Tuesday, November 14, 2017

සිම්බාබ්වේ හමුදා කුමන්ත්‍රණයක්


සිම්බාබ්වේ ආණ්ඩුවේ රුපවාහිනී මධ්‍යස්ථානයට එරට හමුදාව කඩා වැදී ඊයේ රාත්‍රී එය අල්ලාගෙන තිබෙන අතර එහි ජනාධිපතිවරයාගේ නිවස අසලින් වෙඩි හඬ ඇසුණු බව වාර්තා වේ.
අග නුවර වන හරාරි නගරයෙන්ද පිපිරුම් හඬ ඇසුණු බව ජාත්‍යන්තර මාධ්‍ය කියයි .ඊයේ දවස පුරා නගරයට යුධ ටැංකි පැමිණ තිබේ.

සිම්බාබ්වේ තිබු බ්‍රිතාන්‍ය පාලනය පරදා බලයට පැමිනි රොබට් මුගාබේ එක දිගට අවුරුදු 37 ක් රට පාලනය කර තිබේ.

ඔහුගේ පාලනය සමය තුල ආර්ථිකය මහා පරිමාණයෙන් කඩා වැටි ඇත.

ගිය සතියේ එරට උප ජනාධිපතිවරයා එම තනතුරෙන් මුගාබේ විසින් නෙරපා හැරීම නිසා රට අස්ථාවර වී තිබේ. එරට හමුදාපතිවරයා එයට දැඩි ලෙස විරෝධය පළකර තිබිණ

අවුරුදු 96 ක් වයසැති මුගාබේ රටේ පාලනය සිය බිරිඳට භාර දීමේ අරමුණෙන් උප ජනාධිපතිවරයා ඉවත් කල බවට චෝදනා නැගී තිබේ 

.මුගාබේ සහ බිරිඳ ආරක්ෂිතව සිටින බව හමුදාව නිවේදනය කර තිබෙනවා. නමුත් ඔහුට ජනාධිපති කියා හඳුන්වා නැහැ. ඔවුන්ගේ නිවාස තුල රඳවා තබා ගෙන ඇති .ඉවත් කල උප ජනාධිපතිවරයා ජනාධිපති ලෙස වැඩ භාරගැනීමට හමුදාව ඔහුට සහය දීමට ඉඩ තිබෙනවා


No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...