Thursday, November 30, 2017

මිනීමරුවන් රණවිරුවන් කර රට අල්ලන වෑයම


යුද්ධය කළ නිසා සොරකම් කළාට කමත් නැ කීවේද, යුද්දය දිනා දුන් එකාට එරෙහිව ඡන්දය ඉල්ලූ එකා හිරේ දැම්මාට කමක් නැත කීවේද, යුද්දය දිනා දුන් එකාගේ ඡන්දය වෙනුවෙන් ආණ්ඩුවේ බදු කාසි වලින් සිල්රෙදි අරක්කු බෙදුවාට කමක් නැත කිවේ ද, උසාවිය ලලිත් වීරතුංග, අනුෂ පැල්පිට දෙදෙනාට නියම කළ දඩ ගෙවීමට බුදුන් අනුදැන වදාළ පාත්‍රා සිවුරු ගෙන පාරට බැස්සේ ද, රටේ මුදල් ගසා කා අයුතු ලෙස පොහොසත්විම නිසාම හිරේ යාමට නියමිතව බැසිල් රාජපක්‍ෂ සමඟ පොහොට්ටුවට කඬේ යන්නේ ද, ලසන්තලා, එක්නැලිගොඩලා වැනි මාධ්‍යවේදින්ට කොටි හංවඩුව ගසා මරා දැමූ ගෝඨාභය ඉස්සර කොට එළිය සොයන්නේ මහින්ද චින්තනය විසින් කළ ගිහියන් සහ පැවිද්දන්යය. බිළිඳුන් දැරියන් කාන්තාවන් සිය ගණන් දූෂණය කොට පාටි දමා සතටුවන මානසිකත්වය අකුරැස්සේ සාරුව සුනිල්ට ලැබුණේ මහින්ද චින්තනයේ ප්‍රතිඵලයක් ලෙසිනි. මහින්ද රට කරනතාක් නීතියට අධිකරණයට බිය විය යුතු නැත කියා සිතීම නිසා ඔවුන්ට වැරදිණ. අරක්කු බී ලයිසන් නැතිව වාහන එළවා මිනී මැරුවාත් බේරෙන්න පුළුවන් කියා සමහර සිවුරු දරන්නන් සිතුවේ ඒ නිසාය. ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරයා රාජකාරි ඉඩම් වික්කේද, නීති නියමය නොතකා ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂීක අය වැය වාර්තා ඉදිරිපත් නො කළේද, යුද වීර මහින්ද රාජපක්‍ෂ රට කරවන තාක් බේරිලා ඉන්ට පුළුවන් යන විශ්වාසය නිසාය.

මේ විස්තර කළේ ප්‍රභාකරන් පරාද කළ යුද මානසිකත්වය ශ්‍රී ලංකාවේ දකුණට සේන්දු වූ ආකාරයයි. මේ පිස්සුව සමාජ විනාසයකි. යුද්ධය අති බිහිසුණුවේ. ඊට මැදිවූ මිනිසුන් ගැහැනුන් සතුන් ලෙස හෝ නො සැලකෙයි. විශේෂයෙන් යුද්ධය සඳහා මුදාහළ සොබලුන් ඊටත් වඩා භයානකය. ඔවුන් ඊළඟ නිමේෂයේදි තමන් මැරුම් කෑමට නියමිත බව සිහිපත් කරගෙන හුස්ම ගන්නෝ වෙති. ඒ නිසා ම බිය නො හඳුනති. මිනිසුන් නො හඳුනති. හොඳ නරක නො හඳුනති. කෙනෙකුට දැනෙන බිය ගැන කල්පනා නො කරති. අතට පත් තුවක්කුවේ කොකා ගස්සන්නේ කාටදැයි බලමින් සිටිති. අඳුරේ ඇසෙන සද්දයටත් වෙඩි තැබුවාට ඔහුට සෝලියක් නැත. ඒ ආරක්‍ෂාව පිණිසය. තම බේරුමට ඕනැම දෙයක් කරන විනාශකාරි මනසකට පුරුදුව සිටිති. මේ පිරිස් සාමාන්‍ය සමාජයට වඩා වෙනස් වේ.

1971 කැරැල්ල කාලයේත් 88-89 භිෂණ යුගයේත් තිස් අවුරුදු යුද්ධය පැවති කාලයේත් වරද කර හසුවූ යුද සෙබලුන්ට මෙවැනි සුවිශේෂි සැලකිලි නො තිබිණ. කළ වරදට දඬුවම් නියතය යන පාඩම පණිවිඩය හැම යුද සෙබලෙකුට උගන්වා තිබිණ. එය හමුදා සාමාජිකයන් වෙතින් ආණ්ඩුවක් අපේක්‍ෂා කළ යුතු විනයකි. ඒ විනය පවත්නා තාක් කල් යුද්ධය හමුදා හැසිරීම්පාලනය වේ. රට ශීලාචාර වේ. ජනතාව සුරක්‍ෂිත වේ.

දිවයිනපුරා එකවර අනාරක්‍ෂිත වූ ප්‍රථම අවස්ථාව 71 කැරලි සමය විය. ඒ කාලයේ කිසිවිටෙක සාධාරණිකරණය කළ නොහැකි අමානුෂික සිද්ධින් වාර්තා විය. ඒවා නැවත තක්සේරු කරන විට ආරක්‍ෂාව පිණිස මනුෂ්‍ය ඝාතන සිදු කළ අවස්ථා මෙන්ම අත්අඩංගුවේ පසුවූ සැකකරුවන්ට කෲර වද හිංසා කළ එසේම ඝාතනය කළ අවස්ථාවන්ගෙන් කිසිවෙකුට නීතියෙන් ගැලවී යා නොහැකි විය. හමුදා අත්අඩංගුවේ සිටි, ප්‍රේමවතී මනම්පේරි කතරගම හමුදා අනු ඛණ්ඩයේ දී සමූහ දූෂණයට ලක් කොට නගර මධ්‍යයේ නිරුවතින් ඇවිද්දවීය. පසුව ප්‍රසිද්ධියේ වෙඩි තබා මරා දැමීය. එකී සිද්ධියට අදාළ නඩුවේදී සාක්‍ෂි දුන්, හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධතා නිලධාරි කර්නල් නුගවෙල, නඩුවේ 1 චුදිත ලුතිනන් විජේසුරියගේ සටන් කෞෂල්‍ය අගය කරමින් ඔහු විශ්වාසය තැබිය හැකි උදාර නිලධාරියෙකු බව කීය. තිස්සමහාරාමය සහ කතරගම සාමාන්‍ය තත්ත්වයට පත් කළේ ඔහුගේ දක්‍ෂතාවය නිසා බව කීය. එහෙත් 1 චුදිත ලුතිනන් විජේසුරියට සහ සෙබල රත්නායකට ප්‍රේමවතී මනම්පේරි ඝාතන චෝදනාවට වැරැදිකරු කර බරපතළ වැඩ ඇතිව 16 වසරක සිර දඬුවම් නියම විය.තීන්දුවට එරෙහි ගොනු කළ අභියාචන තීන්දුවේ අදටත් බලපාන තින්දු ප්‍රකාශයක් නිකුත් විය. එහි මෙසේ දැක්වේ.

“1971 අප්‍රේල් 17 දින ප්‍රදේශයේ තත්ත්වය සටන්කාමි හෝ සාමකාමි වුනා විය හැකිය. එකී කුමන තත්ත්වයක් යටතේ වුවුද, අත්අඩංගුවේ සිටි සිරකරුවෙකුට වෙඩි තැබිම යුක්ති සහගත නොවේ. යුද්ධ නිතියට යටත් සෙබලෙකු සිවිල් නිතියේ ආරක්‍ෂකයකු ලෙස, පොලිස් වගකිම් දැරිය යුතුවේ. මේ වගකිම් ඉටු කිරීමේදී ඔහු සාමාන්‍ය පොලිස් නිලධාරියකු තරමටම සිවිල් නීතියට යටත් විය යුතුවේ. කිසිදු හමුදා නිලයකට නීති විරෝධි ක්‍රියාවත් කිරිමට අවසර නැත. ඉහළ නිලධාරියකු දෙන නීති විරෝධි නියෝගයකට අවනතවීමද වරදකි. ඒ බව මනම්පේරි නඩු තීන්දුව සහතික කරයි.” උපුටා ගැනීමකි.(විජේසුරිය එ. රජය 77(NLR 25) අදටත් මහජන ආරක්‍ෂාව මෙන්ම සිවිල් අයිතිවාසිකම් ද එදා මෙන්ම සුරක්‍ෂිත ය. කොළඹ පවත්නා උද්ඝෝෂණ මැඩීමට ක්‍රියා කරන පොලිස් නිලධාරින්ට එරෙහිව නිතිය අදටත් දැඩිව ක්‍රියාත්මක වීම ඊට හොඳම උදාහරණකි.

