Monday, December 11, 2017

ජාතික නිදහස් පෙරමුණේ තිදෙනෙක් ශ්‍රීලනිපයට.

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක, ජාතික සංවිධායක පියසිරි විජේනායක මෙන්ම උතුරු මැද පළාත් සභා මන්ත්‍රී පී.බී. කුමාර යන මහත්වරු අද(11) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගත්හ.
අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනපති හමුවූ මෙම පිරිස ඔහු රට ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළට සහාය පළ කරමින් මෙලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක් වූ අතර, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදෙන බව ද ප්‍රකාශ කළහ.
ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය සුරැකීමට කැපවීම විනා එයට අදාළ අමාත්‍යාංශය භාර ගැනීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වූ වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසයි.

මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේ මෙතෙක් ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කළ තමන් ඇතුළු පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමු වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට (ශ්‍රීලනිප) එක් වීමට හේතු පැහැදිලි කරමිනි.

ශ්‍රීලනිපයට එක්වීමත් සමග ඔහුට නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරය පිරිනැමීමට නියමිත බවට මාධ්‍ය වාර්තා පළ වී තිබිණ.

ජනාධිපතිවරයා තමන්ට එවැනි කිසිදු ප්‍රතිඥාවක් ලබා නොදුන් බව සඳහන් කළ වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා,”ඕව එක එක්කෙනා කියපු මතනේ. නීතිය හා සාමය අපි බලනවා රටේ තියාගන්න, අපිට ගන්න නෙවෙයි,” යනුවෙන් ද වැඩිදුරටත් පැවසීය.


No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...