Monday, December 11, 2017

බියර් මිල සහ නගර සෝභනියෝ.

බියර් මිල අඩු කිරීමට එරෙහිව ආණ්ඩුවේ ඇතැමෙකු පසුගිය දීනවල කතා කළහ .විපක්ෂය විශේෂයෙන්ම එයට විරුද්ධ විය .එහෙත් .චන්ද්‍රිකාගේ සමයේ මුදල් ඇමති වරයෙකු වූ G. L පීරිස් ද වරක් බියර් මිල අඩු කළ බව ඔවුන්ට දැන් මතක නැත.
නගර සෝභනියන් 45 දහසක් සිටින බවත් ලක්ෂ තුනක් ඔවුන්ගෙන් කය සතපවා ගන්නා බවත් මාධ්‍ය පළකර තිබිණ

මත්පැන් බිම සහ වෙනත්කාන්තා වන් සමග නිදාගැනීම මෙන්ම කාන්තවන් විසින් වෙනත් පිරිමින් සමග නිදාගැනීම අවුරුදු ලක්ෂයකට හමාරක සිට සිදුවූ බවට අනුමාන කිරීම සාධාරණය. ඒවා දුශ්චරිත ලෙස සලකන්නට පටන් ගැනුණේ අවුරුදු 4000 කට මෙපිටින් ඇතිවූ ආගම් ප්‍රචලිත වීමත් සමගය ආගම් බිහිවීමට පෙර ඒවා ජීවිතයේ එක අංගයක් පමණක් විය .

ආණ්ඩුවක වගකීම රටක මිනිසුන් සතුටෙන් තැබීමට අවශ්‍ය සියල්ල කිරීම මිස මරණයෙන් පසුමිනිසුන් සුරපුරයට යැවීමට කටයුතු කිරීම නොවේ. එබැවින් මිනිසුන්ට ගැහැණුන්ටකැමති පරිදි කන්නට බොන්නට සහ නිදාගන්නට වැඩි වැඩියෙන්අ වස්ථාව සැලසීම ආණ්ඩුවේ වගකීමකි
ඇතැම් රටවල සමලිංගික විවාහ නිත්‍යානුකුල කරමින්ද තිබෙන්නේද ආණ්ඩුවේ වගකීම මිනිසුන් සතුටෙන් තැබීම බව වටහා ගෙන තිබීමය. සම ලිංගික හැසිරීමට ඇතැම් ගැහැනුන් සහ පිරිමින් ප්‍රිය කරන්නේ ඔවුන්ගේ ජාන විසින් ඒ සඳහා බලකරන නිසා බව දියුණු මිනිසුන් විසින් පිළිගනිමින් සිටිති .

නමුත් තුන්වන ලෝකයේ රටවල පාලකයෝ ආගම් විසින් දේශනාකරන සුචරිතයේ වීරයන් ලෙස රඟ පාමින් . මිනිසුන් ගොනාට අන්දවා නැවත බලයට ඒමට ආගම් පහුරක් බවට ඔවුන් පත් කරගෙන තිබේ.

නමුත් ලෝකයේ දියුණු රටවල් ඉහත ප්‍රතිපත්තිවලින් ඈත් වෙමින් සිටිති. අප විසින් විවාහ වීමේ වයස වැඩි කර ඇති නමුත් ඔවුහු විවාහ වීමේ වයස අඩු කරන බව පෙනේ. උදාහරණයක් ලෙස දැක්වුවහොත් එස්තෝනියාවේ සහ ඩෙන්මාර්කයේ අවුරුදු 15 සම්පුර්ණ වූ පසු විවාහ විය හැක .
නගර ශෝබනියන්ගේ සේවය අවශ්‍ය පුරවැසියනට ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් දියුණු රටවල පමණක් නොව ආසියාවේ ඇතැම් ආණ්ඩු විසින්ද සලසා තිබේ

ලෝකයේ පැරණිම වෘත්තීය ලෙස සැලකෙන නගර ශෝබනි වෘත්තීය බිහිව තිබෙන්නේ මිනිසුන්ට එය උවමනා නිසාය .ආණ්ඩුව කලයුත්තේ ඒවාට වැට බැඳීම නොව එය නිත්‍යානුකුල කොට එය පවත්වාගෙන යාමට ඉඩ දීමය .එය වැදගත් වෘත්තියක් බවට පත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම ආණ්ඩුවල වගකීමයි ළමුන්ට සිදුවන ලිංගික අපචාර මෙන්ම ගැහැනුන් දුෂණය කිරීමද අවම වීමට එය හේතු වනුඇත.
මත්පැන් ගැන වුවද කිව යුත්තේ එයමය. මිනිසුන් එයින් සතුටක් ලබන බැවින් ආණ්ඩුව එයට පොලු දැමිය යුතු නැත .පාර්ලිමේන්තුවේ ගරාජයේ සාදා දමන මන්ත්‍රීවරු මිනිසුන්ගේ බීම වැලක්වීමට මිල වැඩි කරති .
මරණින් පසු සුරපුරයේ උපදින්නට පෙරුම් පුරන අය මේට  එරෙහිවිය යුතු නැත .අනිත් අයගේ සතුටට බාධා නොකර සිටින්න. මරණින් පසු තිබෙතැයි කියන දෙව් ලොව සැප විඳිම.සඳහා ඔබේ මෙලොව ජීවිතය දුකසේ ගත කිරීමට අපෙන් කිසිදු බාධාවක් නැත .

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...