1989දී ඇඹීලිපිටියේ පාසල් දරුවන් ඝාතනය කළ හමුදා නිලධාරින්ට දඬුවම් දී්මේදී ඔවුන් අනාරක්‍ෂිත තත්ත්වය පාලනය කිරිමට දැක්වූ කැපවීම සැලකිල්ලට ගත්තේ නැත. 1996දී යාපනේ ක්‍රිෂාන්ති කුමාරස්වාමි දැරිය දූෂණය කොට මරා දැමූ යුගය බඩදරු අම්මලා පවා ඇවිදින බෝම්බ ලෙස යොදා ගත් යුගයකි. ඒ තත්ත්වය යුද කාලයේ සේවය කිරීම නිසා සෙබලෙකුට අපරාධයකින් බේරිය හැකි ව්‍යතිරේකයක් නිතියෙහි නැත. එවැනි යුද පරිසරයක පවා සාමාන්‍ය නීතිය ඉහළින් පැවතිය යුතු බව අධිකරණය විශ්වාස කරයි. ප්‍රේමවති මනම්පේරි (1971) ඇඹීලිපිටිය සිසු ඝාතන (1989) ක්‍රිෂාන්ති කුමාරස්වාමි (1996) ආදි අපරාධ පරීක්‍ෂණවලදී අපරාධ අවස්ථාවන්හී හමුදා මැදිහත් වීමෙන් සිදුවු අපරාධ ගැන වගකිව යුතු අයට එරෙහි නීතිය ක්‍රියාත්මක කිරිම ගැන ශ්‍රී ලංකාවට ඇත්තේ නිකලැල් ඉතිහාසයකි. ආරක්‍ෂක සේවා යනු තවත් රජයේ රැකියාවකි. තනතුරට ලැබෙන නිල ඇඳුමට ගිනි අවියට මුවාවී මිනි මැරීමට, මංකොල්ල කෑමට ස්ත්‍රීන් දූෂණය කිරීමට ජනතාව බිය වැද්දීමට නිතියෙන් ඉඩක් නැත.

යාපනේ මිරිසුවිල් ඝාතන නිසා, මරණ දඬුවම ලැබෙන තෙක් සෙබල රත්නායකට කිසිවෙකු රණවිරු සාටකය පැළඳුවේ නැත. හේතුව සෙබල රත්නායක අපරාධය සිදුවන විට, රාජපක්‍ෂ කල්ලියට අයත් මිනීමරු කොන්ත්‍රාත් සිදු කළ තක්කඩියෙකු නොවීමය. දැන් සෙබල රත්නායකගේ පවුලේ අයට මහින්ද චින්තනය අදහන චීවරධාරින් පිරිත් නූල් බඳීති. ඒ රට අවුස්සන පුවතක් පළ කර, රණවිරුවන් ඇවිස්සීමටය. චන්දන කත්‍රිආරච්චිට එරෙහි මිනි මැරුම් නඩුව අස්කර ගත්තාට ඉහත කී කිසිදු රණවිරුවෙකු වෙනුවෙන් රාජපක්‍ෂලා හෝ රණවිරු උණ කාරයන් කැපවී නැත.

අපරාධකරුවන් තක්කඩින් රණවිරු සාටකයෙන් අරහත් චීවරයෙන් වසා රකින්නේ රාජපක්‍ෂලාට ලෙන්ගතු නම් පමණකි. රාජපක්‍ෂලාටත් ඔහුව කර තබා යන භික්‍ෂුන්ටත් මේ රණවිරු උණ බුද්ධි අංශ කුලප්පුව ඇතිවුණේ 2015 ජනවාරියේ පරාද වුනාට පසුවය. පලා යාමට තැත් කළ සැකකරුවෙකුට තැබූ වෙඩි තබා මැරූ මේජර් විමල් වික්‍රමගේ අධීකරණයෙන් වැරදි කරුවිය. ඝාතනය වූ ද්‍රවිඩ ජාතිකයාගේ වැන්දඹුවට රුපියල් 20,00000/- වන්දියක් සමඟ රුපියල් දස දහසක දඩ මුදලකට සහ දස වසරක් අත් හිටුවූ දෙ වසරක සිර දඬුවමක් මේජර් විමල් වික්‍රමගේට නියම විය. ඒ සිද්ධිය 1998 දී සිදුවූ එකකි. මේජර් විමල් වික්‍රමගේ 2000දී අත්අඩංගුවට පත් විය. නඩුව ඇසුණේ රාජපක්‍ෂ පාලන කාලයේය.

මේජර් වික්‍රමගේට දඬුවම් නියම කළේ 2016 අගෝස්තු 31 දින ය. වසර 16 ක් රැකියාව හෝ නො තිබුණ මේජර් විමල් වික්‍රමගේ වැන්නෙක් සිටියාදැයි පිණ්ඩපාතයේ වැඩි හිමිවරුන් දැන සිටියේ නැත. 22 දෙවසරක් හමුදා සේවයට ජීවිතය කැප කළ මේජර් වික්‍රමගේ රණවිරුවෙකු වුණේ උසාවියේ වරදකරු වී දඬුවම් නියම කළ පසුවය. ඔහුට නියම කළ වන්දි මුදල සඳහා රටපුරා සම්මාදම් කිරිමට උත්සුකවූ කිසිවෙකු සංඝයා මෙහෙයවා උසාවියේ හර්තාල් කරවා නැත. චන්දන කත්‍රිආරච්චිට මෙන් ඇසෙන නඩු අස්කර ගැනීමට කිසිවෙකු ක්‍රියා කර නැත. මේ රණවිරු කුලප්පුව රටේ ගෞරවයට, සාමාන්‍ය ජනතාවගේ ආරක්‍ෂාවට තර්ජනයකි. මේජර් වික්‍රමගේට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක වීම නීතියේ වරදක් හෝ දුර්වල කමක් නොවේ. දොඩම්පේ මුදලාලි, ප්‍රේමවතී මනම්පේරි, විජේදාස ලියනාරච්චි ආදි ඝාතන ආන්දොලනාත්මක වුනේ ඉහත කී ජාත්‍යන්තර නිති තත්ත්වය නිසාය.

අවසාන වශයෙන් මනම්පේරි ඝාතකයා හිර ගෙදරදී විඳී වේදනා මෙසේ වාර්තා වී ඇත. “ඇල්ප්‍රඞ් විජේසුරිය කියන මිනිහා හිරේදී පිස්සු හැදිලා කකුලේ පණුවෝ හැදිලා මැරුණේ. රත්නායක හිරෙන් නිදහස් වෙලා පැමිණි පසුව පිහියා ඇනුමකින් මැරුණා. මේක තමයි ධර්මය” ( 325 පිට. රටක් කැළඹු පුවතක අලුත් කතාව කර්තෘ උපාලි සමරසිංහ)මේ උපුටා ගත්තේ ප්‍රේමවතී මනම්පේරිට කළ අපරාධය සිහිපත් කළ කෙනෙකුගේ ප්‍රකාශයකිනි. ඒ අනුව, රණවිරු කුලප්පුව සැදුණ සිවුරු දරන්නන් ගිහියන් මේ කරන්නේ අපා ගතවන පාප කර්මයකි. අපරාධ කරුවෙකු සුද්ධ කරන්නේ තවත් අපරාධ කාරයෙකු විසිනි.

