Monday, December 11, 2017

පේපැල් කියන්නේ මොකක්ද?

ඇත්තටම පේපැල් කියන්නේ අන්තර්ජාලය හරහා ගනුදෙනු කල හැකි හා මුදල් හුවමාරු කල හැකි ලොවම පිලිගත් විශ්වාශවන්ත නො 01 බැන්කුවකි. එසේම අන්තර්ජාලය තුළ ක්රියාත්මක වන මුදල් හුවමාරු සේවාවන්ගෙන් ජනප්රියතම මෙන්ම වැඩිම භාවිතා කරුවන් පිරිසක් ඇති සේවාව පේපැල් වේ. එය පෞද්ගලික ආයතනයකින් සපයන සේවාවක් වුවත් අන්තර්ජාලය තුළ මුදල් හුවමාරු කිරීමේ හොදම සම්මතය ලෙස හැඳින්විය හැකිය.
ඊබේ වෙබ් අඩවිය තුල ගනුදෙනු කල හැකි එකම මාර්ගයද මෙයයි. පේපැල් මගින් ගනුදෙනු කරන විට වෙනත් ක්රෙඩිට් කාඩ් හෝ වෙනත් බැන්කු ගනුදෙනු මෙන් බිය විය යුතු නැහැ. මොකද අප කරන සියලුම ගනුදෙනු සියල්ලක්ම පේපැල් එකේ අදීක්ශනයෙන් සිදු වෙන නිසා. අපගේ අතින් යම් වරදක් වුනෝතින් එය නැවතත් යතා තත්වයට ගැනීමට හැකිය.

එසේම අපගේ ගිනුම හරහා යම් කිසි ගනුදෙනුව්ක් කිරීමෙන් පසුව එය අප හට නොලැබුනේ නම් එම (යම් කිසි බාන්ඩයක් ඇනවුම් කර එය නොලැබුනේ නම්) අප විසින් සිදු කෙරැ එම ගනුදෙනුව අහෝසි කරන්න පුලුවන්. කවුරැන් හෝ අපව රවටා ගිනුමෙන් මුදල් ලබා ගත්තේ නම් හෝ අපගේ මුදල් පැහැර ගත්තේ නම් මයි එකවුන්ට් තුල ඇති රෙසලූශන් සෙන්ටර් මගින් කේස් එකක් ඕපන් කර එය නැවතත් අප හට ගත හැකිය. මෙවැනි ආකාරයේ පහසුකම් රැසක් පේපැල් තුලින් අප හට හිමි වේ.

ලංකාවේ සිට විදේශ රටවලට කරන ගෙවීම් සඳහා පේපැල් භාවිත කළ හැකි නමුත් අප හට ඇති එකම අවාසිය ලංකාවේ නීති වලට අනුව අපගේ රටට වෙනත් රටකින් පේපැල් හරහා මුදල් ගෙන්වා ගත නොහැකි වීමයි. එනමුත් පේපැල් අප රටට හඳුන්වාදීම කෙරෙහි මහ බැංකුවේ අවධානය දැන් යොමුව ඇත.
පේපැල් විත්ඩ්රෝවල් සඳහා අනුමැතිය ලබාදිය යුත්තේ මහ බැංකුවයි. ලෝකයේ ඉතාමත් ජනප්රිය මුදල් හුවමාරු සේවාවක් වන පේපෑල් මගින් ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ අවස්ථාව අප රටට ලබාදීම තුළින් විදේශ රටවලට සේවා සපයන පුද්ගලයින්ට විශාල අවස්ථාවක් ලැබෙනවා වගේම එම සේවාවන් වඩාත් වර්ධනය වීමට එය අනුබලයක් වනු ඇත.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...