Wednesday, December 6, 2017

2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී තැපැල් ඡන්දය භාවිතා කිරීමට නියමිත රජයේ නිලධාරියෙක්ද?




එසේ නම් තැපැල් ඡන්ද ඉල්ලුම් පත සම්පූර්ණ කිරීමට අවශ්‍ය 2017 වර්ෂයේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල ඡන්ද හිමි නාමලේඛනයේ තොරතුරු ලබා ගැනීමට පහත උපදෙස් අනුගමනය කරන්න.

01) www.elections.gov.lk යන ලිපිනයෙන් ශ්‍රීලංකා මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියට පිවිසෙන්න.
02) එහි ඡන්ද හිමි නාමලේඛනය 2017 යන්න තෝරන්න.
03) එවිට පළාත් පාලන ඡන්ද හිමි ලියාපදිංචි විස්තර යන කුඩා ඉල්ලුම් පත්‍රයක් ලැබෙනු ඇත.
04) එහි ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කල යුතු ස්ථානයට ඔබගේ අංක නවයකින් යුත් ජාතික හැඳුනුම්පත් අංකය හෝ අංක දොළහකින් යුත් නව ජාතික හැඳුනුම්පත් අංකය ඇතුලත් කරන්න.
05) ඔබගේ ලියාපදිංචි දිස්ත්‍රික්කය තෝරන්න.
06) ඉලක්කම් පහකින් යුත් කේත අංකය ඇතුළත් කර පෙන්වන්න යන බොත්තම ඔබන්න.

ඔබගේ ලියාපදිංච්යට අදාල තොරතුරු විනාඩියකට අඩු කාලයක් තුල ඔබට ලබා ගත හැක.
සැලකිය යුතුයි..

පලමු අදියරට අදාල පළාත් පාලන ආයතන 93 සඳහා තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම 2017.12.15 දින දක්වා සහ දෙවන අදියරට අදාල ඉතිරි පළාත් පාලන ආයතන සඳහා තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම 2017.12.22 දින දක්වා පමණයි.

නියමිත කාලය තුල නොලැබෙන ඉල්ලුම් පත් ප්‍රතික්ෂේප වනු ඇත.
තැපැල් ඡන්ද ඉල්ලුම් පත් ප්‍රතික්ෂේප වීම මැතිවරණ රාජකාරි වලින් නිදහස් කිරීමට හේතුවක් නොවේ.
 
 
 
 

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...