Friday, November 10, 2017

බැඳුම්කර කොමිසම ගැන අහන්න එජාප පසුපෙළ ජනපති හමුවට




මහ බැංකු බැඳුම්කර සිද්ධිය සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමට දොෂාරෝපණය කරන ආණ්‌ඩු පක්‌ෂයේ පිරිස්‌ කවුරුන්දැයි හෙළි කර ගැනීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට එක්‌සත් ජාතික පක්‌ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇත.

බැඳුම්කර කොමිසම පත් කිරීම සම්බන්ධයෙන් දොස්‌ කිව්වේ කවුද? ඒ කවදාද? කොතැනදීද? පැහැදිලි කර ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා ජනාධිපතිවරයා හමුවීමට දිනයක්‌ හා වෙලාවක්‌ ඉල්ලා මේ සතියේදීම ලිපියක්‌ යොමු කරන බවත් එක්‌සත් ජාතික පක්‌ෂ මන්ත්‍රී චමින්ද විඡේසිරි මහතා පැවසීය.

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවර්ෂ පූර්ණ ගුණ සමරුවේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම කරුණු පැහැදිලි කර ගැනීම එජාප මන්ත්‍රීවරුන්ගේ අපේක්‌ෂාව වේ.

''මහ බැංකු බැඳුම්කර සිදුවීම සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කළ නිසා මට ආණ්ඩුවේම අය දැන් පහරදෙනවා'' යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම ගුණ සමරු උළෙලදී පැවසීය.

කෙසේ වෙතත් මීට සති දෙකකට පෙර ජනාධිපතිවරයා හමු වූ අවස්‌ථාවේදී ඔහු එවැනි කාරණයක්‌ හෙළි නොකළ බවත් හදිසියේම සිදු කළ මෙම ප්‍රකාශය ගැන සත්‍ය දැන ගැනීම අත්‍යවශ්‍ය බවත් චමින්ද විඡේසිරි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීවේය...


No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...