ගිය සතියේ ගෝඨාභය රාජපක්‍ෂ අපෙන් එකෙක් කියා පුවත්පත් දැන්විම් පළ විය. ඊයේ අභියාචනාධිකරණය ගෝඨාභයගේ වාසියට වාරණයක් නිකුත් කළහ. නීතිපති උපුටා දක්වමින් එකී නියෝගය ඒකපාක්‍ෂිකව බව ඊයේ දිනමිණ පුවත්පත වාර්තා කළේ ය. ලබන දෙසැම්බර් 6 වැනි දින නිතිපතිවරයා ගෝඨාභයගේ වාසියට දුන් එකී නියෝගයට එරෙහිව කරුණු දැක්විමට නියමිතය. අලු ගෝසුවන්ට සලුපිළි අන්දවන තක්කඩින් රණවිරුවන් කරවන මේ නරුම ව්‍යාපාරය මහින්ද රාජපක්‍ෂ බලයෙන් පහවූ පසුව වැළඳුන පිස්සුවකි.



2008-2014 බැඳුම්කර වංචා සොයනවා


අත්තනෝමතික තීන්දු තීරණවලට බැඳුම්කර නිකුතු සිදු කරලා

එය පිරමීඩ වංචාවකට සමානයි

තමන්ට කැමති ප්‍රාථමික ගැනුම්කරුවන්ට බැඳුම්කර ලබාදීම දිගින් දිගටම සිදුෙවලා

බැඳුම්කර සිද්ධිය පිළිබඳ ජනාධිපති කොමිසමේ කටයුතු අවසන් වූ වහාම 2008-2014 බැඳුම්කර නිකුතු මහා වංචා පිළිබඳව විමර්ශන ආරම්භ කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (30) ප්‍රකාශ කළේය. එම කාල සීමාවේ දී මුදල් මණ්ඩලයේ තීරණයක් නොමැතිව විනිවිද භාවයෙන් තොරව අත්තනෝමතික ලෙස තින්දු තීරණ ගනිමින් බැඳුම්කර නිකුතු සිදුකර ඇති බවත් එලෙස සිදුකර ඇති වංචාව පිරමිඩ වංචාවකට සමාන බවත් අගමැතිවරයා පැවසීය. පොලී අනුපාතයන් තීරණය කිරීමකින් තොරව තමන්ට කැමති ප්‍රාථමික ගැනුම් කරුවන්ට බැඳුම් කර ලබාදීමේ ක්‍රමවේදයක් දිගින් දිගමට සිදුවී ඇති බව පැවසූ අගමැතිවරයා මේ හේතුවෙන් මුදල් අවභාවිතයන් රැසක් සිදුව ඇති බවත් අවධාරණය කළේය.

වංචා සහගත බැඳුම්කර නිකුතුවලට අමතරව 2008-2014 කාලයේ පාර්ලිමේන්තුවට නොදන්වා ලබා ගත් ණය හා කොටස් වෙළෙදපොළේ සිදුවූ මහා වංචාවන් පිළිබඳවත් විමර්ශනය කිරීමට බලාපොරොත්තු වන බව අගමැතිවරයා පැවසීය. එලෙස අත්තනෝමතිකව ණය ලබාගෙන ණය උගුලකට හසුවූ, නීතිය ක්‍රියාත්මක නොවූ, දූෂණයෙන් හා වංචාවෙන් පිරුණු හා රාජ්‍ය ත්‍රස්තවාදයෙන් බියවැද්දුනු රටක් භාරගත් බව පැවසූ අගමැතිවරයා රට සංවර්ධනය කිරීමේ ක්‍රියාදාමය ඉන් පසුව ආරම්භ කළ බවත් සඳහන් කළේය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ දී ඊයේ (30) විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.


නියෝගය ඒකපාර්ශ්වික යැයි නීතිපති කියයි


පොදු දේපළ පනත යටතේ තමන්ට එරෙහිව පියවර ගැනීමෙන් වළකන ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඒකපාර්ශ්විකව නියෝගයක් දී අැතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මිය ඊයේ (29) විරෝධතාව පළ කළාය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය ප්‍රකාශ කිරීමට සූදානම්ව ඇති බැවින් නියෝගය ප්‍රකාශ කිරීම කල් තැබිය නොහැකි බව විනිශ්චය මණ්ඩලය සඳහන් කළේය.

එම පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරුන් ඒකපාර්ශ්විකව කළ කරුණු දැක්වීම් පමණක් සැලකිල්ලට ගෙන නීතිපතිවරයාට නොතීසි නිකුත් කිරීමකින් තොරව සහ නීතිපතිවරයාගේ කරුණු විමසීමකින් තොරව අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම නීතියට පටහැනි බව අතිරේක සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මිය සඳහන් කළාය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ කටයුතු කිරීමට එරෙහිව පෙත්සමක් ගොනුකර ඇති බවත් එය සම්බන්ධව ඉකුත් 28 වැනිදා ඔහු‍ෙග් නීතිඥවරු ඒකපාර්ශ්විකව කරුණු ඉදිරිපත් කළ බවත් අදාළ අතුරු තහනම් නියෝගය පිළිබඳ නියෝගය ඊයේ (29) ප්‍රකාශ කරන බවත් තමන් දැනගත්තේ පුවත්පත් මඟින් බවත් ඇය සඳහන් කළාය.

නීතිපතිවරයා හෝ වගඋත්තරකරුවන්ගෙන් කරුණු විමසීමකින් තොරව අතුරු නියෝගයක් නිකුත් කිරීම නීති විරෝධී බව ඇය සඳහන් කළාය. ඒ අනුව නීතිපතිවරය‍ාගෙන් ලැබුණු උපදෙස් මත තමා අධිකරණයට පැමිණි බවත්, පෙත්සම සහ අතුරු තහනම් නියෝගය නිකුත් කිරීම සම්බන්ධයෙන් තමන් විරෝධය දක්වන බවත් ඇය කීවාය. එබැවින් එම අතුරු තහනම් ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීමට පෙර කරුණු දැක්වීම සඳහා තමන්ට අවසර දෙන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

එක පාර්ශ්වයකට පමණක් කරුණු දැක්වීමට ඉඩදී අතුරු නියෝගයක් නිකුත් කිරීම නීතියට පටහැනි බව සඳහන් කළ ඇය වගඋත්තරකරුවන් වෙනුවෙන් නොතීසි තමන් බාරගන්නා බවත්, ඔවුන්ගේ උපදෙස් මත කරුණු දැක්වීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියාය.

කෙසේ වූවද අධිකරණය අදාළ නියෝගය ප්‍රකාශ කිරීමට සූදානම්ව ඇති බැවින් එය පසුවට කල් තැබිය නොහැකි බව විනිසුරුමඬුල්ල සඳහන් කළේය.

කොළේ ඉරා ගෙන ඇගේ හලාගෙන දැන් දඟලන රෑ ඩැනියල් දවල් මිගෙල්.


දැන් මෛත්‍රිට රට තුල මුලින් තුබු විශ්වාසය කොහෙත්ම නැත. එපමණක් නොව මෛත්‍රි යනු “රෑ දැනියල් දවල් මිගෙල් ” කෙනෙකු බව මුළු රටම දනී. මෛත්‍රි බලයට පැමිණියේ තම පක්ෂය හැදීමටනම් කිසිදවසක් මෙවැන්නකුට රටේ ජනාධිපති කමට ජනතාව පත නොකරනු ඇත.

“අපේ ජනාධිපති අපට දෙන්න ” මෙහෙම කියන්නේ මහින්දය. දැන් ජනතාවට ඇති ප්‍රශ්ණය ඇත්තෙන්ම මේ ජනපති අපේ ද මහින්දගේ ද ? මහින්ද කිවා හරිය. ඔහු ඇත්තටම මහින්දලාගේ ජනාධිපති බව ඇත්තය. මොකද ආව දවසේ ඉදම්ම ඔහු සිදුකරන්නේම නමට යහපාලනය විතරය.

ඒ නිසාම මහින්ද මෛත්‍රිගේ එකම නියාය පත්‍රයක් බව දැන් මුළු ලෝකයාම දනී.

පසුගිය පුරාවටම රටට පුවත් නොවඩුව ලැබුණේම ජනාධිපති මුලිකවය. ඒ කිසිවකින් ඔහුට හොදක්නම් අහන්න ලැබුණේම නැත. සමහර අවස්ථාවලදී මහජනයා දැඩි වෛරයෙන් කතාකරනවා ඇසුනි.

තවත් දෙනෙක් දෙස් දෙවොල් තියනවාත ඇසීම ඉතාම කනගාටුවකි.මේ වනවිට රටේ සම්හර පලාත් වලට දැඩි ආපදා තත්වයක් ඇතිව තිබේ. වසර 70 ක් රට පාලනය කරත් කිසිම දෙශපාලක යෙක් රටේ මුලික ප්‍රතිපත්ති සෑදීමක් කර නැත.

