Saturday, December 2, 2017

2008–2014 බැඳුම්කර නිකුතුවලින් 90%ක්ම දෝෂ සහිතයි


වසර 2008 සිට 2014 දක්වා කාලය තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවලින් සියයට 90ක් ම සිදුකොට ඇත්තේ දෝෂ සහිත ඍජු නිකුතු ලෙස යැයි මුදල් හා ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කෙළේය.

මේ ක්‍රමයේ පවතින දෝෂ සහගත තත්ත්වය දුරු කිරීමට විවෘත වෙන්දේසි ක්‍රමය රටට හඳුන්වා දුන් බව ද ඉරාන් වික්‍රමරත්න මහතා කීය.

වසර 2008 සිට 2014 දක්වා කාලය තුළ සිදුකළ භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුවලදී මුදල් මණ්ඩලයේ අනුමැතිය පවා ලබාගෙන නොමැති බව අනාවරණය වන අවස්ථා ඇතැයි ද ඒ නිසා එම කාලසීමාවේ සිදුවූ ගනුදෙනු ගැන පරීක්ෂණ පවත්වා වරදකරුවන්ට දඬුවම් ලබාදිය යුතු යැයි ද අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටි බව ද රාජ්‍ය ඇමැතිවරයා සිහිපත් කෙළේය.

ඉකුත් රජය ඍජු නිකුතුන් ලෙස භාණ්ඩාගාර බැඳුම්කරවල මුදල් ආයෝජන කළේ සේවක අර්ථසාධක අරමුදලේ, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලේ, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මුදල් වැනි දේ බව පැහැදිලි කළ රාජ්‍ය ඇමැතිවරයා, මෙහිදී පොලී අනුපාත තීරණය කිරීමේ වගකීම නිසි ලෙස ඉටු නොවන තැන් දක්නට ඇතැයි හෙළිවී තිබෙන බව ද කීය.ඒ අනුව 2008 – 2014 භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනු ගැන සොයාබලා වරදකරුවනට නීත්‍යානුකූලව පියවර ගත යුතු බව අගමැතිවරයා කළ ප්‍රකාශය අගය කරන බවද ඉරාන් වික්‍රමරත්න මහතා කීය.

වසර 2015 බලයට පත් නව රජය ඇති කළ නව සංස්කෘතිය නිසා බැඳුම්කර ගනුදෙනු පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට තරම් රටේ පරිසරය වෙනස් වූ බව ද රාජ්‍ය ඇමැතිවරයා සිහිපත් කෙළේය.

අපේ රජය ඇති කළ නව සංස්කෘතිය නොවන්නට, බැඳුම්කර ගනුදෙනු සොයා බලන්නට ක්‍රමයක් රටේ ඇති නොවන බව ද වික්‍රමරත්න මහතා කීය.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...