Tuesday, December 5, 2017

උදයංග වීරතුංගගේ පෙත්සම විභාගයට විනිසුරු මඩුල්ල නම් කෙරේ.


රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාගේ බැංකු ගිණුම් තහනම් කිරීමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය ගෙන ඇති තීරණයට එරෙහිව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බලන විනිසුරු මඩුල්ල නම් කෙරුණා.

අදාළ පෙත්සම අද කැදවනු ලැබුවේ, සිසිර ද ආබෘ මහතා හමුවේයි. පෙත්සම විභාග කිරීම සඳහා බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෘ හා නලින් පෙරේරා යන විනිසුරු මඩුල්ල නම් කෙරුණා.

ඒ අනූව, එම විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම 29 වැනිදා විභාගයට ගැනීමට නියමිතයි.

උදයංග වීරතුංග මහතාගේ නැන්දනිය වන ලංකා ඉන්ද්‍රානි මහත්මිය ගොනු කර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් සදහන් කර ඇත්තේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය කිසිඳු සාධාරණ පරීක්ෂණයක් නොපවත්වා උදයංග වීරතුංග මහතාගේ බැංකු ගිණුම් 16ක් පමණ තහනම් කර ඇති බවයි.

මේ තුලින් උදයංග වීරතුංග මහතාගේ මූලික අයිතීන් කඩවී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත්, දැනට පවනා ඇති බැංකු ගිණුම් තහනම ඉවත් කරන ලෙසත්, පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.

පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිල දී ගැනීමේ දී අක්‍රමිකතාවන් වූ බවට, සිදුකරන පරීක්ෂණවලට අදාළව සැකකරුවෙකු ලෙස ඔහු නම්කර තිබෙනවා.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...