ලංකාවේ කුමන විෂයක් අරභයාවත් රටේ නොවෙනස් ප්‍රතිපත්ති නැත. ඇත්තේම ඒ ඒ පක්ෂ බලයට පැමිණි විට ඒ පක්ෂ වල පිම්බීමට හදන වැඩ සටහන්ය.

රටේ අගනගරය වැස්සට යට වෙනවා ,ගස් කඩන් වැටෙනවා එත් කිසිම පිලිගත හැකි වැඩ පිලිවලක් නැත. කොහොම උනත් මේවාට ජනතාව වන්දි ගෙවන්නේ ජීවිත වලිනි.

ගෙවි ගිය සතියක් පුරාවටම රටේ ප්‍රධාන මාතෘකාව මෛත්‍රි පිල රාජපක්ෂලාගේ පස්සේ ගොස් දෙගොල්ල එකතුවීමට සංධාන ගැසීමටය. එත් මහින්දවැනි කපටි නරියකුගෙන් කුමක් ලබාගන්නදැයි මෙවන කොට මෛත්‍රිට වැටහී ඇත. දෙගොල්ලන්ගේ එකතුව වෙනුවෙන් මෛත්‍රිත් නොකල දෙයක් නැත.

තමාත් බල්ලන් සමග නිදාසිටියදි ඉන් පිටතට ගෙන සොදා පිරිසිදු කොට ජනාධිපති පුටුවේ වාඩිකල ජනීජනයාට පයි ගසා තමාට සුදුසු තැනට යාමට රටේ ධනය අම්මා තාත්තගේ සොහොන හදන්නත් ගත්ත කාලකන්නීන් අත්වඩංගුවට නොගනීමට , සිරියලිය ගිනුමට නඩු පැවරීම නතර කිරීම, තාජුදීන් ඝාතනය, වැනි දේවල් කරමින් ජනාධිපති මෛත්‍රි තමාගේ බලු අත සාමයට දික් කල බව රටම දනී.

ඒත් සිදු වුයේ කුමක්ද ? රාජපක්ෂලාගේ පැත්තෙන් මෛත්‍රි වෙතට ආවේ මුලුමනින්ම තම සැපසම්පත් නතර වෙන යෝජනාය , කිසිම බල ලොබියෙක් තම බලය සම්පත් අතැරීමට අකමැතිය.

දැන් මෛත්‍රිට රට තුල මුලින් තුබු විශ්වාසය කොහෙත්ම නැත. එපමණක් නොව මෛත්‍රි යනු “රෑ දැනියල් දවල් මිගෙල් ” කෙනෙකු බව මුළු රටම දනී. මෛත්‍රි බලයට පැමිණියේ තම පක්ෂය හැදීමටනම් කිසිදවසක් මෙවැන්නකුට රටේ ජනාධිපති කමට ජනතාව පත නොකරනු ඇත.

මෛත්‍රි දැන් දිවා රාත්‍රි නොබලා වෙහෙසෙන්නේ තම ගොඩ දා ගැනීමටය. ජනතාව කිසිසෙත් එවනි දේකට ඉඩ නොදිය යුතුය. රට හදන්න කියා දහ අතේ දිවුරාලා එන උන් දැන් වලි කන්නේ තම පක්ෂ දේශපාලනය පිම්බිමටනම් ජනතාව පාරට බැස ඊට විරුද්ධව නැගිසිටිය යුතුය.

මෛත්‍රිගේ කීමට ඩිලාන් ,අනුර යාපා, දයාසිරිලා ඔවුන්ගේ හෙන්චයියන් දමා මැතිවරණය පස්සට දැමීමට ගිය නාටකයත් ජනතා විමුක්ති පෙරමුණේ සටන නිසාම හකුලා ගැනීමට මෛත්‍රි ප්‍රධාන නඩයට අදවන විට සිදු විය.

මෙම පෙත්සම ඉවත් කරගැනීමෙන්ම පෙනියන්නේ මෙය මෛත්‍රි සිදුකල ඩිලාන්ගේ කොම්පැණියේ ඇබරු ලනුවක් බවය. දැන් ජනවාරි 08 වෙනිදා තමා සමග සිටි ජනතාවට පස්ස පෙන්නු මෛත්‍රි හොරුසමග එක්ව රට මේ වන විට අරාජික කොට ඇත.

මෛත්‍රිගේ වාරයටදැන් තිත තැබිය . ජනතා බලය දැන් පෙන් විය හැකිය හොරුන් පලවා හැර ජනතාවට ගමට යමක් කලහැකි බුද්ධිමතෙකු ගමේ ප්‍රදේශිය සභාවට යැවීම දැන් කල හැකිය.
ජනතාව දැන් දවල් මිගෙල්ලා අදුනාගෙන සිටින නිසා වැඩේ ඉතාම පහසු වනවාඇත. දැන්වත් ජනතාව තම රට ගැන සිතා බුද්ධිමතව තම ඡන්දය පාවිච්චි නොකල හොත් වසර 70 කලා සේ දේශපාලකයන්ට දෙස් දෙවොල් තබා කිසිදු වැඩක් සිදුවන්නේ නැත.

බැදුම්කර කොමිසම​, රාජපක්‍ෂ ණය​, හා මුල්‍ය පාලනය​ සිද්ධිය පිලිබදව අගමැතිගේ විශේෂ ප්‍රකාශය.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2017 නොවැම්බර 30 වන දා පාර්ලිමේන්තුව අමතා කළ විශේෂ ප්‍රකාශය:...

.***වීඩියෝව පහතින් බලන්න.

කොමිසමේ සාක්‍ෂි විභාගයේදී මෙතෙක් අනාවරණය නොවූ කරුණු කීපයක් පිළිබඳව කොමිසම හමුවේ කරුණු දැක්වීමට මට සිදු වුණා. ඒ, 2015 වසරේ අප ආණ්ඩුව බාර ගන්නා විට රටේ තිබූ මුල්‍ය තත්වයයි.

2014 වසර වන විට පැවැති මුළු විදේශ ණය ප්‍රමාණය රු. බිලියන 3,113 ක්. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 30% ක්. 2014 වසරේ පැවැති සමස්ථ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 71.3% ක්. දළ දේශීය නිෂ්පාදිතයෙන් 10.4% ක් ණය ගෙවීමට වැය වුණා. රටේ තිබූ ආර්ථික තත්ත්වය අනුව රජයේ ආදායම ණය ගෙවීමටත් මදි වුණා. රජයේ වියදම් සඳහා තවත් ණය ගැනීමට සිදු වුණා.

2008 වසරේ සිට 2014 වසර දක්වා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු විස්තර මා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබාගෙන තිබෙනවා. මෙම සෑම වසරකම බහුතරයක් නිකුත් කිරීම් සිදු කොට තිබෙන්නේ පුද්ගලික ඍජු නිකුත් කිරීම්. මෙහි කිසිම විනිවිදභාවයක් තිබිලා නැහැ.

