Saturday, December 2, 2017

සෑම පැයකට සැරයක් එංගලන්තයේ පවුල් නිවාස අහිමිව මහමගට වැටෙති



ඔවුහු නත්තල් ශිතලේ නිවාස අහිමිව මහපාරේ නිදියාගනිති. කිසිවෙක් ඔවුනට පුද්ගලිකව මැදිහත්වී රාත්‍රිය ගත කිරීමට ස්ථානයක් නොදෙති. ඒ වෙනුවට කිසියම් මුදලක් ඔවුන් වෙත විසිකර දමා අතපිහදා ගනිති. ඒ දියුනු ධනවාදී මානවයාගේ සුප්‍රකට ලක්ෂණයයි.

එංගලන්තයේ සෑම පැයකටම පවුල් පහක් නිවාස අහිමිව මහමගට වැටෙන බව එංගලන්ත සුප්‍රසිද්ධ ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය පෙන්වා දෙයි. 2016 වර්ෂයේ නිවාස අහිමිව එංගලන්තයේ මහපාරට ඇදවැටුණු පවුල් සංඛ්‍යාව 43,140 කි. එය අපේ ශ්‍රි ලංකාවේ සුනාමියෙන් හෝ ගංවතුරක් වැනි ඛේදවාචකයකදී මහමගට වැටුණු පවුල් සංඛ්‍යාව හා සමපාතවීමක් වුව අප වසරකදී එකී තත්වයන්ට පිලිතුරු දීමට සමත්වූ අතර එංගලන්තය වැනි රාඡ්‍ය මැදිහත් වීම අවම සුබසාධනය ප්‍රතික්ශේප කරන රාඡ්‍යයක එයට කිසිදා සැබෑ විසදුමක් නොසොයොන අතර මෙවැනි තත්වයන්ට සහ එහි භයානක ප්‍රතිපලයන්ටත් එංගලන්ත දුගියෝ මුහුණ දිය යතුමය.

තෙරේසාගේ ආණ්ඩුව මේ වසරේ පවුම් මිලියන 20 ක් නිවාස අහමිවුවන්ට වෙන්කර ඇතත් එය කැළනි පාලම යටින් පොල්ලෙල්ලක් ගියා හා සමානය. ඉදිරි වර්ෂයේ මෙය දෙගුන තෙගුන වනු ඇත. නොවැම්බරයේ පමණක් පවුල් 3600 කට නිවාස අහිමිවිය. 2020 වනවිට නිවාස දශලක්ෂයක් ඉදිකිරිම තෙරේසාගේ ඡන්ද පොරොන්දුවකි. එහෙත් තවමත් ඒ සදහා ඇයට වැඩපිලිවෙලක් නොමැත.

පාරට වැටී පාරේම නිදියන පවුලක දුවක් හා පියෙක් වේදනාව ඉවසිය නොහී මර්ඡුවානා පානය කර සිහි නැතිව පදික වේදකාව මත සිටියදී ලංඩන් මාර්ග පිරිසිදු කරන්නන්ට මුණ ගැසී රෝහල් ගත කල වාර්තාවක් මැයි මස එංගලන්ත මිරර් වෙබ් අඩවිය පලකර තිබිණි. එංගලන්තයේ වේල්සයේ විශාලතම සමාඡ සේවා ආයතනය වන YMCA විසින් වේල්සයේ පදික වේදිකාවල නිදියන තරුණ තරුණියන් සදහා දැන් ඇදන් 9100 ක නේවාසික ගොඩනැගිල්ලක් ඉදිකර දී ඇත. එහි එක් ඇදක දෙදෙනා බැගින් 18,000 ක් තරුණ තරුනියන් දෙසැම්බර් ශිතලයෙන් ගලවා ගැනීමට අපේක්ෂා කරයි.


No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...