙන්න ඕන කාටද ඔයාලා දන්නවා"යයි එදා කියූ ජෙප්පන් එතනද කොළය වසා ගැහුවේය. "මයිත්‍රීපාලගේ කඩේ බඩු ෂුවර් නෑ ලෙස එදා අපි කිව්වා" යනුවෙන් පවසමින් අත පිසදාගන්නා නූතන ජවිපයේ චන්දය එදා එසේනම් යන්නට ඇත්තේ සීලරතන හිමිට වියයුතුය.ආකර්ශණීය ජාතික ලැයිස්තු වලින් ජනතාව ගොනාට ඇන්දුවාට ඕවා වල ඉන්නා බ්‍රයිටන් එකෙක්වත් පාර්ලිමේන්තු එන්නේ නැත. ඒවා තීරණය වන්නේ අභ්‍යන්තර මාෆියාවෙනි. ඇතුලේ සිට පක්ෂය විවේචනය කරන්නට ජවිපයෙන් ඉඩක් නැත.

සජිත් රනිල්ගෙන් ප්‍රසිද්ධියේ ගේම ඉල්ලුවාට, මහින්ද ප්‍රසිද්ධියේ මයිත්‍රීට අභියෝග කලාට ජවිපය ඇතුළේදී එව්වා සුම්මාය. වචනය මිස් වෙච්ච එකා එළියේය. ඒ මදිවට උන්ට නිර්දය ලෙස අනුකම්පා විරහිතව වැටෙන්නට ගහනවාය. උන්ගේ KGB ප්‍රජාතන්ත්‍රවාදයේ අනුහස් එසේය. සර්ව සම්පූර්ණත්වය , පරිපූර්ණත්වය ගැන කතාකරන, "අපි ක්‍රියාවෙන් අහවල් එක ඔප්පු කළෝ" යයි වහසිබස් දොඩනා ජෙප්පන්ගේ ද්විත්ව රංගනය තාමත් අපේ එවුන්ට තේරෙන්නේ නැත. අදටත් ජවිපෙ ලොක්කන්ගේ ජීවිත රහසිගතය. වැඩිමනකගේ පදිංචිය කොහෙද කියාවත් මිනිසුන් දන්නේ නැත. තවත් විමතියක් දනවන්නක් වූ අනුර කුමාර දිසානායකගේ බිරිඳගේ කලින් විවාහයේ පුත්‍රයාගේ විවාහ මංගල්‍ය මොරටුව රාවතාවත්ත දේවස්ථානයකදී සිදු කිරීම සමාජයට නිරාවරණය කිරීම හරහාය. ධන කුවේර පවුලක කාන්තාවක හා විවාහ වූ කසුන් දිසානායක නැමති තරුණයා සහ ඔහුගේ බිරිඳ රාජකාරී කර ඇත්තේ මිහින් ලංකා ගුවන් සමාගමේය වත්මන් ධනේශ්වරවාදයට හඩ නගන ජවිපෙ නායකයාගේ පුත්‍රයාගේ මහා ඉහලින් ගත් විවාහ උත්සවයම මුළු මහත් රටේ ජනතාවටම ප්‍රශ්නයකි. මහින්ද කුරුණෑගලින් චන්දය ඉල්ලීම ප්‍රශ්ණ කරනා ජෙප්පන්ගේ ලොක්කන් බහුතරයද කල්ලතෝනින්ය.දේශයේ හෘදසාක්ෂියක් ගැන රට වටේ පෝස්ටර් අලෙව්වාට කොටින්ම කිව්වොත් ඔය කියන එකෙකුටවත් පිරිසිදු හෘද සාක්ෂියක් නැත. තවමත් මොවුන් "දවල් මිගෙල් රෑ දනියෙල්"ලාය.මේ ඔක්කොම ගැන බැලූවිට කොච්චර කලත් ජවිපයට ගම බාර දී හිත හදාගන්නට අමාරුය.

පොහොට්ටුවෙන් නාමල්ගේ සේනානි කොළඹ මහනගර සභාවට....