මා මේ අවස්ථාවේ මවිසින් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබාගත් 2008 වසරේ සිට 2014 වසර දක්වා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ වාර්තාව සභාගත කරනවා. මෙම කාලය තුළ රුපියල් බිලියන පන්දහස් එකසිය හතලිස් හතක (රු. 5,147,751,210,000/-) ක බැඳුම්කර නිකුත් කර තිබෙන අතර ඉන් රුපියල් බිලියන හාරදහස් හත්සිය දෙකක (රු. 4,702,232,210,000/-) බැඳුම්කර නිකුත් කර තිබෙන්නේ පුද්ගලික ඍජු නිකුත් කිරීමේ ක්‍රමය යටතේයි. එනම් මෙම කාලය තුළ මුළු බැදුම්කර නිකුතුවලින් සියයට 90 කට වඩා වැඩි ප්‍රතිශතයක් නිකුත් කර තිබෙන්නේ පෞද්ගලික ඍජු බැඳුම්කර නිකුතු ක්‍රමය යටතේයි. මෙම කාලය තුළ අවස්ථා 84 ක දී පෞද්ගලික ඍජු නිකුත් කිරීම් ක්‍රමය යටතේ බැඳුම්කර නිකුත් කර තිබෙනවා. බැඳුම්කර වෙන්දේසි ක්‍රමය මඟින් නිකුත් කර ඇති බැඳුම්කර වටිනාකම රුපියල් බිලියන 435.5 ක් පමණයි. 2015 වසර තුළ දී පුද්ගලික ඍජු නිකුත් කිරීමේ ක්‍රමය යටතේ බැඳුම්කර නිකුත් කර තිබෙන්නේ අවස්ථා හතරක දී පමණයි. එහි වටිනාකම රුපියල් බිලියන 157.5 යි. දැනට නිකුත් කර ඇති භාණ්ඩාගාර බැඳුම්කර සඳහා 2017 සිට 2045 දක්වා ගෙවිය යුතු මුළු මුදල හා පොලිය පිළිබඳව පුරෝකථන වාර්තාවක් මා මහ බැංකුවෙන් ලබා ගත්තා. ඒ අනුව 2045 වන තෙක් බැඳුම්කර සඳහා රුපියල් බිලියන 4154 කුත්, පොලිය වශයෙන් රුපියල් බිලියන 3086 කුත් ගෙවීමට තිබෙනවා. නමුත් මෙම කාලය තුළ රජයට බැදුම්කර හරහා තවත් ණය ගන්න සිදු වෙනවා. ඒ සඳහා අනාගතයේ දැරීමට සිදුවන වියදම් මෙම පුරෝකථනයට ඇතුළත් වී නැහැ. එම මුදලත් එකතු වූ විට අති විශාල ණය මුදලක් ඉදිරියේ දී ගෙවීමට සිදු වෙනවා. මේවා ගෙවන්න වෙන්නේ මේ රටේ ජනතාවටයි.

2015 ජනවාරි මාසයේ දී අප බලයට පත්වීමෙන් අනතුරුව මාර්තු මාසයේ දී අප මේ බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව විමසීමක් කළා. එහිදී අපට පෙනී ගියේ මුදල් මණ්ඩලය විසින් පුද්ගලික ඍජු නිකුත් කිරීම් ක්‍රමය යටතේ බැඳුම්කර නිකුත් කිරීම සඳහා කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. මුදල් මණ්ඩලය තීරණය කොට තිබුණේ රජයේ මුදල් අවශ්‍යතාවය සඳහා කෙටි කාලීන විසඳුමක් ලෙස Captive මූලාශ්‍ර හරහා මුදල් සෙවීමයි. පුද්ගලික ඍජු නිකුත් කිරීම යටතේ විශාල වශයෙන් බැඳුම්කර නිකුත් කිරීමට එමඟින් කිසිඳු අනුමැතියක් ලබා දී තිබුණේ නැහැ. උදාහරණයක් වශයෙන් සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල, සේවක අර්ථ සාධක අරමුදල හා ජාතික ඉතිරිකිරීමේ බැංකුව ආදී ආයතන මගින් බැඳුම්කර නිකුත් කිරීමටයි එම තීරණ ගෙන තිබුණේ. මා එම මුදල් මණ්ඩලයේ තීරණ සභාගත කරනවා.

එසේ නම් සිදු වී ඇත්තේ කුමක්ද? මුදල් මණ්ඩල තීරණයක් නොමැතිව, විනිවිදභාවයකින් තොරව තමන්ට රිසි පරිදි පොලී අනුපාතයන් තීරණය කොට තමන්ට අභිමත ප්‍රාථමික ගැනුම්කරුවන් වෙත ලබා දීමේ ක්‍රමවේදයක් දිගින් දිගටම ක්‍රියාත්මක වුණා. මෙය අවභාවිතයන් ගණනාවකට හේතු වුණා.

2015 වසරේ අප මෙම රජය බාර ගන්නා තෙක් ක්‍රියාත්මක වූ ක්‍රමය පිරමීඩ වංචාවකට සමානයි. ඇත්ත වශයෙන්ම විශාලම පිරමීඩ වංචාව මෙයයි. මේ ලබාගෙන තිබෙන ණය ප්‍රමාණය හා පොලිය ආපසු ගෙවීමට අපේ ආර්ථිකයට ශක්තියක් කරන්නට අපි 2025 දැක්ම ඉදිරියට ගෙන යනවා. මෙම ණය බර පැටවෙන්නේ මේ රටේ ජනතාවටයි.

ගරු කතානායකතුමනි,

දැනට ක්‍රියාත්මක වෙන බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධ ජනාධිපති කොමිසමේ වැඩ කටයුතු අවසන් වීමෙන් අනතුරුව 2008 – 2014 කාලය තුළ සිදු කර ඇති මේ මහා වංචාව පිළිබඳව සෙවීමට අප බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මෙම කාලය තුළ පාර්ලිමේන්තුවට නොදන්වා ලබාගත් ණය හා නිකුත් කළ බැදුම්කර පිළිබඳව පරීක්‍ෂා කිරීමට පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කමිටුවේ අවධානය යොමු කරවීමට අප බලාපොරොත්තු වෙනවා. එසේම, මෙම කාලය තුළ කොටස් වෙළෙදපොල තුළ සිදු වූ මහා වංචාවන් පිළිබදව ද සෙවීමට බලාපොරොත්තු වෙනවා.
මෙවැනි වංචනික ක්‍රමවේදයක් වෙනුවට විනිවිද පෙනෙන, විධිමත් ක්‍රමවේදයක් අවශ්‍ය බව අප කාගේත් පිළිගැනීමයි. ඒ නිසයි අපි විවෘත වෙන්දේසි ක්‍රමය ක්‍රියාත්මක කළ යුතු බවට තීරණය කළේ. මීට කලිනුත් විවෘත වෙන්දේසි සීමිත අවස්ථා කීපයකදී ක්‍රියාත්මක කර තියෙනවා. නමුත් ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට වඩා විධිමත් හා විනිවිද පෙනෙන ක්‍රමවේදයක් සැකසීම අපේ අපේක්‍ෂාව වුණා. ඒ නිසා වෙන්දේසි ක්‍රමය ක්‍රියාත්මක කරන අතරතුරම එය වඩාත් විධිමත් කරලීම උදෙසා ජාත්‍යන්තර විශේෂඥ උපදෙස් ලබා ගැනීමට අප ක්‍රියා කළා. එක්සත් ජනපද භාණ්ඩාගාර විශේෂඥයෙක් අපට ඒ සඳහා සහය වෙනවා.


Wednesday, November 29, 2017

විමල්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් අධි චෝදනා 39 ක් .


පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා 39 ගොනු කර තිබේ.

නීති විරෝධි ලෙස වත්කම් ඉපැයිම සම්බන්ධයෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයාට එරෙහිව මෙම අධි චෝදනා ගොනු කර ඇති.

‘ගැට දෙකක් තියෙනවාද කියලා අතගාලා බලන්න’


එජාපය සහ නිදහස් පක්ෂය යනු එකම කඳවුරක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එම පෙරමුණෙහි නායක අනුර කුමාර දිසානායක මහතා පැවසූවේ මෙම පක්ෂ දෙක එකම කඳවුරක් නොවෙයි නම් ජනාධිපතිවරයා නිදහස් පක්ෂයෙනුත් අගමැතිවරයා එජාපයෙනුත් වශයෙන් රට පාලනය කළ නොහැකි බවයි.

එමෙන්ම එයට නිදසුනක් ලෙස ඇතැම් අමාත්‍යංශවල ඇමති එක් පක්ෂයකිනුත් නියෝජ්‍ය ඇමති අනෙක් පක්ෂයෙනුත් බිහිවී ඇති බව ද ඔහු පෙන්වා දුන්නා.

“රට හදපු අපට ගම හදන්න දෙන්න” යැයි රනිල් වික්‍රමසිංහ මහතා පවසන නමුත් ඔවුන් සැබෑ ලෙසම රට හැදුවා දැයි දිසානායක මහතා ප්‍රශ්ණ කර සිටියා.

රටේ බලය ගත් පසු මහබැංකුවට පහර ගැසුවානම් ගමේ බලය ගතහොත් සමූපකාර බැංකුවට පහර වැදීම අනිවාර්ය බවයි ඔහු පැවසුවේ.

