Thursday, November 16, 2017

ප්‍රැන්සිස් පාප්වහන්සේ වෙත Lamborghini Huracan කාර් රථයක්



අති සුබෝපභෝගී කාර් නිෂ්පාදන සමාගමක ප්‍රධානීන් විසින් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ වෙත Lamborghini Huracan කාර් රථයක් පරිත්‍යාග කරමින් යතුරු ප්‍රධානය කරන ලදී.
මේ ඔබ දකින්නේ ඒ අවස්ථාවේ ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ විසින් එම යතුරු පිලිගෙන රථය ආසිරි ගැන්වු අවස්ථාවයි.
කෙසේ වුවත් මෙම රථය ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එයින් ලෑබෙන මුදල ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ අනුදැනුම ඇතිව සිදු කෙරෙන දයාවේ සේවාවන් වෙනුවෙන් යොදවනු ඇත.
මේ අවස්ථාවේ දී පාප්වහන්සේ විසින් කාර් රථයේ ඉදිරිපස තම අත්සන යොදන ලද අතර මෙහි තවත් විශේෂත්වයක් වනුයේ එම රථය ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ භාවිතා කරන වර්ණයන් වන සුදු, කහ-රන්වන් පාට වලින් යුක්ත වීමයි.
තවද මෙම රථයේ ආරම්භක මිල ලෙස යූරෝ 183,000 සදහන් වේ. නමුත් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ වෙනුවෙන් නිෂ්පාදිත මෙම රථය ඊට වඩා වැඩි මිලකට වෙන්දේසි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ මාධ්‍ය ඒකකය විසින් කල නිවේදනයක් අනුව මෙමගින් ලැබෙන මුදල් වලින් කොටසක් "Aid to the Church in Need" දයාවේ ආයතනය වෙත යොමු කෙරේ. ඒ මුදල් වලින් ඉරාකයේ දිලිදන් වෙනුවෙන් නිවාස ඉදිකිරීම සදහා, දේවස්ථාන ගොඩනැගීමට යෙදවෙ.
තවත් කොටසක් විසතුන්වන ජුවාම් පාප්වහන්සේ ගේ නමින් ස්ථාපිත ( "John XXIII Community") ලමා සහ කාන්තා අභිවෘද්ධි, අධ්‍යාපන සහ ප්‍රතිකාර
සරණ කටයුතු වලට යොමු කිරීමට නියමිතය.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...