දෙසැම්බර් 28, 2017

මේ ආණ්ඩුව බලයට පැමිණි පසු පත් කරනු ලැබූ වරාය , නාවික සහ සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග වරයා විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දුෂණ සෙවීම සඳහා වැලිඅමුණ කමිටුව පත් කළ අතර එහිදී හෙළිවූ කරුණු ඉතා බරපතලය එම වාර්තාව අන්තර් ජාලයේ තිබෙන අතර අවශ්‍ය අයෙකුට කියවිය හැක . එබැවින් මා මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ කොළඹ නගර සභාවට පොදු ජන පෙරමුණේ පොහොට්ටුවෙන් තරඟ කරන මෙම අපේක්ෂිකාව ගැන පමණක් ලිවීමටය


ඇගේ නම නිත්‍යා සේනානි සමරනායකය . ඇය කලක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් ලෙස සේවය කළාය. ඇගෙන් අමතර වැඩ ගැනීමට සිතු නාමල් රාජපක්ෂ මහතා , ජනධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කර ගැනීමට අවශ්‍ය පියවර ගත්තේය . ඒ අනුව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා , ජනධිපතිවරයාගේ පුද්ගලික ලේකම්ගේ කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති සම්බන්ධිකාරක ලෙස 2010 ජුනි 23 දින ඇයට පත්වීමක් ලබාදුන්නේය . නියම කළ මාසික වැටුප රු.35000.00 කි . ඊට අමතරව ඉන්ධන දීමනාව ලෙස රු. 22680.00 ක්ද ප්‍රවාහන දීමනාව ලෙස රු. 30000.00ක්ද ඇයට මසකට ගෙවනු ලැබිණ . අලුත් රැකියාවෙන් සමරනායක මෙනෙවිය මසකට ලැබූ මුළු මුදල රු.87680.00 කි.

 ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගැන සෙවීමට පත් කරනු ලැබූ වැලිඅමුණ කමිටුව මේ සම්බන්ධයෙන් සේනානි සමරනායකගෙන් ප්‍රශ්න කරනු ලැබිණ . අසන ලද ඇතැම් ප්‍රශ්න වලට දුන් පිළිතුරු මෙසේය .

ඇය අරලියගහ මන්දිරයේ සිට කළ ව්‍යාපෘති මොනවාදැයි ඇය නොදනී.

ඇයව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිට අරලියගහ මන්දිරයට නිදහස් කෙරුනේ නාමල් රාජපක්ෂ මහතාගේ උවමනාවටය

අරලියගහ මන්දිරයේ හෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇය සමග සේවය කළ අනෙත් අයගේ නම් ඇයට මතක් කර ගත නොහැක . මතක තිබෙන්නේ දීපා ලියනගේ මිය පමණි.

ඇය සේවය කරේ ජනාධිපති ලේකම් කාර්යාලයේ නොවේ. අරලියගහ මන්දිරයේය .එහෙත් ඇය සේවය කළ කාර්යාලය තිබුනේ අරලියගහ මන්දිරයේ හරියටම කොතනදැයි කීමට ඇයට නොහැකි විය . ඇය කිවේ අරලියගහ මන්දිරයේ කිසියම් තැනක එය තිබුණු බවය .

කාර්යාලයට පැමිණීම සහ පිටවීම තහවුරු කිරීම සඳහා අත්සන් කිරීමට පොතක් තිබුනේ නැත .

ඇයට ඉන්ධන දීමනාවක් සහ ප්‍රවාහන දීමනාවක් සැපයු නමුත් නාමල් විසින් ප්‍රවාහනය සැපයු බැවින් එම මුදල් ඇය වැය කලේ ඇගේ පුද්ගලික උවමනාඑපා කම් සඳහාය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ඇය නිදහස් කරනු ලැබුවද ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් නොකඩවා ඇයට සම්පුර්ණ වැටුප සහ පලදායිතා දීමනාවෙන් 50% ක් ද ගෙවනු ලැබිණ . ඒ අනුව ඇය මසකට ගුවන් සේවයෙන් ලැබූ මාසික වැටුප දල වශයෙන් රු.70500.00 විය . දෙපැත්තෙන්ම ඇය ලැබූ මාසික ආදායම 158000.00 ක් විය.


