Wednesday, December 6, 2017

වැලිකඩ සිද්ධිය ගැන වාර්තාව ලබන 13 අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝගයක්.


2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම් වලින් සිරකරුවන් 27දෙනෙකු මරණයට පත්වීමේ සිද්ධිය පිළිබඳව සිදුකළ පරීක්ෂණවල ප්‍රගතිය ලබන 13 වනදා අධිකරණය වෙත වාර්තා කරන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කළා.

එම ඝාතනවලට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිරකරුවන් සුරැකීමේ කමිටුවේ සුදේශ් නන්දිමාල් සිල්වා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද සලකා බැලූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එල්.ටී.බී දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල මෙම නියෝග කළා.

මෙම පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අද දින අධිකරණය හමුවට ඉදිරිපත් කරන මෙන් විනිසුරුවරු මීට පෙර නීතිපතිවරයාට නියෝග කර සිටියහ.

එහෙත් අදාල නඩුව අද කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥවරයා ප්‍රකාශ කළේ මෙම පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කිරීම සඳහා කල් ලබා දෙන ලෙසයි.

ඒ අනුව පෙත්සම නැවත ලබන 13වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට මෙම පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් නීතිපතිවරයාට නියෝග කළේය.


No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...