Tuesday, December 5, 2017

පලතුරු ගුවන් ගමන්වලදී ගෙන ඒමට හෝ ගෙනයාමට හැකිද?


"දැනට පවත්නා නීතිය අනුව, කිසිදු එළවලුවක් හෝ පළතුරක් ගුවන් (air freight - cargo and passenger terminal) මගින් මෙරටට රැගෙන ඒම නීති විරෝදී අතර පූර්ව අවසර හා අදාල බලපත්‍ර ලබාගෙන මුහුදු මාර්ග (sea freight) ඔස්සේ ආනයනය කල හැකි ලයිස්තුවක් පැහැදිලිව සදහන් කර ඇත.

එහිදී ප්‍රදානවම රටතුලට කෘමීන් හෝ කෘමි බිත්තර (ඇසට පෙනෙන හෝ නොපෙනෙන ) ඇතුලුවීම වැලක්වීම මුල්ලික පරමාර්තය වේ. ගුවන් මගින් රැගෙන එන එළවලු හා පළතුරු නිසි නිරෝධායනයක් (ie. fumigation, 14 days chemical or temperature treatment )කිරීම නොහැකි බැවින් පූර්ව අවසර හා අදාල බලපත්‍ර ලබාගෙන මුහුදු මාර්ග ඔස්සේ ආනයනය කිරීමක් අනුමත කර ඇත. තවද මුහුදු මාර්ග ඔස්සේ ආනයනය කිරීමේදී විශේෂයෙන් පහත ද්‍රව්ය්ය රෑගෙන ඒම සීමා කර ඇත.

Coconut, Jack fruit/ Bread fruit, Tea, Kitul, Cinnamon, Cardamon (Except for fruit), Clove, Nutmeg, lime/ lemon (except exotic Citrus fruits), Coffee, All yams, Rice and plants of grass family, Rubber, Mango, Black pepper, Betel leaves, Sugarcane, Cocoa, Tobacco, Sweet potato, Cashew (Except for nuts), Taro (Alocasia), Palmyra, Papaya (Except for seed).

කිසිදු නිරෝධායන නිලධාරියෙකුට පිට රටින් රැගෙන් එන පළතුරු ඩැහැගෙන කෑමට තරම් අහේනියක් නැත. ඔවුන් කරන්නේ ඔවුනට නීතියෙන් පැවරී ඇති රාජ කාරිය කිරීමක් විය යුතුය.

කෙසේ නමුත් ඔබ ඔබේ දරුවාට පිට රටක (even from India) සිට ගමන් මල්ලේ සගවා ගෙනවිත් දෙන ඇපල් ගෙඩිය මිදි ගෙඩිය නිසා මෙරට සමස්ථ දරුවන්ටත් හෙට උපදින්න සිටින දරුවන්ටත් ආසාවට කෑමට හෝ දැකීමට දේශීය එළවලුවක් පළතුරක් ඉතිරි නොවනු ඇත.

දැනටමත් වසන්ගතයක් වී ඇති පලතුරු මැස්සා, සුදු පිටි මකුනා වැනි කෘමීන් හෝ කෘමි බිත්තර මෙරට එළවලු පළතුරු විනාස කරන විට ඔබ ඔබේ ආදරනීයයන් මෙනුවෙන් හොරෙන් ගෙනා ඇපල් මිදි වල තරම දැනෙනු ඇත. සමාජ ජාලවල පොර ටෝක්ස් දුන්නට ඒවනවිට ඔබ පමා වැඩිය. මක්නිසාදයත් ඔබ ඒවනවිටත් සමස්ථ ජාතියක සාපයට ලක්වී ඇත. 

(පොල් ගෙඩියක්, දේශීය දෙළුම් ගෙඩියක්, දේශීය අඹ ගෙඩියක්, දේශීය කෙසෙල් ඇවරියක් රුපියල් 5000 කට වත් ගන්න නැති කොට පොඩි එකාට පිට රටක සිට ගමන් මල්ලේ සගවා ගෙනවිත් දෙන ඇපල් ගෙඩිය මිදි ගෙඩිය සිහි වනු ඇත...)"

රේගුවේ හිටපු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක.



No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...