දෙසැම්බර් 16, 2017
දුම්රිය සේවාවේ යම් අවුලක් තිබෙනවා. වෘත්තිය සමිති ලෙස ඔවුන් වැඩි පඩි ඉල්ලීම ඔවුන්ගේ වැඩක්. එහෙත් මගී ජනතාව විදියට හොඳ සේවාවක් ලැබෙන පාටක් පේන්නට නැහැ. ඇත්තටම දුම්රිය සේවය වෙනුවෙන් දුම්රිය කවදාවත් ගිහින් නැති අයත් දායක වෙනවා. මන්ද දුම්රිය සේවය සැරටම පාඩු ලබනවා ඒ නිසා අපේ දුප්පත් ජනතාව ඉඳහිට කන බොන පරිප්පු සීනි ඇටයකින් එකතුවෙන බදු මුදල්ද මේ දුම්රිය සේවකයින්ට වැටුප් වෙනුවෙන් වියදම් වෙනවා. ඇත්තටම දුම්රියෙන් ලාබ ලබන්න මොනාද කරන්න පුලුවන්? අපි ටිකක් බලමු ඒ ගැන.
1. දුම්රිය සේවකයින්ගේ සෞඛ්‍යය ගැන සිතීම.
පැය තුන්සීයක් අතිකාල කරන්නට නම් ඒ මනුෂ්‍යයා දිනකට පැය 10ක් වත් අතිකාල කරන්නට අවශ්‍යයි. එනම් දිනකට ඔහු පැය 18ක සේවා කාලයක් සම්පූර්ණ කරනවා. දුම්රිය රියදුරන් වැනි සංවේදී සේවකයින් එසේ දිනකට දිගුකලක් සේවයේ යෙදවීම වරදක්. ඒ ගැන අධිකරණයට ගොස් හෝ රියදුරන්ගේ අතිකාල පැය වලට යම් සීමාවක් ඇතිකරගන්නට අවශ්‍යයි. රියදුරු සහ දුම්රිය ආශ්‍රිත භාරදූර වගකීමක නිරත වන සේවකයින් අධික ලෙස සේවයේ නිතර කිරීමෙන් ඒ දුම්රිය සේවාවේ යම් දුර්වලකමක් සිදුවුණොත් සිය ජීවිත වලින් වන්දි ගෙවන්නට සිදු වන්නේ රියදුරන්ට හෝ දුම්රිය සේවකයින්ට පමණක්ම නොවෙයි.
2. දුම්රිය වර්ග ගණන අඩුකිරීම.
එකිනෙකට වෙනස් දුම්රිය වර්ග 21ක් පමණ දැනට දුම්රිය සේවයේ තිබෙනවා. වර්ග ගණන වැඩිවීම සහ තිබෙන සමහර දුම්රිය මැදිරි, එන්ජින් සහ බලවේග කට්ටල අධික ලෙස පැරණි වීම නිසාත් නඩත්තු පිරිවැය වැඩිවෙනවා. නඩත්තුව සරල අලුත්ම දුම්රිය වර්ග කිහිපයක් පමණක් සේවයේ තිබුණොත් එහිදි දුම්රිය නඩත්තුව පහසු ලෙස වේගවත්ව සහ පිරිමැසුම්දායිව කළ හැකියි.
3. දුම්රිය ටිකට් සහ ඔන්ලයින්.
දුම්රිය ටිකට් නිකුත් කිරීමට සරල ලෙසම බස් ටිකට් නිකුත් කරනවා වැනි යන්ත්‍රයක් යොදාගැනිමට හැකිනම් ඒ ටිකට් නිකුත් කිරීමට වැයවන කාලය ශ්‍රමය සහ ධනය අඩුවෙනවා. එවැනි යන්ත්‍රයකින් දුම්රිය මගින් ගැන දත්ත පහසුවෙන්ම ඒකරාශි කරගන්නටත් හැකියි. එසේම ඉන්දුනිසියාව, ඉන්දියාව වැනි දුප්පත් රටවලත් ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ටිකට් පත් ඔන්ලයින් ක්‍රමයට පහසුවෙන් වන්කරගන්න අවස්ථාවකුත් මගින්ට ලබාදිය හැකියි.
4. සැප දුම්රියේ ගාස්තුව නෑ අඩු වුණේ.
කොළඹ සිට මාතරට අධිවේගී මාර්ගය හරහා නව බස් සේවාවක් ආරම්භ කිරීමත් සමග දැන් මගී ජනයා කොළඹ සිට පැය තුනකින් මාතර කරා ළඟා වන්නේ රුපියල් 530ක් ගමන වෙනුවෙන් වියදම් කරමින්. එහිදී පෙනි යන්නේ වේගවත්ව, සුවදායීව ගමන යන්නට හැකි නම් ටිකට් පතේ මිල වැඩි වුවත් ජනතාව ඒකරාශි වන බවයි. වායුසමන පහසුව සහිත සැපදායි දුම්රිය තරමක් ගාස්තු මිල වැඩියෙන් හෝ දුම්රිය සේවාවට එකතු වන්නේ නම් ජනතාව මාර්ගවල ට්‍රැෆික්වවල තෙරපීගෙන යනවාට වඩා දුම්රිය ගමනට කැමති වේවි.
