Thursday, December 14, 2017

ජනාධිපති තාත්තාගේ අතේ එල්ලී චතුරිකා දුව දේශපාලනයට.....


.දෙසැම්බර් 15, 2017

චතුරිකා සිරිසේන විසින් රචිත ජනාධිපති තාත්තා කෘතිය පොලොන්නරුවේ ජනතාවට පිළිගැන්වීමේ උත්සවයක්‌ පසුගියදා පොලොන්නරුව පුලතිසි බුද්ධි මණ්‌ඩපයේදී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ය.

එම උත්සවයට වැඩම කොට සිටි මහා සංඝරත්නය ප්‍රමුඛ ආරාධිත අමුත්තන් සියලු දෙනා පිළිගනිමින් පිළිගැනීමේ කථාව කළේ චතුරිකා සිරිසේන මහත්මිය විසිනි.

ඉන් අනතුරුව මහා සඟරුවන වෙත ග්‍රන්ථය පිළිගැන්වීමත්, තමන්ට කුඩා කල පටන් අකුරු කරවූ ගුරු මෑණිවරුන් සහ පියවරුන් වෙත පොත පිළිගැන්වීමත් ඇය විසින් සිදු කළාය. උත්සවයට සහභාගි වී සිටි දහසකට අධික විවිධ තරාතිරමේ ජනයා වෙත ජනාධිපති තාත්තා ග්‍රන්ථය නොමිලයේ ලබාදීම ද විශේෂත්වයකි. මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ඔහුගේ වැඩිමහල් දියණිය චතුරිකා සිරිසේන මහත්මිය දුෂ්කර ගම්මානවල ජනයාගේ ජන ජීවිත නගාසිටුවීම සඳහා විවිධ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරමින් සිටින සමාජ ක්‍රියාකාරිනියක ලෙස ප්‍රකටය.

වස විස නැති කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීමටත් වකුගඩු රෝග බහුල ප්‍රදේශවල ජනතාවට පිරිසිදු පානිය ජලය ලබාදීම සඳහා පානීය ජල ව්‍යාපෘති ආරම්භ කිරීමටත් ඇය පෙරමුණ ගෙන සිටින්නීය. මේවායේ අවසාන ඉලක්‌කය සිය පියාගේ අඩිපාරේ යමින් චතුරිකා සිරිසේන මහත්මිය දේශපාලනයට පිවිසීම ද යන කාරණය මේ දිනවල වැඩි දෙනාගේ කතා බහට ලක්‌ වී තිබේ. ප්‍රථමයෙන් ඇය ජාතික දේශපාලනයට නොව රජරට නියෝජනය කරමින් ඉදිරි කාලයේදී පළාත් දේශපාලනයට යොමු වනු ඇතැයි ද ඇතැමුන් පවසති.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...