Sunday, December 10, 2017

දුම්රිය වර්ජනය කුමන්ත්‍රණයක්ද? (video)

දෙසැම්බර් 10, 2017

රාජ්‍යය කියන්නෙ භූමියක් හිමි ජනතාවගේ සංවිධානයක්. ඒ සංවිධානය හරියකාරව ක්‍රියාත්මක නොවේ නම් රජයයේ සියලු පද්ධති අකාර්යක්ෂම වී රාජ්‍යයේ පැවැත්ම අර්බුධයට යා හැක.

රටක් අරාජික වෙනවා කියන්නෙ එහෙම වෙලාවටය. රාජ්‍යය කෙතරම් හොඳින් සංවිධානය වී තිබුණද කාර්යක්ෂමව තිබුණද කිසිවකුට හෝ අවශ්‍ය නම් එය කඩාකප්පල් කර අරාජික කිරීම සිදුකළ හැකියි. ඒවා දේශපාලන කුමන්ත්‍රණ ලෙස හඳුන්වයි.
වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු රාජ්‍යය අර්බුධයට යැවීම සඳහා ද්‍රෝහීන් දේශපාලන කුමන්ත්‍රණ ගනනාවක් සිදු කළා.

එහෙත් ඒ කිසිවක් සාර්ථක වූයේ නැහැ. අද වෘත්තීය සටනක් ලෙස පෙන්වමින් ක්‍රියාත්මක දුම්රිය වැඩ වර්ජනයද මේ දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් බව එම වැඩ ක්ෂෙත්‍රයේම අනෙක් වෘත්තිකයන් විසින් පෙන්වා දෙමින් තිබෙනවා.

ඉල්ලීමක් කෙතරම් සාධාරණ වූවත් එය ඉදිරිපත් කළ පමණින් ලබා දිය නොහැක..ඒ හා බැදී තිබෙන අනෙක් සියලු පාර්ශ්වයන්ගේ බැඳීම්ද ඒ අනුව සලකා බැලීමට සිදුවෙනවා.. මොකද එක තැන වන වෙනස් වීමකින් පද්ධතියක්ම අවුල් විය හැකි නිසාය. මේ නිසා සමස්ත පද්ධතියෙම ප්‍රතිසංස්කරණයන් වෙත යා යුතුවෙයි..එය පහසු කරුණක් නොවේ.

එහෙත් ඒ ඇත්ත තත්වය නොතකා ඉතා සුලු වැ‍ටුප් විෂමතාවයක්. බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටියේ සුළු අවුලක්, පදනම් කර ගනිමින් මඟී ප්‍රවාහන පද්ධතිය අවුලෙන් අවුලට පත් කර සමස්ත ආර්ථිකයට පාඩුවක් කිරීම දක්වා කුමන්ත්‍රණයක් දියත් වෙමින් තිබෙනවා. දුම්රිය වැඩ වර්ජනය සුළු වෘත්තීය ගැටලුවක් විසඳා ගැනීම සඳහා පමණක් නොවන බව පැහැදිලිය.

ආණ්ඩුව විසින් සාකච්ඡා ගනනාවක් පවත්වමින් සාධාරණ විසඳුමක් ඉදිරිපත් කිරීමට උත්සාහා ගනිමින් සිටින වෙලාවක, වර්ජනය කැඳවීම වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා වෘත්තීකයන්ට තිබෙන අනුල්ලංගනීය අයිතිය පවා හැල්ලු කර දැමීමකි.
වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමේ සටන් යනු රටේ මහජනතාව සමස්ත ආර්ථිකය අර්බුදධයට යවා මස් රාත්තලම කපා ගැනීමේ නරුම ක්‍රමවේදයක් නොවේ. එය වෘත්තීය සීමාව තුල ස්වාමී පාර්ශ්වය සමඟ විසඳා ගත යුතුව තිබෙන්නෙකි..ඒ වෙනුවෙන් ගත හැකි වෘත්තීය ක්‍රියා මාර්ග ගනනාවකි.
එහෙත් ඒ සීමාව පැන අනෙක් ජන කොටස් වලටද පිඩා කරදර ගෙන දෙමින් රට අරාජිකකර නැවත බලය අත්පත් කර ගැනීමේ කැත වුවමනාව මත මෙවා සිදු වෙනවා.
මීට හේතුව දුම්රිය වැඩ වර්ජනය මෙහෙයවන බල ලොබී මජර දේශපාලන අදිසි හස්තයන් ඉතිහාසයෙ කුණු බක්කියට වැටෙමින් පැවැතීමය.

ජනතාවගේම පහසුව පිණිස ජනතාවගේ මුදලින් නඩත්තු කරන දුම්රිය ප්‍රවාහන සේවය අතරමඟ කඩාකප්පල් කර වැඩ වර්ජනයකට යෑමට පෙර මේ සේවකයන් තමන් කරන්නේ කුමක්ද යන්න ගැන මීට වඩා වගකීම් සහගත ලෙස කල්පනා කළා නම් අපට මේ තිත්ත ඇත්ත කතා කිරීමට අවස්තාවක් ලැබෙන්නෙ නැහැ.

ඒ නිසා මේ වැඩ වර්ජනය මඟින් තමන්ගේ කුමන්ත්‍රණකාරී මජරකම ගැන රටේ ජනතාවට ඇත්ත දැන ගැනීමට අවස්තාවක් උදා කිරීම හොඳය. මොකද, අවසන් වශයෙන් රටේ සාමාන්‍ය ජනතාව පීඩාවට පත්කරන මේ කැත දේශපාලනය, කතා දෙකක් නැතිව ප්‍රතික්ෂෙප කිරීමෙ අවබෝධය ජනතාවට ඉදිරියේදී ලැබෙන බැවිනි.

වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...