5. බඩු ප්‍රවාහනය.
දුම්රිය සේවය ලංකාවට එන්නේම බඩු ප්‍රවාහනය සදහා. එහෙත් දැනට ලාංකික දුම්රිය සේවයේ භාණ්ඩ සහ තැපැල් අදායම සමස්ත ආදායමෙන් 10%ක් පමණයි. මෙම භාණ්ඩ ප්‍රවාහනයේ ගැටලු සහ පාරිභෝගික අවශ්‍යතාවන් හඳුනාගෙන එය විධිමත් කළ හැකිනම් දුම්රිය බඩු ප්‍රවාහනයෙන් විශාල ආදායමක් ලබාගත හැකියි. ලොව භාණ්ඩ ප්‍රවාහනයට ඇති ලාභදායිම ක්‍රමයක් ලෙස දුම්රිය සේවාව දැක්විය හැකිය.
6. චාරිකා දුම්රිය.
දුම්රිය ගමන් බිමන් අධි සුඛෝපභෝගී ලෙස සකසා විශේෂ පහසුකම් යටතේ සංචාරකයින් ඉලක්ක කොට ධාවනය කරන අවස්ථා ලෝකයේ සෑම දුම්රිය සේවයකම තිබෙනවා. අපේ රටද එවැනි පහසුකම් අතරින් පතර තිබූනත් ඒවා ජනයා අතර එතරම්ම ප්‍රචලිත වී නැහැ. අපගේ උඩරට දුම්රිය මාර්ගය මෙන්ම අනෙක් මාර්ගද බොහෝ කදිම භූමි දර්ශන මැදින් ගමන් කරන මාර්ගයන් වෙනවා. සංචාරකයින් ඉලක්ක කරගෙන ඔවුන්ට පහසුකම්ද සලසමින් දිවෙන දුම්රිය සංචාරකයින්ට මෙන්ම දුම්රිය ආදායමටත් සැනසිල්ලක් උදාකරාවි.
7. සම්පත් උපරිමයෙන්.
දුම්රිය ස්ථානයක් පිහිටන්නේ නගරයේ හෝ ගම්බදව තිබෙන හොඳම ස්ථානයක. එවැනි තැනක භූමියේ වටිනාකම ඇතැම් විට මිල කරන්නට පවා අපහසුයි. එම ඉඩකඩ වල වටිනාකම නිසාම විදෙස් රටවල දුම්රිය ස්ථාන වල මහල් පිට මහල් තනා ඒවායේ කඩසාප්පු, සිනමාහල්, විනෝද ක්‍රීඩා මධ්‍යස්ථාන ආදිය තනා තිබෙනවා. එතුලින් දුම්රිය ස්ථානය අලංකාර වනවා සේම එම ඉඩකඩ තුලින් අමතර ආදායමක් උපයාගන්නට දුම්රිය සේවාවට හැකියාව ලැබෙනවා.
8. විදෙස් අත්දැකීම්.
9. පුද්ගලීකරණය
පුද්ගලීකරණය පිළිබඳ අපිට අත්දැකිම් මාදිලි දෙකක් තිබෙනවා. ටෙලිකොම් සමාගම එවකට විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ලෝකයේ ඉහළම මට්ටමේ තිබූ ජපානයේ නෙක් කෝපරේශන් වෙත කොටස් සියයට තිහක් අලෙවි කළේ ඔවුන්ට ආයතනයේ කළමනාකාරිත්වය ද හිමිවන ලෙසයි. එම ජපාන සමාගම ටෙලිකොම් වෙත විශාල මුදලක් ආයෝජනය කොට එය වසර කිහිපයකින් ලාබ ලබන්නට සමත් වුණා. අනෙක් අතට රජයේ අසාර්ථක පැවරීම් වුණු සීනි කර්මාන්ත ශාලා, වානේ කර්මාන්ත ශාලා ආදිය ලබාගත් ඇතැම් සමාගම් එවැනි ව්‍යාපාර කලින් දැක තිබුණේ වත් නැහැ. ඒවායේ තිබූ යන්ත්‍ර සූත්‍ර පවා කැබලිවලට ගලවා අලෙවි කරන්නට ඇතැම් ඒ ලබාගත් ව්‍යාපාරිකයින් ක්‍රියාකොට තිබුණා.
රජයයන් විසින් පුද්ගලීකරණය කළ ආයතන දෙස බැලිමේදී ඒවා කරන්නට යෙදුණ ක්‍රමවේදය මත සැබැවින්ම ඒ ආයතන වල අනාගතය තීරණය වුණා. ස්ට්‍රයික් වනවිට හරි කලබලේට දුම්රිය පුද්ගලීකරණය කළහොත් අනාගතයේ දුම්රිය රේල් පීලි පවා ගලවාගෙන ඉඩකඩම් ටික පවා කුණුකොල්ලයට විකුණාගෙන කා දුම්රිය යනු වඳවීගිය සේවාවක් බවට පත්වීමේ අවදානමක්ද තිබෙනවා.
No comments:
Post a Comment