Saturday, December 23, 2017

ඉතාලියේ වෙරෝනා නගරයේ දුම්රියපොළේදී ශ්‍රී ලාංකිකයෙකුට පහරදී ගෑස් පිස්තෝලයකින් බියගැන්වු තරුණයාට 22 වන දින නිදහස් .....

දෙසැම්බර් 23, 2017

නිමේෂ් රුද්‍රිගු තරුණයා වෙනුවෙන් පෙනී සිට නීතිඥ සමාගමේ නීතිඥවරියගේ කරුණු පහතින්.....

පසුගිය සැප්තැම්බර් 20 වනදා... සමාජ ජාලා සහ සමාජ වෙබ් අඩෙවි වල හරහාද ඉතාලියේ වෙරෝනා නගරයේ Porta Nuova දුම්රියපොළේදී ශ්‍රී ලාංකිකයෙකු සිදු කළ ක්‍රියාවක් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක විවිධාකාර අදහස් පල වුනා.

ඉතාලියේ ජීවත් වන ලාංකික බොහෝ දෙනාගේ මතය වූයේ තම මවු බිමට හා ඉතාලියේ ජීවත් වන ලාංකික ප්‍රජාවට මෙම සිදුවීම මහත් අපකීර්තියක් වූ බවයි.
 මෙම ලාංකිකයා හා මෙම සිදු වීම සම්බන්ධයෙන් විවිධ විවේචනාත්මක අදහස්ද බොහෝ සමාජ ජාලා සහ වෙබ් අඩවි ඔස්සේ පල කරනු ලැබුවා.

එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා තාවකාලිකව බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඔහු වෙනුවෙන් මාද මා නියෝජනය කරන නීති ආයතනය (studio legale) විසින්, වෙරෝනා අධිකරණය ඉදිරියේ පෙනී සිටිමින්, මෙම පුද්ගලයා වෙනුවෙන් හුදෙක් යුක්තිය පතාද, රාජකාරිය හා සේවාලාභියෙකුට ලබා දෙන්නාවු නීති සේවයද ලබා දෙමින්, ඉතාලි අධිකරණය ඉදිරියේ කරැනු ඉදිරිපත් කරමින් නඩු වාරයන් හී පෙනී සිටීයා.

මාස 3ක පමන කාලයක් ගතවීමත් සමග අද දෙසැම්බර් 22 වන දින වෙරෝනා අධිකරණය විසින් එම පුද්ගලයා එම සිදු වීම අවස්තාවේදී ප්‍රකෘති මනසින් ක්‍රියා නොකල බවත් වසර දෙකක කාලයක සිට මොහු මානසික ව්‍යාධියකින් පෙලුනු බවත් අධිකරණ මානසික වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ පරික්ෂණ මගින් අධිකරණයට මෙම කරැනු තහවුරැ කරනු ලැබුවා. අද දිනයේදී එම පුද්ගලයා බන්ධනාගාරයෙන් නිදහස් කොට මාස 6ක කාලයකට ප්‍රතිකාර සදහා යොමු කරනු ලැබුවා. මෙම මාස 6න් පසුව ඔහු නිදොස් කොට නිදහස් කිරීමට නියමිතයි.
මාස තුනක වැනි කාලය තුල මෙම සිද්ධිය අධ්‍යනය කිරීම තුලින් මා හට පැහැදිලි වූයේ ළමාකාලය පසුවී තරැණ වියට පාතැබීමට පෙර වයස අවුරැදු 13ත් 19ත් අතර වයසින් සංක්‍රමණය වන පුද්ගලයන් ලාංකීය සමාජයේ සිට විදේශීය සමාජයට හැඩගැහීමේදී යම් යම් සමාජීය හා මානසික ව්‍යාකූලතාවයනට ගොදුරැ වීමේ ප්‍රවනතාවය වැඩි බවයි.

මෙහිදී දෙමාපියන් වශයෙන් ඔබ විශේෂයෙන් අවධානයක් යොමු කල යුතුයි. තවද භාශාව පිලිබද යම් ගැටලු වලට මුහුන දෙන්නේ නම් ඉතාලි රජයෙන් නොමිලේ ලබා දෙන්නාවු (Consultorio familiare) වැනි රජයේ ආයතන වෙත යොමු ව් මෙවැනි ගැටලු වලට විසදුමක් ලබා ගත හැකියි.

විශේෂයෙන් තමන් ජීවත් වන්නේ විදේශයක නම් එම රට ගැන හා සමාජය ගැන දැනුවත් වී කටයුතු කිරීමෙන්ද, මෙවැනි තත්වයන්ට මුහුන දුන් පුද්ගලයෙකු හෝ පවුලක් අපහසුතාවයට පත් නොකොට, හැකි පමනින් ඔවුනට සහයෝගය දෙමින්, කටයුතු කිරීමෙන් ලාංකීය කීර්තිය හා අනන්‍යතාවය ආරක්ෂා කිරීම අප සැමගේ වගකීමයි.

ඉතාලියේ ⁣කීර්ති නාමයෙන් බැබලෙන ලාංකික ජනතාවට නීතිය තුලින් යහපත් මෙන්ම සුවදායි අනාගතයක් උදාවෙවායි පතමි.

මුලාශ්‍රය :නීතිඥ සචිනි වර්ණකුලසූරිය

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...