Tuesday, November 28, 2017

මහින්දගේ කොන්දේසි වලට එකඟ වෙන්නේ නෑ... ජනපතිගෙන් සහතිකයක්


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොන්දේසි වලට යටත්ව කිසිවිටක ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එකතු කිරීමට කටයුතු නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් සහතික වූ බව පුරවෙසි බලය සංවිධානයේ සම කැදවුම්කරු ගාමිණි වියන්ගොඩ පවසනවා.

පසුගිය 26 වෙනිදා ජනාධිපති මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවකදි ජනාධිපතිවරයා මෙම සහතිකය සිවිල් සංවිධාන වෙත ලබා දුන් බවයි ඔහු සඳහන් කර සිටියේ.

“එතුමා කියපු දේ තමයි කැඩිලා තියන පක්ෂයක් එකතු කිරීමට යම්කිසි පිරිසක් උනන්දු වීම ප්‍රශ්නයක් නෙමෙයි කියන එක. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ කාගේ කොන්දේසි යටතේද එහෙම එක්සත් වෙන්නේ කියන එක. ඒකට ජනාධිපතිතුමා කෙලින්ම කිව්වා කිසිවිටක මහින්ද රාජපක්ෂගේ කොන්දේසි යටතේ එහෙම දෙයක් ඇති කරගන්නේ නැහැ කියලා. එතුමා 2015 යහපාලනය වෙනුවෙන් දීපු ප්‍රතිඥා වෙනුවෙන් එක දිගටම එක්සත් ජාතික පක්ෂය එක්ක පෙනී හිටිනවා කියලා එතුමා කිව්වා.”

“එතකොට අපි යෝජනා කළා ජනාධිපතිතුමා හා අගමැතිතුමා එකතු වෙලා සාකච්ඡා කරලා තම තමන්ගේ පක්ෂ වල යම් යම් ප්‍රකාශ කරන අය සම්බන්ධයෙන් යම් යම් ක්‍රියාමාර්ගයන් ගත යුතුයි කියලා,”එම විශේෂ සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියා.


No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...