ප්‍රධාන පක්ෂ ගම හදනු ඇති බවට විශ්වාස කරමින් ප්‍රාදේශීය සභාවන්හි බලය ලබා දෙමු යැයි කවරෙකු හෝ සිතන්නේ නම් එසේ සිතන අතරතුර හිස අතගා බලා ගැට දෙකක් තිබේ දැයි පරීක්ෂා කරන ලෙස ද ජවිපෙ නායකයා ඉල්ලා සිටියා....වීඩියෝව පහතින් බලන්න



”මහින්දවයි – මෛත්‍රිවයි කාමරයකට දමලා පැය දෙකක් තිබ්බ නම් වැඩේ ඉවරයි..එක්කො ගහගනියි. නැත්නම් බදාගනියි.”


මැතිවරණය කල් දැමීමට ඉදිරිපත් කර ඇති පෙත්සම් ඉල්ලා අස්කර ගන්නා ලෙස ජනාධිපතිවරයා ඔහුගේ නීතිඥ මාර්ගයෙන් පෙත්සම්කරුවන් වෙත දැනුම්දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.

එකී පෙත්සම් ඉදිරිපත් කිරීමේ වගකීම නිශ්චිතවම මෛත්‍රි ප්‍රමුඛ ශ්‍රී ලනිපය පාර්ශ්වය භාරගත යුතු බව දිසානායක මහතා කියයි.
මන්ත්‍රිවරයා පවසන්නේ මැතිවරණය පවත්වාගැනීම පාර්ලිමේන්තුවේ හෝ අධිකරණ ක්‍රියාදාමයෙන් කළ නොහැකි නම් නිසැකවම හෙට (30දා) අධිකරණයේ තීන්දුව කුමක්දැයි බලා මහජන ගඟක් කොළඹට කැඳවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කවර හෝ යටත්වීම් හමුවේදී මහින්ද රාජපක්‍ෂ පාර්ශ්වය සමඟ යම් එකඟතාවකට පැමිණ ඇති බවක් පෙනෙන බවද ඒ මහතා පෙන්වා දෙයි. “මහින්ද – මෛත්‍රි අතර තියෙන්නේ පෞද්ගලික ගැටුමක් මිස ප්‍රතිපත්තිමය ගැටලුවක් නෙවෙයි. මහින්ද රාජපක්‍ෂට වෛරයක් තියෙනවා තමන්ගේ පක්‍ෂ ලේකම් හොරෙන්ම එළියට ඇවිත් රාජපක්‍ෂගේ ජනාධිපතිකම අහිමි කිරීම ගැන. මෛත්‍රිට වෛරයක් තියෙනවා ඔහු කියන පරිදි මහින්ද රාජපක්‍ෂගේ පවුලෙන් ඔහුට තිබුණා කියන කෙනෙහිලිකම්, ඝාතනයට ලක්කරන්න හිටියා කියන කාරණා හින්දා. අපි කියන්නේ මේ දෙන්නා කාමරයකට දාලා පැය 24ක් ‍ෙදාර ලොක් කරලා තියන්න ඕනෑ. එක්කො ගහගනියි. නැත්නම් බදාගනියි.”

යනුවෙන් අනුර කුමාර මහතා පැවැසුවේ ඊයේ (28දා) සිය පක්‍ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදීය.
හෙතෙම එහිදි මෙසේද කීය.

පළාත් පාලන මැතිවරණය කල් දැමීම වෙනුවෙන් මේ වන විට අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂය කල්පනා කරනවා ඡන්දය කල්දාන්න. ඒ අය හිතනවා මේ මාසේ අප්සෙට් වුණාට ලබන මාසෙ හොඳ වෙයි කියලා. මෛත්‍රි මහත්තයා කල්පනා කරනවා මේ මුහුණ දීලා තියෙන අර්බුදය හින්දා මැතිවරණය කල්දාන්න. මොකද ඔහුගේ ජනපති ධුරය අවලංගු වෙයි කියන බයත් ලක්‍ෂ 62 ඡන්දය තනිවම ඉල්ලුවොත් පහත වැටීමත් එක්ක තියෙන බයත් ඔහුට තියෙනවා. එය දේශපාලනිකව බලපාන බව ඔහු දන්නවා.

2012 දී බැසිල් රාජපක්‍ෂ ගෙනා මැතිවරණ ක්‍රමයේ තිබෙන ගැටලු නිසා මැතිවරණය කල් දමන බව ආණ්ඩුව දිගටම කියනවා. එය අපි පිළිගන්නවා. නමුත් නව ඡන්ද ක්‍රමයක් හා සීමා නිර්ණ ගැටලු හේතුවෙන් වසර 2කට වැඩි කාලයක් ඡන්දය කල්දැම්මා.
ප්‍ර: මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ වාර්තාව නිකුත් වීමෙන් පසු පෙරළියක් ඇති වෙයිද?

පි: කිසි පෙරළියක් වෙන්නෙ නෑ. ගණන් ගත යුතුත් නෑ. මොකද මේ ජනාධිපතිවරයා සතුව පමණක් වාර්තා 17ක් තියෙනවා. ඒ වාර්තා ලබාදෙන්න කියලා මං පාර්ලිමේන්තුවේදිත් කිව්වා. තවම ලැබී නෑ. මීට කලින් ජනපති බරපතළ වංචා දූෂණ විමර්ශන කොමිසමක් තිබුණා. ඒකට චන්න විජේවර්ධන, ජැක්සන් ඇන්තනී, දමිතා අබේරත්න වැනි කලාකරුවන්, ඇවන්ගාඩ් ගනුදෙනුව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්‍ෂ, හමුදා නිලධාරීන් ගෙන්නුවා. විශාල ආන්දෝලනයක් තිබුණා. මේවා රංගන පමණයි අන්තිමට.


මෛත‍්‍රී අභීත ලෝක නායකයෙක් බව පෙන්වයි.. උතුරු කොරියා බැලස්ටික් මිසයිලයට විරෝධය ලිඛිතවම දක්වයි.

මෛත‍්‍රී අභීත ලෝක නායකයෙක් බව පෙන්වයි.. උතුරු කොරියා බැලස්ටික් මිසයිලයට විරෝධය ලිඛිතවම දක්වයි.

උතුරු කොරියාව විසින් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා ශ්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් විසින් හෙලා දැක තිබේ.

ජනාධිපතිවරුන් දෙදෙනා විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනයක් මගින් මෙම හෙලා දැකීම සිදු කර ඇත.

පොල්පිතිගමදී හමු වූ ඇත් දල යුගල ගල්ගමුවේ දල පූට්ටුවාගේ බවට තහවුරු වෙයි


දළ පූට්ටුවාගේ බවට සැක කෙරෙන දළ ඇතෙකුගේ මළ සිරුරක් පල්ලේකැළේ රක්ෂිතයෙන් සොයා ගනී

දළ පූට්ටුවා මැරූ අයට උපරිම දඬුවම් - වනජීවී ඇමැති

සති 3ක පමණ කාලයක සිට අතුරුදන්ව සිටි ගල්ගමුව දළ පූට්ටුවා නමැති හස්ථියාගේ සිරුර සොයාගත්තා. කහල්ල පල්ලේකැළේ රක්‍ෂිතයට අයත් සොරොව් වැව ආසන්න‍ ප්‍රදේශයේදීයි මෙම සිරුර සොයාගෙන ඇත්තේ.දළ පූට්ටුවා නමින් හැඳින්වෙන මෙම හස්ථියා මෙරට සිටින දළ පූට්ටු හස්ථීන් හතර දෙනාගෙන් එක් හස්ථියෙක්. මෙම සත්ත්වයාගේ වයස අවුරුදු 50ක් පමණ වන බවයි සැලකෙන්නේ.

