Tuesday, December 5, 2017

ගෝඨාව අත්අඩංගුවට ගන්න බෑ- අධිකරණය අතුරු තහනම් නියෝගය දෙසැම්බර් 15 දක්වා දීර්ඝ.


පොදු දේපල පනත අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නීතිමය පියවර නොගන්නැයි නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය දෙසැම්බර් 15 දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද(6) තීන්දු කළේය.

මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ තමා අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇති හෙයින් එම සිද්ධිය සිවිල් ගනුදෙනුවක් නිසා එම පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන් අතුරු තහනමක් මීට පෙර නිකුත් කර තිබිණි.

සභාපති එල්.ටී.පී. දෙහිදෙණිය හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ ලබන 15 නඩුව විභාගයට ගැනීමට නියමිතය.


No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...