Wednesday, December 20, 2017

ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයාවූ දයා පතිරණ මරපු හේතුව.. දයා සමග විවාද කිරීමේ ශක්තියක් ජවිපෙට නොතිබීමයි.....

දෙසැම්බර් 21, 2017.

දයා පතිරණ මැරුවේ ජවිපෙ තමා. ඒකට හේතුව කොළම විශ්ව විද්‍යාලය තුළ ජවිපෙට මතවාදී ලෙස දයා සමග විවාද කිරීමේ ශක්තියක් නොතිබීමයි. ජවිපෙ බිත්ති පුවත් පතේ මාක්ස් ලෙනින් වාදය විකෘති කරමින් ලිපි ලියා තිබෙන විට ඒ කියන්නෙ ඔවුන් ලිපියක ජවිපෙ මතවාදයට වාසි වන කොටස පමණක් පළ කරන විට දයා කළේ එම ලිපිය යටින් මුල් ලිපියේ සම්පූර්ණ උදෘතය ඇලවීමයි.

එවිට ජවිපෙ බිත්ති පුවත් පතේ ලිපියේ අර්ථයට වඩා වෙනස් අර්ථයක් දෙන අදහසක් මාක්ස හෝ ලෙනින් ප්‍රකාශ කර ඇති බව පාඨකයාට තේරෙනවා. මේවාට උත්තර දෙන්න බැරි උනාම ජවිපෙට එයට මුහුණ දීමට තිබූ එකම විකල්පය දයා මෙලොවින් ඉවත් කිරීම වූ නිසයි දයා මැරුවේ.

ඊට පසුවයි ස්වාධීන ශිෂ්‍ය සංගමයේ දේශපාලන වශයෙන් නොදියුනු කොටස් ආයුධ අතට ගත්තේ. එහෙම නැතිව දයා ආයුධ අතට ගෙන ජවිපෙ මර්ධනයට කටයුතු කළේ නෑ. දයා මරපු එකේ පලිය ගැනීමටත් තමන්ටත් එ් ආකාරයෙන් ම මරණය ලගාවේ ය යන බියත් නිසා ස්වාධීන ශිෂ්‍ය සංගමයේ දේශපාලන වශයෙන් නොදියුනු කොටස් ආයුධ අතට ගත් බව ඇත්තයි.

දයා පතිරණ කිසි දවසක කිසිම රජයක් සමග වැඩ කරපු හෝ ඔත්තු දුන්න සහෝදරයෙක් නොවෙයි.

ඔහුව ජවිපෙ විසින් මර දැමීමෙන් පසුව කර කියා ගන්න දෙයක් නැතිව කෝපයෙන් පසු වූ ස්වාධීන ශිෂ්ය සංගමයේ කිහිප දෙනෙක් ආණ්ඩුව සමග වැඩ කිරීමට පටන් ගත්තේ ජවිපෙ විසින් ඔවුන්ද මරාදමනු ඇතයි යන බියෙනි.දයා පතිරණ මර දැම්මේ 1986 දෙසැම්බර් 15 දාය .ජවිපෙ කැරැල්ල ඇති වුනේ එයට හුගක් පසුව 1987 මැද භාගයේය.

ඔහු මරා ර දැමීමෙන් පසුව ඇති වූ දෙයක් ගැන ඔහු අළුගෝසු කම් කරන්නේ කෙසේද? ඔහු මරා දැමීමට හේතුව ජවිපෙට ඔහු සිටින තාක් කල් කිසි ලෙසකින් කොළඹ විශ්ව විද්යාලය තුල තම බලය ගොඩ නැගීමට නොහැකි වීමයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ, ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා වූ දයා පතිරණ, ඝාතනය කොට 2017.12.15 දිනට වසර තිස් එකකි.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...