අරලිය ගහ මන්දිරයේ ඇය පුර්ණ කාලීනව සේවය කර අතර තුර 2014 මාර්තු 27 දින ගුවන් සේවිකා තනතුරේ උසස් වීමක්ද ඇයට ලබා දී තිබේ.


2015 ජනවාරි 9 දින මහින්ද රාජපක්ෂට තනතුර අහිමි වන තුරුම අරලියගහ මන්දිරයේ ඇය සේවය කර තිබේ. ඊට දින තුනකට පසු ඇය යලිත් පරණ රැකියාවට ගියාය.

වැලි අමුණ වාර්තාව කියු සිටින්නේ ජනධිපති ලේකම් කාර්යාලයේ සේවයට නොව නාමල් රාජපක්ෂගේ වැඩට ඇය යොදවා ගෙන තිබෙන බැවින් ඇයට වැටුප් ගෙවීම වැරදි බවය. එබැවින් එමගින් රජයට සිදු කර තිබෙන පාඩුව රු 4,284,460 .00 කි. .

ඇය අරලිය ගහ මන්දිරයේ සේවය කරන කාලය තුලදී ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇයට වැටුප් සහ දීමනා ලෙස ගෙවා තිබෙන මුළු මුදල රු.4,133, 622 .00 කි. එය රජයට අයත් සමාගම් වලට අදාළ චක්‍ර ලේඛ අංක 33 උල්ලංඝනය කිරීමක් ලෙස වැලිඅමුණ වාර්තාව සඳහන් කර තිබේ. එබැවින් මෙය සාපරාධි ක්‍රියාවක් බව සඳහන් කරන කමිටුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීය යුතු යැයි කියා තිබේ.

සේනානායක මෙනෙවියගේ කතාන්දරය එතනින් අවසන් වන්නේ නැත . වැලි අමුණ වාර්තාවෙන් අවුරුද්දකට පසු ඇය අත් අඩංගුවට ගනු ලැබුවාය. ඒ පෙර සඳහන් හේතු උඩ නොවේ. නාමල් රාජපක්ෂ මහතාට අයත් සමාගම් දෙක වූ N.R. consultation Pvt Ltd සහ Gowers Corporation Pvt Ltd හී අධ්‍යක්ෂිකාවක ලෙස කටයුතු කරමින් රු මිලියන 45 ක කළු සල්ලි සුදු සල්ලි කිරීමට ඇය සම්බන්ධ වූ බවට චෝදනා කරමිනි .
.එහෙත් ඒ පිළිබඳව කෙරුණු පරීක්ෂණයක් ගැන දැනගන්නට නැත . එසේ පරීක්ෂණයක් පැවැත්වීමට හිටපු අධිකරණ අමාත්‍යවරයා වන විජේදාස රාජපක්ෂ උනන්දු නොවීද? එසේත් නොවීනම් නීතිපති දෙපාර්තමේන්තුව එය යට ගැසුවාද?

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දුෂණ සෙවීමට ජනාධිපතිවරයා 2018 වසරේ පළමු සතියේදී කොමිසමක් පත් කරන බව දින කීපයට පෙර සඳහන් කළ අතර දඬුවම් කෙසේ වෙතත් හොඳ හොඳ සෙල්ලම් නම් හෙලිවෙනු නොඅනුමානය .