පසුගියදා වලාන දූෂණ මර්දන ඒකකයට ඇත් දළ යුගළක් හමුවීමත් සමග එය ගල්ගමුවේ දළ පූට්ටුවාගේ බවට සැකයක් මතුවුණා. ඒ ඔස්සේ කළ විමර්ශනවලදීයි මෙම හස්ථියා අතුරුදන්වී ඇති බව තහවුරු කර ගත්තේ. මේ පිළිබඳ මහත් ආන්දෝලනයක් ඇති වූ අතර දළ පූට්ටුවා සෙවීමේ මෙහෙයුම් සඳහා කණ්ඩායම් 8කට අයත් නිලධාරීන් සිය දෙනෙකු පමණ යොදවා තිබුණා. වනජීවී නිලධාරීන් , සිවිල් ආරක්‍ෂක බලකාය , පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය ඇතිවයි එම කටයුතු ක්‍රියාත්මක කෙරුණේ. සිද්ධිය සම්බන්ධයෙන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. කහල්ල පල්ලේකැළේ රක්‍ෂිතයේ කළ විමර්ශනවලදීයි වළ දැමූ හස්ථියාගේ සිරුර සොයා ගත්තේ. දළ පූට්ටුවාගේ දකුණු පාදයේ තිබූ තුවාලයක් හා හිස්කබල තුළ ඇත් දළ ගැලවූ බවට තිබූ සලකුණු ද සැලකිල්ලට ගනිමින් එම සිරුර දළ පූට්ටුවාගේම බවට වනජීවී නිලධාරීන් තහවුරු කර ගත්තා. කෙසේ වුව ද පරිසර සංවිධාන කිහිපයක පිරිසක් වනජීවී දෙපාර්තමේන්තුවට අද පැමිණ මෙම හස්තියා අතුරුදන් වීම පිළිබඳ ප්‍රශ්න කර සිටියා. එහිදී උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා.

මේ පිළිබඳ විමර්ශන විධිමත් කරන ලෙසයි සාකච්ඡාවට එක් වූ පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කළේ. මාධ්‍ය හමුවක් පවත්වමින් වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කියාසිටියේ වැරදිකරුවන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවයි.



ඉතාලියේ ජිවත් වන ඔබ පවූලේ විසාවක් අයදුම් කර තිබේද?...පවූලේ විසාගැන දැනගත යුතු කරුණු


ඉතාලියේ ජිවත් වන ඔබ පවූලේ විසාවක් (බිරිද හෝ සැමියා ) සදහා අයදුම් කර තිබේද එසේ නම් ඔබ කලින් විවහා වි සිට පසුව දික්කසාද වී නැවත විවහා පසුව නැවත ෆැමිලි විසා අය දුම් කල අයෙක් නම් දැන් පවත්නා නිතියට අනුව පවූලේ විසාවක් අයදුම් කරන්නේ නම් තමන් වාසය කරන කොමුනේ (ප්‍රදේශයේ ) කාර්යාලයෙන් මෙම සහතිකය (ESTRATTO PER RIASSUNTO DELL’ATTO DI MATRIMONIO) ”Extract Summarising the Marriage Act " issued by the relevant Italian Comune ලබා ගෙන ඉදිරිපත් කිරීම අනිවාර්ය වෙයි මෙම සහතිකය ඉදිරිපත් කරන තෙක් ඔබගේ විසා අයදුම් පත තාවකාලිකව නවත් වනු ඇත එම නිසා දික්කසාද වී නැවත වෙනත් අයෙක් සමග විවහා ගිවිස ගෙන පවූලේ විසාවක් Family reunion Visa /Familare අයදුම් කර තිබෙන අය මේ ගැන සැලකිලි මත් වන්න.
ලෙස්ලි හර්බට් විජේසිංහ

කෝටි 300 සංඛ්‍යාත මගඩියට ජනපති මෛත්‍රීත් කොමිසම හමුවටද-- හිටපු ICTA ලොක්කා ඉඟි කරයි.


කෝටි 300 සංඛ්‍යාත මගඩියට ජනපති මෛත්‍රීත් කොමිසම හමුවටද.. හිටපු ICTA ලොක්කා ඉඟි කරයි.

රජයට කෝටි 300 අහිමි කළ සංඛ්‍යාත මගඩියටත් විමර්ෂන කොමිෂම් පත් කරන්නේ දැයි ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස සේවය කළ මුහුන්දන් කනකේ මහතා ප්‍රශ්න කරයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ ආන්දෝලාන්තමක ප්‍රකාශය සිදුකර තිබේ.

ඔහුගේ ෆේස්බුක් සටහන..

“Will there be a Commission to investigate the spectrum fraud worth a minimum as Rs. 3 Billion as high as Rs. 10 billion issued to Maharaja’s by an institution under the President?”
මුහුන්දන් මහතා පවසන්නේ සංඛ්‍යාත මගඩිය මහ බැංකු හොරකමටත් වඩා විශාල බවයි.

මුහුන්දන් මහතා වත්මන් රජය යටතේ ICTA ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස පත් කළත් පසුගිය අගෝස්තු මාසයේ ඔහු සේවයෙන් අස් කෙරිණ.

එකල ඔහු පැවසුවේ ජනාධිපතිවරයා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හරහා කළ දැනුම්දීමකට අනුව තමන් ඉවත් වන බවයිග

කෝටි දහසක සංඛ්‍යාත ප්‍රධාන මාධ්‍ය ආයතනයක් වෙත නිසි ක්‍රමවේදයට පිටින් ලබාදීම හරහා කෝටි 300 ක් රජයට අහිමි කර ඇතැයි දිගින් දිගටම විටින් විට චෝදනා නැගුවත් මෙලෙස සෘජුව ජනාධිපතිවරයා ඉලක්ක කර අභියෝග කිරීම සුවිශේෂී කාරණයකි.

Tuesday, November 28, 2017

මැතිසබය රත්වෙයි --- තීරණාත්මක සාකච්ඡාවකට මහින්ද හදිසියේම පාර්ලිමේන්තුවට


මේ දිනවල බොහෝ දෙනකුගේ අවධානය යොමු වී තිබෙන කාරණයක් ගැන වැඩි අවධානයක් යොමු වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (28දා) පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණීමත් සමඟයි. හිටපු ජනාධිපතිවරයා හදිසියේ පැමිණියේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම විසින් කැඳවා තිබූ විශේෂ රැස්වීමක් සඳහායි.

හරියටම 2.00ට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු රැසක්ම පැමිණ සිටියහ. මන්ත්‍රිවරුන්ගේ භෝජනාගාරයට ගිය හිටපු ජනාධිපතිවරයා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සමඟම එහිදී දිවා ආහාරය ලබා ගත්තේය.

දිවා ආහාරය ලබා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා යන විට රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා හමුවිය. සුහදව හර්ෂ ද සිල්වා රාජ්‍ය අමාත්‍යවරයා කතා කළ අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හර්ෂ ද සිල්වා මහතාගේ කරට අත දාගෙන සුහදව කතාබස් කරමින්ම මන්ත්‍රි භෝජනාගාරයට ගියේය.

මන්ත්‍රි භෝජනාගාරයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අසලට පැමිණි අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ටික වේලාවක් කතාබස් කළේය. දිවා ආහාරය ලබාගෙන අවසන් වී විපක්ෂ නායක දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහත්වරුද හිටපු ජනාධිපතිවරයා අසලට පැමිණ කතාබස් කළහ.

ඉන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයේ බිම් මහලේ කමිටු ශාලා අංක 2 වෙත සවස 2.45 වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණියේ තීරණාත්මක විශේෂ සාකච්ඡාවකටය.

ඒ වන විටත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රැසක් කමිටු ශාලා අංක 2හි අසුන්ගෙන සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම අපේක්ෂාවෙනි.

රැස්වීම ආරම්භ වීමෙන් අනතුරුව ගාමිණී ලොකුගේ, මහින්දානන්ද අලුත්ගමගේ, කුමාර වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන, කාංචන විජේසේකර, වාසුදේව නානායක්කාර, රංජිත් ද සොයිසා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රැසක්ම අදහස් දක්වන්නට වූහ.

ඔවුන් සියලුදෙනාම වාගේ පෙන්වා දුන්නේ මෙම සාකච්ඡා සාර්ථක කර ගන්නට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂ හවුල් ආණ්ඩුවෙන් ඉවත් වීම සඳහා යම් ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ යුතු බවයි. එසේ නොමැතිව සිදු කෙරෙන මෙම සාකච්ඡා ඵල රහිත බවත් ඒ ගැන මීළඟ සාකච්ඡාවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම්දෙන ලෙස ඒකාබද්ධ විපක්ෂය විසින් පත් කරන ලද කමිටුවට අයත් මහින්ද යාපා අබේවර්ධන, සී.බී. රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි යන මහත්ම මහත්මීන් දැනුවත් කරන ලදී.

