Monday, November 6, 2017

තෙල් තිබිලත් වෙනිසියුලාවට වෙච්ච දේ

සියල්ල රජය විසින් පවත්වාගෙන යන ප්‍රතිපත්තියක් අනුගමනය කරන වෙනිසියුලාව හදිසියේම සශ්‍රික වීම නිසා බොලිවාර් ලක්ෂයේ නෝට්ටුවක් නිකුත් කර තිබේ.

එයට හේතුව වී තිබෙන්නේ එදිනෙදාට අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීම සඳහා සාමාන්‍ය මිනිසාට මුදල් නෝට්ටු මල්ලක් රැගෙන යාමට සිදුවී තිබීම වැලැක්වීම සඳහාය .

වසරකට පෙර වෙනිසියුලාවේ තිබුණු ඉහල මුදල් නෝට්ටුව බොලිවාර් 100 විය. ඉන්පසු ගතවූ මාස 12 තුලදී බොලිවාර් 5000 නොට්ටුවක්ද බොලිවාර් 20000 නෝට්ටුවක්ද වෙනිසියුලානු මහබැංකුව විසින් නිකුත් කරනු ලැබිය .

ඉකුත් බදාදා සිට නිකුත් කළ බොලිවාර් ලක්ෂයේ නෝට්ටුවේ වටිනාකම ඇමරිකානු ඩොලර් 2 ශත 42 කි. ලංකා මුදලින් දැක්වුවහොත් රු.450 කට ආසන්න මුදලකි .
මෙනිසියුලානු ආර්ථිකය මෙසේ කඩා වැටෙමින් තිබෙන්නේ දිනකට තෙල් බැරල් 19 ලක්ෂයක් නිපදවද්දිය .
ඇමරිකාව විසින් පනවා ඇති සම්බාධක නිසා මෙන්ම පසු ගිය කාලයේ තෙල් මිල පහත යාම නිසාද වෙනිසියුලාව මෙවැනි ආර්ථික අර්බුදයකට මුහුණ දීමට බලපෑ හේතු දෙකකි.

තෙල් නැති ලංකාවේද වෙනිසියුලානු පන්නයේ ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව කියන සමාජවාදීන් මෙහි සිටිති.ජවිපෙ ආර්ථික ප්‍රතිපත්තියද වෙනිසියුලාවට බොහෝ දුරට සමානය.

අප එවැනි ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කළහොත් අපට ඇමරිකාව යුරෝපය පමණක් නොව ඉන්දියාවද සම්බාධක පනවනු ඇත...

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...