පොහොට්ටුවෙන් කොළඹ නගර සභාවට ඉදිරිපත් වී සිටින සුජානි සමරනායක මෙනෙවිය ඇගේ මුහුණු පොතේ මෙසේ ලියා තිබේ

" රටට ලෝකයට ගැලපෙන නගරයක් ලෙස කොළබ නගරය ලෝකයේ ඉදිරියෙන් තැබීමට කොළඹ නගරය සංවර්ධනය කළ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමට කොළඹ නගරය බාර දීමටත් ඔවුන් හරහා අභිමානවත් නගරයක් නිර්මාණය කර ගැනීම සදහා කැප වීමටත් අප සුදානම් බව මතක් කර සිටින්නෙමි..
ලස්සන කොළඹක්‌ තනන්නට ඔබත් අප සමග එක් වන්න."
සේනානි සමරනායක
කොළඹ මහා නගර සභා අපේක්ෂිකා
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ....

මුලාශ්‍රය:බර්ටි රණවීරගේ.

Wednesday, December 27, 2017

ජනමාධ්‍ය ද ? මුදලාලි මාධ්‍යද?


දෙසැම්බර් 28, 2017

පත්තර , ගුවන් විදුලි නාලිකා , රුපවාහිනි නාලිකා ජනමාධ්‍ය ලෙස අපට හඳුන්වා දී තිබේ. සැබවින්ම ඒවා ජනයාගේ මාධ්‍යයද?

ඇතැම් මාධ්‍ය ආණ්ඩුවට අයත් වන අතර අනිත්වා අයත් වන්නේ මුදලාලිලාටය .

ආණ්ඩුවේ මාධ්‍ය ආණ්ඩුවට වාසි වෙන අයුරින් පවත්වාගෙන යන අතර මුදලාලිලාට අයත් මාධ්‍ය ඔවුන්ට අවශ්‍ය පරිදි පවත්වාගෙන යති මුදලාලිලාගේ අරමුණ ලාභය මිස ඇත්ත වාර්තා කිරීම නොවේ.

උදාහරණයක් ලෙස ගත් කළ දිවයින සහ දෙරණ ජාතිවාදය පතුරවමින් ජාතිවාදී දේශපාලකයනට වැඩි ප්‍රචාරයක් දෙමින් තම ව්‍යාපාරයෙන් ලාභ උපයති . දිවයින එසේ වුවත් එහි ඉංග්‍රීසි පත්තරය වන අයිලන්ඩ් පත්තරය තරමක මැදහත් අන්දමින් පවත්වාගෙන යයි .ඉංග්‍රීසි පාඨකයන් ජාතිවාදී ගුණ්ඩුවලට නොරැවටෙන බව දිවයින මුදලාලි දනී.

ඇත්ත වශයෙන්ම සැබෑ ජනමාධ්‍ය වන්නේ මුහුණු පොත සහ බ්ලොග් අඩවිය . ඒවාට සැබෑ ලෙසම සම්බන්ධවන්නේ මිනිස්සුය . මුදලාලිලා නොවේ. මුහුණු පොතේ ලියන්නොත් බ්ලොග් ලියන්නොත් ලාබයක් තබා තමන්ගේ කාලයටවත් සත පහක් වත් නොලබති.
මුහුණු පොතට සහ බ්ලොග් අවකාශයට පොලු දැමීමට ආණ්ඩුවට ඉඩ නොදිය යුත්තේ එය සැබවින්ම මිනිස්සුන්ට අයිති මාධ්‍යයක් නිසාය

කෙසේ වෙතත් මුහුණු පොතේ අයිති කරු වන මාර්ක් සකර්බර්ග් ද ම google අයිතිකරුවෝද ලෝකයේ ප්‍රමුඛතම ධනවතුන්ය ..ඔවුහු අපේ මාධ්‍ය මුදලාලිලාට වඩා හොඳය .මන්ද අපිට ඕනා මතයක් බාධාවකින් තොරව ලියන්නට ඉඩ දී තිබෙන නිසාය .

(පින්තුරයේ දැක්වෙන්නේ මාධ්‍ය සමාගම් අයිතිකරුවෙකුද ප්‍රකොටිපතියෙකුද වන රුපට් මර්ඩොක් සිය අලුත්ම බිරිඳ විවාහ කර ගත් අවස්ථාවය )

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...