“දේශපාලන පළිගැනීම්වලට ලක්වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් බරපතළ ප්‍රශ්න රැසකට මුහුණදීලා තියෙනවා. හුඟ දෙනකුගේ ගමන් බලපත්‍ර උසාවි භාරයේ. බැංකු කටයුතු පහසුවෙන් කරගන්න බැහැ. පවුලේ සාමාජිකයන්ටත් බැංකු කටයුතු සිදු කිරීමේදී ගැටලු මතුවෙලා. එෆ්.සී.අයි.ඩී., සී.අයි.ඩී. එකට යන්න වෙයි කියලා බොහෝ දෙනකු ඉන්නේ පීඩනයකින්.” යනුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කළේය.

“කිසිම කාලෙක සිදු නොවූ ආකාරයෙන් අභූත චෝදනා නඟමින් දේශපාලන පළිගැනීම් වත්මන් ආණ්ඩුව සිදු කරමින් පවතිනවා” යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මෙසේ කමිටු ශාලා අංක 2හි මෙම සාකච්ඡාව යන අතරතුර එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පැමිණියේ කමිටු ශාලාවක පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා සහභාගිවීමටය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ රැස්වීම පැවැත්වෙන කමිටු ශාලාවේ ‍ෙදාරටුව අසලටම ගිය මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයා හොඳින් එය පරීක්ෂා කළ නිසා එම කමිටු ශාලාවට ඇතුළු නොවී කඩිනමින් ආපසු පැමිණියේය. තව පොඩ්ඩෙන් මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයාට සිදු වන්නේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට සහභාගි වීමටය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පැය එකහමාරක කාලයකින් පසුව අවසන් වූයේ සවස 4.15ට පමණය.

සාකච්ඡාව අවසන් වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටතට යෑමට පැමිණෙමින් සිටියදී ආලින්දයේදී මුණගැසුණේ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාය.

තිලංග සුමතිපාල මහතා සුහදව කතාබස් කළ අතර ඉන් සමුගෙන හිටපු ජනාධිපතිවරයා ඉදිරියට ගියේය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පිටුපසින් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පැමිණි අතර මිට මොළවා දකුණතින් තිලංග සුමතිපාල මහතා නාමල් රාජපක්ෂ මහතාගේ අතේ බාහුවට ප්‍රහාරයක් එල්ල කළේ කරාතේ ශූරයකු සිහිගන්වමිනි. එම විහිළුවෙන් දෙදනාම හොඳටම සිනාසුණහ.

මැතිසබය තුළ ආණ්ඩු පක්ෂය පැත්තෙත්, විරුද්ධ පක්ෂය පැත්තෙත් මේ ආකාරයෙන් යම් යම් කසු කුසු සාකච්ඡා පැවැත්වෙන්නේ මාතෘකා කිහිපයක් ඔස්සේය.

කොළේ ඉරාගෙන ඇඟේ හලාගෙන මගේ ළඟට එන්න එපා යනුවෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කළ ප්‍රකාශය, ‘අපේ ජනාධිපති අපි බලාගන්නම්’ යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟි කිරීම වෙනුවෙන් පැවැත්වෙන සාකච්ඡා, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අතර සිදුවූ සාකච්ඡා. මෙම යම් යම් ස්ථානවල පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රධාන මාතෘකා බවට පත්ව තිබුණි.

නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, ෆයිසර් මුස්තාපා, එස්. බී. දිසානායක, චන්දිම වීරක්කොඩි, ලක්ෂ්මන් සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, ඩබිලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, මහින්ද සමරසිංහ ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් විටින්විට හමුවී මැති සබය තුළත් මැති සබයෙන් පිටතදීත් සාකච්ඡා කරන බව දක්නට ලැබිණි.

පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ජෝන් අමරතුංග, මලික් සමරවික්‍රම, මංගල සමරවීර, කබීර් හෂීම් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් අමාත්‍යවරු යම් යම් අවස්ථාවල හමුවී සාකච්ඡා කළහ.

චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, රංජිත් ද සොයිසා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ද කතාකරමින් සිටියේ වර්තමාන දේශපාලන තත්ත්වයයි.

මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන චමින්ද විජේසිරි, හේෂා විතානගේ, සංදීප් සමරසිංහ, අශෝක ප්‍රියන්ත යන මහත්වරුද බොහෝ වේලාවක් ආණ්ඩු පක්ෂයේ පසුපෙළට වී සාකච්ඡා කරමින් සිටිනු දක්නට ලැබිණි.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන, රංජිත් ද සොයිසා, පියංකර ජයරත්න මන්ත්‍රිවරුන් තිදෙනා පාර්ලිමේන්තු සංකීර්ණයේ බිම් මහලේ ආලින්දයේදී කතාබස් කරමින් සිටියේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳවය.

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුවේ) රැස්වීමට යෑමට පැමිණි එහි සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තිදෙනා දැක එම ස්ථානයට ගියේය.

සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රිවරයා සහ ඒකාබද්ධ විපක්ෂයේ මෙම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පළාත් පාලන ඡන්දය සහ වර්තමාන දේශපාලන තත්ත්වය ගැන කතාබස් කළහ. ඡන්දය කඩිනමින් ලබාගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු විය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටතට යෑමට පැමිණි අවස්ථාවේදී එම දිස්ත්‍රික්කයම නියෝජනය කරනු ලබන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා මුණගැසුණේය.

කොහොමද මන්ත්‍රිතුමා දේශපාලන තත්ත්වය හේෂා විතානගේ විමසීය.
‘අපි දිනනවා’ රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා.

‘බලමු, බලමු’ කියමින් හේෂා විතානගේ මන්ත්‍රිවරයා යන්නට ගියේය.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට පාර්ලිමේන්තු සංකීර්ණයේ පළමු මහලේ පුස්තකාලය අසලදී මුණගැසුණේ මෑතකදී ආණ්ඩුවෙන් ඉවත්වී ඒකාබද්ධ විපක්ෂයට එක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයෙකි.

මෙසේ එක්සත් ජාතික පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් අලුවිහාරේ මහතාට මුණගැසුණේ හිටපු තැපැල් නියෝජ්‍ය අමාත්‍ය මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩුලිප් විජේසේකර මහතාය.

‘ආ--- කොහොමද? මොකද තත්ත්වය’ කියමින් අතට අත දුන් රංජිත් අලුවිහාරේ මන්ත්‍රිවරයා වර්තමාන දේශපාලන තත්ත්වයද විමසා සිටියේය.
අපේ වැඩේ යනවා කියමින් ඊට ප්‍රතිචාර දැක්වූයේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩුලිප් විජේසේකර මහතාය.


ගෝඨාට එරෙහි නිතිමය කටයුතුවලට අතුරු තහනමක්


ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රජයේ මුදල් අවභාවිත කළ බවට සැකකෙරෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ නීති පියවර ගැනීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ලබන 6 දින දක්වා මෙය වලංගුවන අතර  අදාළ සිද්ධිය පිළිබඳව කටයුතු කිරීමට පොලීසියට ඉඩ ලබා දෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන නියෝගය අද (29) දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල ඊයේ දිනයේ කියා සිටියේ මේ පිළිබඳව අද දිනයේ තීන්දුවක් ලබා දෙන බවයි.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ රජයේ මුදල් මිලියන 90 ක් අව භාවිතා කළ බව කියමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සූදානම් වන බවයි.

ඒ සඳහා පොදු දේපල පනත යටතේ සහතිකයක් මේ වන විටත් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති බවටද ජනාධිපති නීතිඥවරයා මෙහිදී සඳහන් කළේය.

මෙය මුළුමනින්ම සිවිල් ගණුදෙණුවක් බවද රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වා තිබූ අතර පොදු දේපල පනත යටතේ සහතිකයක් ඉදිරිපත් කර ඇත්තේ පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කිරීමේ චේතනාවෙන් බව ජනාධිපති නීතිඥවරයා ඊයේ දිනයේ සඳහන් කළේය.

ජනපතිතුමගේ නම සදහන් වංචාව ගැන එව්වොත් නරකද?

ජනාධිපතිතුමාත් සිය නම සදහන් ඔස්ට්‍රේලියානු සමාගමේ මිලියන 345.00ක වංචාව ගැන සහය වුනොත් නරකද?


ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගැන මේ අය කියපුවා ඇත්තද ?


එදා රටක් කාපු මුන් අද කොතනද ඉන්නේ ?

තීරණය ජනතාවට භාරයි……


මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...