Sunday, December 3, 2017

පසුගිය ආණ්ඩුව සමයේ සිදුව දූෂණ වංචා ජනවාරියේ දී උඩට ගනී.


පසුගිය ආණ්ඩුව සමයේ සිදුව ඇතැයි සැලකෙන දූෂණ වංචා පිළිබඳ පරීක්ෂණ කඩිනම් කිරීමට ලබන ජනවාරි සිට ජනාධිපතිවරයා විශේෂ අවධානයක් යොමු කරනු ඇති බව වාර්තා වේ. මෙම පරීක්ෂණ කටයුතු ප්‍රමාද වීමට හේතුව වී ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින දුර්වලතාවයි.

ඒ හේතුවෙන් මේ වනවිට වංචා සහ දුෂණ චෝදනාවලට අදාළ නඩු කිහිපයකම පරීක්ෂණවල ඉදිරි කටයුතු ඇණ හිට තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය සමයේ පවත්වන ලද පරීක්ෂණ බොහොමයක් නීතිපති දෙපර්තමේන්තුවට යැවීමෙන් අනතුරුව නීතිපති උපදෙස් නොලැබීම හේතුවෙන් ඉදිරි පරීක්ෂණ ඇන හිට ඇතැයි අපි මීට පෙර අනාවරණය කළෙමු.

මේ පරීක්ෂණ අතර ලිපි ගොණු අංක CR 1/08/2016 ආයුධ සහ පතරොම් සමඟ ගාල්ල වරායේ දී අත්අඩංගුවට ගත් ඇවන්ට්ගාඞ් නැව සම්බන්ධ පරීක්ෂණ, ලිපි ගොණු අංක CR 01/AML/CFT/04/12/16 සහ CR 1/1/16 විභාග වූ සජින් වාස් ගුණවර්ධනට එරෙහිව පැවතුණු ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහනයක් අතුරුදන් වීම සම්බන්ධ පරීක්ෂණ හා මුදල් විශුද්ධිකරණයට අදාළ පරීක්ෂණ වාර්තා ද පවතියි.

මීට අමතරව ලිපි ගොණු අංකCR 1/ 08/2015 2015.01.10 දින අරලියගහ මන්දිරයේ සිදුවූ කුමන්ත්රණයක් සම්බන්ධ පරීක්ෂණ, ලිපි ගොණු අංක CR 1/271/15 වරයා අධිකාරියේ හිටපු සභාපතිවරයෙකුට වූ ප්‍රියාත් බන්දු වික්‍රම ගේ වත්කම් සම්බන්ධ පරීක්ෂණ, ලිපි ගොණු අංක CR 1/ 91/ 2015 රක්නා ආරක්ෂක ලංකා සමාගම සම්බන්ධ පරීක්ෂණ, ලිපි ගොණු අංකCR 01/AML/CFT/04/2015 රාජ්ය වැවිලි සංස්ථාවට අයත් ඉඩමක් වංචාසහගත ලෙස පෞද්ගලික සමාගමකට පැවරීම සම්බන්ධ පරීක්ෂණ, ලිපි ගොණු අංක WL/08/15 යටතේ වලංගු බලපත්රයක් නොමැතිව අලි ඇතුන් ළඟ තබා ගැනීම සම්බන්ධ පරීක්ෂණ ඇතුළු පරීක්ෂණ රැසක් පවතියි. මෙම පරීක්ෂණ වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නීතිපතිවරයා වෙත යොමුකර ඇත්තේ 2015 වසරේ සහ 2016 වසරේ මුල් කාල වකවනුවේදියි.

මිට අමතරව පසුගිය දා (29) පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ සහ ආණ්ඩුවේ මන්ත්රීවරු පිරිසක් අල්ලස් සහ දූෂණ කොමිෂන් සභාව මගින් පවත්වන දුෂණ සහ වංචාවන්ට එරෙහි පරීක්ෂණ විශාල ලෙස ප්රමාදවන බව ප්රකාශ කර තිබුණි.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...