Tuesday, December 26, 2017

ජනවාරියේ මුල දේශපාලන පෙරළි රැසක්....(video)

දෙසැම්බර් 26, 2017

පිල්මාරු වෙන්නේ මෙහෙමයි ......

ජනවාරියේ මුල දේශපාලන පෙරළි රැසක්.... පිල්මාරු වෙන්නේ මෙහෙමයි.

***වීඩියෝව සඳහා පහළට යන්න....

එළැඹෙන ජනවාරි මාසය තුළ දේශපාලනයේ පෙරළි රැසක් සිදුවන බවට මේවන විටත් ඉඟි පළ කර තිබේ.

ඒ අනුව ශ්‍රීලනිපයත්, එජාපයත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් අතර මැති ඇමැතිවරු සහ මන්ත්‍රීවරුන්ගේ පිල්මාරු රැසක් සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පැවසී ය.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.

ලබන සතිය ඇතුලත වෙනත් පක්ෂවලින් 51 දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වන බවත් ඔවුන් දෙවැනි තලයේ දේශපාලනයේ නිරත වන පුද්ගලයින් බවත් අමාත්‍ය ලක්ෂ්මන් යාපා ආබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

කැබිනට් ඇමැතිධූරයක් ඉල්ලමින් තවත් දේශපාලනඥයෙකු ශ්‍රීලනිපයට එක්වීමට සූදානම් වූ බවත් මේවන විට ආණ්ඩුවට කැබිනට් අමාත්‍ය ධූර ලබාදිය නොහැකි බවත් ඒ අනුව දේශපාලනඥයා එජාපයට එක්වීමට තීරණය කර ඇති බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

කෙහෙළිය එජාපයට

මේ අතර අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසූවේ ජනවාරි මාසයේ දී කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු මන්ත්‍රීවරුන් 10කට වැඩි පිරිසක් එක්සත් ජාතික පක්ෂයට අලුතින් සම්බන්ධ වන බවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැතිවරයා ප්‍රකාශ කළේ “කෙහෙළිය ඇමතිතුමාට ඉතිහාසය මතක නැහැ. එතුමා අපිට එන හින්දා මම ඉතිහාසය ගැන මතක් කරන්නේ නැහැ. ඊට කලිනුත් ඔය විදියට කතා කිව්වා. ඒ වුණාට ඔබ තුමාට බලා ගන්න පුළුවන් ජනවාරි 10 – 12 වෙනකොට මොකද වෙන්නේ කියලා. කෙහෙළිය විතරක් නෙවෙයි තව කණ්ඩායමක් එනවා. මන් හිතන්නේ තව 10 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් එන්න දැන් සාකච්ජා මට්ටමෙන් යනවා වැඩේ.”

පිල්මාරු ගැන ඉඟියක්

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ආණ්ඩුවේ සැලකිය යුතු පිරිසක් නුදුරේදීම ආණ්ඩුවෙන් ඉවත් වී ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට සූදානමින් සිටින බවයි.

ආණ්ඩුවෙන් ඉවත්ව ඒකාබද්ධ විපක්ෂයට එක්වන බව කියන ශ්‍රීලනිප ඇමැතිවරුන් පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පැවැත්වූ බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව කැබිනට් අමාත්‍යවරයකු, නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනකු සහ රාජ්‍ය අමාත්‍යවරයකු මෙලෙස ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්වීමට සූදානමින් සිටින බව එම ආරංචි මාර්ග පැවසී ය.

පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා සඳහා එම ඇමැතිවරුන් ඔවුන්ගේ නියෝජිතයන් ඉදිරිපත් කර ඇතැයිද වාර්තා වේ.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී ආණ්ඩුවට සහාය පළ කිරීමේ සූදානමක් තිබෙන බවටද වාර්තා පළවෙයි.
එජාපය ආණ්ඩුවේ බලය ඇල්ලීමේ මෙහෙයුමක, 31 පසු තනි එජාප ආණ්ඩුවක් (වීඩියෝ) 


No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...