Saturday, November 25, 2017

කොළේ ඉරාගෙන== හත් පොළේ ගාගෙන== දැන් අඬන ජනපති


ජනාධිපතිවරයා ඊයේ සැර කතාවක් කළේය. එජාපය සමඟ තිබෙන සම්බන්ධතාවයට ඉර ගැහුව.’මේ කතා කියන්නෙ ජනාධිපතිවරයාගේම පාර්ශ්වයේ උදවියමය.විශේෂ්යෙන්ම සිරස නාලිකාව මේකෙන් චූන් වූ බවක් පෙන්වයි..ඔව් එහෙම චූන් වූ බවක් පෙන්වීම ඔවුන් කළ යුතුය. මොකද මේ කතාව කියන්නැයි ජනපතිට ලියා දුන්නෙ සිරසේ මහරාජා විසින්ය.ජනපති නටන්නේ කිලී මහරාජාගේ පදයටය ජනපතිට ඉන් ගැලවීමේ මාර්ගයක් දැන් ඇත්තේ නැත.ගැලවෙන්න වුවමනාවක්ද නැත. මොකද ඒ පවුල ගොඩ දා දීම මහරාජා විසින් සිදු කරමින් සිටින නිසාය 2025 තෙක් ජනපති පු‍ටුව මෛත්‍රීට ආරක්ෂාකර දීම මහරාජා ලබා දුන් පොරොන්දුවයි. ඒ වෙනුවෙන් රනිල්ව පන්නා එජාපයේ නායකත්වයට මහරාජාගේම තවත් රූකඩයක් වූ සජිත් ප්‍රේමදාසව පත් කර ගැනීමට මෛත්‍රී උදව් කරනු ඇත. සජිත්ට අගමැති ධුරයට පත් කිරීමෙන් ඒ සිදු කළ හැක එහෙත් ඊට 2020 වන තෙක් සිටිමට සිදුවනුද ඇත.. එතෙක් එජාපය හා අර්බුධ හදා ගැනීම එජාය අර්බුදයට යැවීම මෛත්‍රී කළ යුතුය. මේ සිදු වෙමින් පවතින්න්නෙ එයය. ඇත්තම කතන්දරය එයය.

තමන් ජනවාරි 08 වෙනිදා ට පෙර ජනතාව හමුවේ ලබා දුන් පොරොන්දු කිසිවක් දැන් මෛත්‍රීට මතක නැත. ජනවාරි 08 වෙනිද කිව් කතා දැන් මතක නැත. සොභිත හාමුදුරුවන්ගේ දේහය ඉදිරියේ ලබා දුන් පොරොන්දු මතක නැත. ඊයේ ඇසුනේ ඒ බලයට කැදර වූ මිනිසෙකුගේ අඳෝනාවකි. කොළේ ඉරාගෙන තිබෙන්නෙ ‍මෛත්‍රීය..හත් පොලේ ගාගෙන තිබෙන්නේ මෛත්‍රීය..දැන් අඬන්නේද මෛත්‍රීය.

බලයට පත් වූ දා සිට හොර තක්කඩි ආරක්ෂා කලේ මෛත්‍රීය. රාජපක්ෂ වරුන් ආරක්ෂා කලේ මෛත්‍රීය ගෝටාව කිසි ගැටලුවක් නොමැතිව හිරේ දැමිය හැකි නඩුවක් වන වීරකැටියේ රාජපක්ෂ සොහොන ඉදිකිරීමේ නඩුව කල් යවමින් ගෝටාව අත් අඩංගුවට ගැනීම වලකන්නෙ මෛත්‍රීය.. නිතිපති දෙපාර්තමේන්තුවට තමන්ට නැටවිය හැකි නීතිපතිවරයකු දමා ඒ නඩු සියල්ල යට ගැසීමට කටයුතු කරන්නේ මෛත්‍රීය.

ඉතිං මෛත්‍රී ඔහොම යන්න තමන් දූෂණයට වංචාව එරෙහිය, තමන්ට තවත් චෝදනා කළොත් ඒ වෙනුවෙන් ඔය තනතුරෙන් අයින් වෙලා පාරට බහින්නවා යැයි වැල් බයිලා නොදඩන්න ඒ වැඩේ තමුන්ව බලයට පත් කරපු 62 ය විසින්ම කරනු ඇත. තම බාර ගත් වැඩේ වෙනුවට වෙන ගේම් ගසා පවුලේ බඩගොස්තරය ගැන උන්නන්දුවීම හැර තමුන් කළ වෙන කෙන්ගෙඩියක් නැති බව තමුන්ටම තේරෙනවාට සැකයක් නැත. මේ ටික කාලයට ‍රැස් කරගත් දේවල් දිහා බලන්න.මහරාජා සමඟ කළ සෙල්ලම් දිහා අපහු බලන්න .ඒ ටික සාක්ෂි ලෙස හොඳටම ප්‍රමානවත්ය. ආයේ අමුතුවෙන් රාජපක්ෂලා සමඟ දීග යන්නම ඕනෑ නැත..ඒ තමන්ගේ මිනී පෙට්ටියට ගසන අවසන් ඇනය පමනක් වනු ඇත. විලි ලැජ්ජාවක් කියා දෙයක් තිබේ නම් දැන් බය වී අඬන්නට කරුණු කාරනා ‍රැසක් තමුන් හමුවේ තිබේ.

තමුන් පොරොන්දු වූ කිසිවක් නොකිරීම ගැන 62 ලක්ෂයක ජනතාව කනාග‍ටුවන්නේ නැත.ඔවුන් ලැජ්ජා වන්නේද නැත. මන්ද ඔය පු‍ටුවේ වාඩි වූ සැනින් ලොක්කා තිරිසනා වන බව මේ ජනතාව ඉතා හොඳින් දැන ගෙන තමයි හංසයාට කතිරේ ගැහුවේ. මේ කාලකන්ණි ක්‍රමය වෙනස කිරීම තමයි ඔවුන්ගේ යෝජනාව සහ අපේක්ෂාව වුනේ ඒක තමුන්ට මළ පෙරේතකම වැහෙනන කලින් සිදු කර ගැනීම තමයි වුවමනාව වුනේ ඒත් සියල්ලට වඩා තමුන්ගේ ඒ මළ පෙරේත කම හිතුවාට වඩා වේගයෙන් වැඩුනා.. 62 ලක්ෂය දැනට පරාජය වී ඇත්තේ එතැනය. එහෙත් ඒ 62 ලක්ෂය මරණයට පත් වී නැත. එය අමතක නොකරන්න…

ඒ ජනතාවගේ ජයග්‍රහණය හැර වෙන කිසිවක් ඉදිරියේදී සිදු නොවනු ඇත.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...